ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. එතකොට ඒ සත්තො ගුහායං ගාථාවේ, මේ වෙලාවේ මම බැලුවේ, දැන් සඤ්ඤා, චේතනා කියන කොටස තමයි මම කල්පනා කළේ. ඒකේ අර ඡන්දය, රාගය කියන එක. එතකොට ඒ සඤ්ඤා, චේතනාවලින් ඉතින් ඡන්දරාගය ඒවා ඇති වෙනවා නම්, ඉතින් අපි දන්නවා සඤ්ඤා, චේතනාවලින් විඤ්ඤාණය ඇති වෙනවා.
දැන් භාවනාවට පෙර ම මට ඕන වෙලා තිබුණේ, අපි මාර්තු 1 වෙනිදා කළා නේ නිබ්බාන භාවනාව. ඒකේ පෙන්නුවා නේ අර උඩ ධාතු, පල්ලෙහා ඊට පස්සේ අපි අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයත් එක්ක, කිව්ව නේ අර අසූචි ගොඩකට අපි කැමති වුණා, වේදනාවේ ජරාවට, සඤ්ඤාවේ ජරාවට, ව්‍යාධියට, ඒවට කැමති නම් බිය වීම විය යුතුයි කියලා.
එතකොට දැන් එතන ඒ භාවනාවේ පෙන්නුවා, භය අගති, සෝක, කාම ආශ්‍රව කියන්නේ, විඤ්ඤාණ, සෝක, ජාති. එතකොට කෙනෙකුට ඉතින් සෝකය සෝකයට ගැළපෙනවා. ඉතින් ජාතිය, කාම ආශ්‍රව හොඳට වැටහෙනවා. එතකොට විඤ්ඤාණය භය අගතියට, එතකොට විඤ්ඤාණය, භය කියන එක තමයි මම හුඟක් කල්පනා කළේ.
ඉතින් අපි දන්නවා, විඤ්ඤාණය කියන එක සකස් වෙන්නේ, සංස්කාරවලින් අපි අත්තා කියලා ගත්තහම. එතකොට, මැද්දෙන් එනවා පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අත්තා කියලා. ඒක විඤ්ඤාණය සකස් වෙන්න එක support එකක්. ඊළඟට ආපහු අපි දන්නවා සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එනවා. ඒක දෙවෙනි කාරණය. ඊළඟට එනවා වේදනාවේ ඉඳන් චේතනාවට.
ඔන්න ඔය තුන් ධර්මයන්ගෙන් ආවහම තමයි චේතනාවේ ඉඳන් අපි යන්නේ විඤ්ඤාණය පැත්තට නිත්‍යයි කියලා එහෙම ඒක ඇති වෙන්නේ.
එතකොට දැන් ඔය සංස්කාරය කියන එක වෙනස් වෙනවා නම්, එතකොට දැන් බලන්න. ඔය අපිට පේනවා සංස්කාර අත්තා කියලා ගැනීම නිසයි අපිට අන්න අත්තා කියන කතාව ඔය තුන් ධර්මයන්ගෙන් අපි එන්නේ පරාමාසයේ ඉඳන් චේතනාවට තියෙන අත්තා කතාව වෙන්නේ. සංස්කාර වෙනස් වෙනවා නම් එතන ඒ අත්තා හෙල්ලෙනවා. එතකොට ඒක නිසා විඤ්ඤාණයේ සෙලවීමක් කියන එක තියෙනවා. බය වීමක් ඒකට තුඩු දෙනවා.
ඊළඟට ආපහු බලන්න මේ සඤ්ඤාව කියන එක. සඤ්ඤාව ජරා, එතකොට සඤ්ඤාව ජරා නිසා අපිට පේනවා ආපහු විඤ්ඤාණය හදාගන්න බෑ එතන සෙලවීමක් කියන එක ඒකෙත් තියෙනවා.
දැන් ඊළඟට ආපහු පේනවා, ඔන්න ඔය දෙකෙන් සෙලවෙනකොට, ඉතින් මේ විඤ්ඤාණයේ balance එක නැති වේගෙන යන්නේ. ඒ දෙකෙන් තමයි, අපිට අන්තිමට පේනවා ආපහු, මේ වේදනාව කියන එකටත් බලපානවා. එතකොට අපි දන්නවා, සුභයට නිත්‍යයි කියලා එක්කහු කරලායි සුඛයි කියන කතාව එන්නේ. එතකොට එහෙම නම් දැන් නිත්‍ය කතාව හෙල්ලුණා නේ. අත්තා කියන කෑල්ල වෙනස් වෙනවා නම්, සඤ්ඤාව ජරා කියලා තියෙනවා නම්, ඒ දෙක වෙනස් වෙනකොට, ඒ නිත්‍ය කතාව ගිහිල්ලා. විඤ්ඤාණය හැදෙන කාරණා තුනෙන් දෙකක් හෙලවිලා.
එහෙම නම් නිත්‍ය කතාව බැහැලා යනකොට අපිට පේනවා, ඒ සුභයට නිත්‍යයි කියලා එකතු කරන්න බෑ. එහෙනම් සුඛය කියන කතාව හෙලවෙනවා. ඒ කියන්නේ වේදනාවේ වෙනස් වීම, වේදනාවේ ජරා කියන කතාව එහෙම එතන ඒවායේ සම්බන්ධ වෙනවා.
ඉතින් ඔතනදි තමයි මනුස්සයෝ සාමාන්‍යයෙන් කියන්නේ, තමන්ගේ දරුවෝ එහෙම මැරිලා, මේ මට නම් දැන් තවදුරටත් ඉන්න ඕන නැහැ, ඇති වැඩක් නැහැ කියලා. පේනවා ද, අර නිත්‍ය කතාව, සංස්කාර වෙනස් වීම නිසා, අන්න අනිත් කාරණා දෙකට ඒක බලපාලා. ඒ කියන්නේ විඤ්ඤාණය හැදෙන කාරණා දෙකට ඒක බලපාලා, ඒක නිසා වේදනාවේ වෙනස කියන එක තියෙනවා.
ඉතින් ඔය තුන් ධර්මයන් ඔය විදිහට වෙනවා. ඔන්න ඔය imbalance එක තමයි බ්‍රහ්මයාට එහෙම තියෙන්නේ. අනිත් අයටත් තියෙනවා. බ්‍රහ්මයාට තියෙන්නේත් ඔන්න ඔය imbalance එක.
ඒ කියන්නේ එයා හදන්න හදන, දැන් චිත්ත සංස්කාරවලින් ධ්‍යානය උපදවනවා නම්, ඒ උපදවන ධ්‍යානයට බලපාන්නා වූ දේ, අන්න සඤ්ඤා, වේදනා වාගේ වෙනස් වීම නිසා එතන බය කියන එක තියෙනවා. එතකොට මම හුඟක් ම බැලුවේ අද අර විඤ්ඤාණයයි, භය අගතියයි කියන දෙක එකට සම්බන්ධ කරලා ඒකේ ගැළපීම කියන එක.
එතකොට, ඒක තමයි මං කරපු භාවනාව.