ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, අපි ඉගෙන ගත්තා imbalance කියලා භාවනාවක්. එතකොට, ඒ භාවනාව ම තමයි මම අදත් කරගෙන ගියේ. ඒකේ මට ඇහුණා ගාථාවක්.
“සුඛො විවෙකො තුට්‌ඨස්‌ස, සුතධම්මස්ස පස්සතො, අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ, පාණභූතෙසු සංයමො, සුඛා විරාගතා ලොකෙ, කාමානං සමතික්කමො, අස්මිමානස්ස යො විනයො, එතං වෙ පරමං සුඛන්ති.” කියන ඒ ගාථාව.
එතකොට ඒක, imbalance භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. මේ ගාථාවේ පෙන්නන්නේ මේ “සතුටු වූ ප්‍රකාශිත නිර්වාණ ධර්ම ඇති, විවේකය හෝ දැක්ක යුතු රහතන් වහන්සේට, නිර්වාණ සංඛ්‍යාත උපධි විවේකය සුව වෙනවා, නොකිපෙන බව සුව වෙනවා, ලොව ප්‍රාණීන් කෙරෙහි සංයමය සුව වෙනවා. ලොව ම කාමයන්ගේ යම් ඉක්මිමක් ඇති ද, ඒ විරාග බව සුව වෙනවා, අස්මිමානයාගේ දුරලීමක් ඇති ද, තෙල රහත් බව ඒකාන්තයෙන් ම පරම සුවය වෙනවා” කියලා.
එතකොට දැන් මේකෙ මේ imbalance එක සකස් වෙනවා. අපි දන්නවා විඤ්ඤාණය සකස් වීම කියන එක විමසලා බැලුවොත් ඒකේ තුන් ධර්මයක්, සඤ්ඤා, නාමරූප, පරාමාස. එතකොට සඤ්ඤාවෙන් චේතනාවට එනවා, වේදනා, නාමරූප, චේතනා. ඊළඟට පරාමාසයෙන් චේතනාවට අත්තා කියලා ඇවිල්ලා ඒකෙන් විඤ්ඤාණය, ඒක සැකසීම කියන එක සිද්ධ වෙනවා. අන්න ඒක විමසුවා.
ඉතින් එක මේ ගාථාව භාවිතා කරනවා නම් ඒ imbalance කියන එක නැති වෙනවා, අන්න ඒක වටහා ගන්න.
දැන් පළමුවෙන් ම ගත්තහම “සුඛො විවෙකො තුට්‌ඨස්‌ස, සුතධම්මස්ස පස්සතො” කිව්වහම, ධර්මය අසා ඇති දක්නා රහතන් වහන්සේට ප්‍රකාශිත නිර්වාණ ගුණ ඇති විවේකය සුව වෙනවා. විවේකය කිව්වහම අපි දන්නවා අර, “දූරේ විවෙකා හි තථාවිධො සො” කියලා අපි බලලා තියෙනවා. අන්න ඒ ආකාරයෙන් අපි හිතන්නට ඕන, උපධි විවේකයත් ඒකේ ඇතුළත්.
ඒක යන්තම් මතක් කරනවා නම්, අපි දන්නවා අර චිත්ත විවේකය එහෙම පෙන්නනවා, මේ පළමු ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා, දෙවන ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාට විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වෙනි ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාගෙ ප්‍රීතියෙන් වෙන් වෙනවා. සතර වෙනි ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාගෙ සුව දුක් දෙකෙන් වෙන් වෙනවා, ආකාසානඤ්චායතනයට සමවැදිච්ච එක්කෙනාගෙ සිත, රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤාවලින් වෙන් වෙනවා. ඔය විදිහට අපි සාකච්ඡා කරලා තියෙනවා.
ඉතින් සෝවාන් වූ පුද්ගලයාගේ සක්කාය දිට්ඨියෙන්, විචිකිච්ඡාවෙන්, සීලබ්බත පරාමාසයෙන් වෙන් වෙනවා කියලා. එතකොට, මේ විදිහට විවේකය වෙනවා නම්, ඉතින් මම හුඟක් ම උපධි විවේකයයි මම සිහි කළේ. එතකොට ඒ සඤ්ඤා, චේතනා කියන එක සිද්ධ වෙන්නේ නැහැ, සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන එක.
ඊළඟට දෙවනියට පෙන්නනවා “අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ, පාණභූතෙසු සංයමො” කියලා. මේ නොකිපෙන බව සුව වෙනවා. ලොව ප්‍රාණීන් කෙරෙහි සංයමය අවිහිංසාව සුව වෙනවා. අන්න එහෙම නම් අපි වේදනාවේ ඉඳන් චේතනාව දක්වා එන රේඛාව සිද්ධ වෙන්නේ නැහැයි කියන එක තියෙනවා. දැන් ඒ සීයා උණත් ඔය ප්‍රතිචාර දක්වන්නේ taste buds ගිහිල්ලා නේ. එතකොට ඒ වේදනාවේ ඉඳන් චේතනාවට එන ඒවා. අව්‍යාපාද ස්වභාවය තියෙනවා නම් ඒක කරන්නේ නැහැ.
ඊළඟට තුන් වෙනියට එනවා “සුඛා විරාගතා ලොකෙ, කාමානං සමතික්කමො,” ලොව කාමයන්ගෙන් යම් ඉක්මවීමක් ඇද්ද, එම විරාගය සුව වෙනවා. විඤ්ඤාණය නැවත උපදවන යම් සංකල්පයක්, සංකප්පයක් ඇති ද, එහි යම් නික්ම වීමක් ඇති ද, විරාගයක් වේ ද, එය සුව වෙනවා. අපි දන්නවා “සංකප්ප රාගො පුරිසස්ස කාමො.” එතකොට අපි දන්නව නේ plans, සංකප්පය, ලකුණු කරන තැන, නේ ද.
එතකොට ඒවා තමයි ඒ සංස්කාරයන් කියන ඒවා අපි ඉවතලනවා. එතකොට ඒවා ඉවතලනවා නම් ඉතින් අපි රාගයට එන්නේ නෑ. සංකප්ප රාගය, ඒකෙන් තමයි කාමය, ඒක ඇති වෙලා සිතෙන ස්වභාවය. එතකොට එහෙම නම් ඔතන බලන්නට ඕන අර සංස්කාර නිසා අපි imbalance ඒකේ පෙන්නා දුන්න නේ, ඒ කෑල්ල.
ඊළඟට හතර වෙනියට එනවා “අස්මිමානස්ස යො විනයො, එතං වෙ පරමං සුඛන්ති” අස්මිමානයාගේ යම් දුරලීමක් ඇති ද ඒක පරම සුඛය වෙනවා. ඉතින් එහෙම නම් පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා එන අත්තා කියන කතාව, ඒක නැති වෙනවා. ඉතින් ඒ විදිහට අර imbalance එක සම්පූර්ණයෙන් ඒ ගාථාවෙන් නැති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.