ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට කළේ, ඒ “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. ඒ වේදනාවේ ඡන්දය, රාගය කියන එක සිහි කළා. රූපය නිසා යම් සුඛයක් ඇති වන්නේ ද, එම සුඛයට ඡන්දය ඇති වෙනවා. මේක සාත, අසාත විදිහට සිතන්න ඕනේ. අපි දන්නවා මේ සාත, අසාත නිසා, “සාතං අසාතං යමාහු ලෝකේ, තමූප නිස්සාය පහොති ඡන්දො,” එතකොට අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕනෙ.
වේදනාවේ රාගය කියන එක සිහි කළා. එතෙන්දි අපිට කරුණු 3ක් විද්‍යාමාන වෙනවා. එකක් තමයි අර ස්පර්ශයේ ඉඳන් වේදනාවට එන 10% පාර, අනිත් එක තමයි, භය අගතියේ ඉඳන් වේදනාවට එන 40% පාර, දිට්ඨි අනුසය පාර, ඊළඟට ජාතියේ ඉඳන් වේදනාවට එන 50% පාර.
එතකොට මෙතෙන්දි මේ 40% පාර විශේෂිතයි. 4.4 දි සුඛය පරාමාසගත වුණා. 5.5 දි අත්තා යැයි කියලා ගත්තා. 6.6 දි දිට්ඨි අනුසය වෙනවා. මෙය වේදනාවේ රාගය ඇති වීමට තුඩු දිය. දැන් 7.7 දි නන්දි වීම ඇති වන්නේ එය උත්සන්නභාවයට පත් වෙනවා. එහෙම නම් අපිට අර bell shaped curve එකක් එනවා ඒ bell shaped curve එකේ මතක ද අපි අර A, B, C කියලා ලකුණු කළේ?
අන්න එතෙන්දි, දැන් ඔය A කියන point එකට එන්නේ, 6.6, අන්න වේදනාවේ රාගය හටගැනීම. එතකොට B කියන point එක, අර best එක කිව්වේ, අන්න එතන 7.7, උත්සන්නභාවය, peak එක කියන එක. ඊට පස්සේ අර C කියන point එක තියෙනවා නේ, මැරිලා යන තැන, එතන 8.2, අන්න 50% පාර. මිය ගියා වූ වේදනාව නැවතත් සෑදිය යුතුයි කියලා ගන්නා වූ තීරණය. ඔන්න ඔය විදිහට තමයි මේ වේදනාවේ රාගය කියන එක, අපි පෙන්නන්නේ bell shaped curve එකකින්.
ඉතින් මේ සඤ්ඤාවේ නම් අපි ඔය කලින් භාවිතා කළා නේ, පෙන්නා දුන්නා නේ මේ නන්දිය, රාගය කියන එක. මතකයි ඒක නේ ද? ඒක පෙන්නුවේ අර අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා, ඒකට ඡන්දය ඇති වෙනවා, මේක සඤ්ඤාවේ ඡන්දය වෙනවා. ඊළඟට මාන අනුසය මගින් ඒකෙ පහදිනවා. ඒ නිසා සඤ්ඤාවේ රාගය ඇති වෙනවා. සඤ්ඤා, වේදනා, අසම්පජාන රේඛාව තණ්හාව මගින් කැරකීම නිසා සඤ්ඤාවේ නන්දිය ඇති වෙනවා කියලා. ඉතින් ඒ රේඛාව කැරකුණා කියන්නේ, අර 47° න් කැරකීම. ඒක සිද්ධ වුණා කියලා නන්දිය සිහි කරනකොට ඉතින් සිතත් නතර වෙනවා. මේ පුහු මාන්නයක් නේ ද ඒ කියන එක.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්