ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. අද භාවනාවට කළේ, මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඊයේ අපි බැලුවා නේ අර imbalance කියන භාවනාව.
එතකොට ඒකේ අපි පෙන්නුවා, සංස්කාර නිසා අත්තා වෙලා, ඒ අත්තා නිසා පරාමාසයේ ඉඳන් චේතනාවට අත්තා. ඊට පස්සේ අපි ආපහු බැලුවා, සඤ්ඤාව නිසා චේතනාවට එනවා වේදනාව නිසා චේතනාවට එනවා. ඒ තුන් ධර්මයන්ගෙන් අර විඤ්ඤාණය නිත්‍යයි කියලා හැදෙනවා. එතකොට ඕකේ ඉතින් සංස්කාර අත්තා හෙල්ලෙනකොට, අපිට පේනවා ඉතින් අර පරාමාසයේ ඉඳන් චේතනාවට යන්නා වූ ඒ අත්තා, ඒක සෙලවෙනවා. ඒ විදිහට imbalance එක ඇති වෙනවා කියලා අපි බැලුවා.
එතකොට දැන් මේ imbalance එක මේ විදිහට ගිහිල්ලා, දැන් ඕක පටන් ගත්තේ “සත්තො ගුහායං” ගාථාවෙන් නේ. එතකොට ඒ සඤ්ඤාව අභිනන්දනා කරනවා නම් කියලයි අපි ඒක බැලුවේ නේ ද. ඡන්දය, රාගය ඒකේ තියෙනවා කියන එක. දැන් මේ imbalance එක මතක තියාගෙන ඒ ගාථාවෙ ඉතුරු ටික දිගට කරගෙන යන්න ඕනේ.
එතකොට, ඒ “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො.” තිට්ඨං කිව්වහම ඉතින් අපි සිටියා, රාග වශයෙන් රත් වෙලා සිටියා නේ ද, ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා සිටියා, ඔහොම ගිහිල්ලා අපි එනවා නේ මාන වශයෙන් නා නා ලම්බන වුණා කියලා. එතකොට අපි මාන වශයෙන් නා නා ලම්බන වෙන්නේ මොකට ද? මේ imbalance එකට. පවත්වන්න බැරි imbalance එකට තමයි, මේ නා නා ලම්බන වෙන්නේ. ඔන්න ඔතන බොහොම හොඳයි මනස. ඒ කියන්නේ අපිට නා නා ලම්බන වෙන්න දෙයක් නෑ. අර කාරණා තුන ම තමන්ට පේනවා නම්, සඤ්ඤාවෙන්, වේදනාවෙන්, ඉතින් ඔය අත්තා කියලා අරගෙන ඔය කාරණා තුනෙන් ඕක වෙන්න බැහැයි කියලා තේරෙනවා නම් හොඳට වැටහෙනවා.
දැන් ඊට පස්සේ මම ගියා ගාථාවෙ ඉතුරු කෑල්ලට. “දූරේ විවෙකා හි තථාවිධො සො.” ඉතින් අපි ඒක දන්නවා මේ පංචනීවරණයන්ගෙන් විවේකය තියෙනවා ප්‍රථමධ්‍යානයට ගිය එක්කෙනාට. දෙවෙනි ධ්‍යානයට ගිය එක්කෙනාට විතක්ක විචාරවලින් විවේකය තියෙනවා. තුන් වෙනි ධ්‍යානයට ගිය එක්කෙනාට ප්‍රීතියෙන් විවේකය. හතර වෙනි ධ්‍යානයට ගිය එක්කෙනාට සුඛ දුක කියන එකෙන් විවේකය.
අන්න එතෙන්දි ආවහම, දැන් ඉතින් imbalance එකේ අපි පෙන්නුවා නේ, මේ සුඛය කියන කතාව හිටින්නේ නෑ නේ. මොකද? අපි පෙන්නුවා අර කාරණා දෙකකින් අර imbalance එකට ආවා නම්, ඒ කියන්නේ සංස්කාර කරගන්න බෑ, දැන් සීයාට සංස්කාර කරගන්න බෑ. අපි ජරාව නිසා අපිට ඉස්සෙල්ලා වගේ කරන්න බෑ. එතකොට ඒ අත්තා වෙනස් වෙනකොට පරාමාසයේ ඉඳන් චේතනාවට එන අත්තා වෙනස් වෙනවා, ඒ imbalance එක. ඊළඟට ආපහු අපිට වෙනවා, දැන් සඤ්ඤාවේ ඉඳන් ඒ චේතනාවට, එතන සඤ්ඤාව reverse වෙලා. එතකොට මේ දෙක නිසා නිත්‍යභාවයක් නැත්නම් එහෙම නම් සුභයට නිත්‍ය එකතු කරන්නේ නැතිව සුඛ කතාව නැහැ.
එතකොට, එහෙම නම් අන්න ඔය point එකේදි දැන් අපිට චතුත්ථධ්‍යානයට ගිය එක්කෙනාට මෙන්න මේ imbalance එක නැති වෙනවා. ඒ කියන්නේ සුඛයි, දුකයි කියන කතාව යම් ආකාරයකට නැති වීමක් එතන නිසා දෙයක් තියෙනවා. සම්පූර්ණයෙන් නැති වෙනවා කියන එක නෙමෙයි. එතකොට එතන මනස හරි හොඳයි ඒ අවස්ථාවේ දී.
ඊට පස්සේ අපිට එනවා ආකාසානඤ්චායතනයට ගිය එක්කෙනාට, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා ඔය විදිහට විවේකය තියෙනවා නේ. අර “රූප සඤ්ඤා සමතික්කමා, නානත්ත සඤ්ඤා අමනසිකාරා, අනන්තො ආකාසො” කියලා යන්නේ. ඒ තුනෙන් තියෙනවා කියන එක.
දැන් බලන්න අපේ සිත සිටිනවා කියන අවස්ථාවේ දී අර පටිඝානුසයෙන් අසම්පජානකාරීත්වය එහෙම සුඛයි කියන එක එනවා නේ. ඉතින්, අපි ඔය භාවනාව කරලා තියෙනවා නේ ආකාසානඤ්චායතනයට යන එක් කෙනා ඕක පැන ගන්නවා කියන එක.
ඉතින් මේ විදිහට අර imbalance එක මතක තියාගෙන මේ භාවනාව කරගෙන යන්න පුළුවන්. බොහොම හොඳයි ඒ භාවනාව ඒ විදිහට කළහම. අන්තිමට අර මේ මගඵල ලාභියාට, සෝවාන් ඵල ලාභියාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, එතකොට අර අත්තා කතාව එහෙමත් යනවා නේ ද? අර එයාගේ සක්කාය දිට්ඨියත් එක්ක.
ඒක තමයි මං කරපු භාවනාව.