ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. අද බැලුවේ රූපයේ ඡන්දය, රාගය. ඊයේ අපි වේදනාවේ ඡන්දය, රාගය බැලුවා නේ. එතකොට පළවෙනියට රූපයේ ඡන්දය සාත අසාත, මෙන් සිතන්න ඕනෑ. එතකොට රූපයේ රාගය කියන එක සිහි කළා. මෙතෙන්දිත් කාරණා තුනක් විද්‍යාමාන වෙනවා.
පළවෙනියෙන් ම අපි දන්නවා ඔය වේදනාව සුඛයි කියලා පරාමාසගත වෙනවා. ඊට පස්සේ අපි දන්නවා ඒ වගේ ම, පරාමාසය ඉඳන් ඉදංසච්චයට සුභයි කියන line එක ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට, නිත්‍යයි කියලා ගන්න එක. අන්න ඒක 6.2. ඊට පස්සේ අපි මෝහ අගතිය ඉඳන් පරාමාසයට නිත්‍යයි කියලා සංස්කාරයන් පරාමාසගත වීම කියන එක තියෙනවා.
එතකොට මෙතෙන්දි මේ 6.2 නිත්‍යභාවය කියන එක ප්‍රධාන වෙනවා. 4.4 දි සුඛය පරාමාසගත වුණා. 5.5 දි අපි අත්තා කියලා ගත්තා. හය වෙනි රවුමේ දී අත්තා යැයි ගත් දේ නිසා වූ ලාභය පවතී යැයි සිතනවා. මේ නිසා රූප විෂයයෙහි රාගය ඇති වෙනවා. එතකොට 6.4 වෙනකොට සුඛය පරාමාසගත වෙන්නේ එය උත්සන්නභාවයට පත් වෙනවා. Peak එක එනවා.
එතකොට එහෙම නම් අපිට පේනවා මේ bell shaped curve එකක් හැදෙනවා ආපහු. එතකොට, ඒ අර bell shaped curve එකේ A, B, C කියලා තියෙනවා නේ. එතකොට A කියන point එකට එන්නේ 6.2, ඒ කියන්නේ රූපයේ රාගය හටගැනීම. එතකොට, උඩ peak එක හැටියට එන්නේ, B කියන point එකට, 6.4 උත්සන්නභාවය. ඊට පස්සේ C කියන point එකේ ලියාගන්න ඕනෑ 7.1 කියන එක. ඒ රූපය ලබා ගැනීම සඳහා ක්‍රමය සෙවීම. ධම්මමච්ඡරිය. 7.1 මගින් චේතනා වීම සම්පූර්ණ වෙනවා.
ඉතින් මෙතෙන්දි අපිට පේනවා, 6.2 කියන්නේ නිත්‍ය කියලා. නිත්‍ය කියලා පටන් ගත්තා, අන්තිමට සුභ යැයි, කියලා මැරිලත් තියෙනවා කියන එක පේනවා. 7.1 වෙනකොට ඉතින් මැරිලා. එතකොට දැන් මේක අපිට පුළුවන් තව ටිකක් කල්පනා කරලා බලන්න. ඔය 6.4 දි රූපයේ නන්දි අගය වේදනාව ඉක්මවලා පැමිණිලා තියෙනවා කියලා අපි සක්කාය දිට්ඨි slide 4 වල ඉගෙන ගත්තා. එතකොට මේ නිසා 7.7 වේදනාවේ peak වීම කියන එක හොඳට වැටහෙනවා ඊයේ බලපු curve එක එක්ක.
එහෙම නම් අපිට ඔය curves දෙක ලියාගන්න පුළුවන් එකක් උඩ එකක්. ඒ කියන්නේ අපි හිතමු, අපි කහ පාටින් ලකුණු කරගන්නවා ඔය රූපයේ රාගය තියෙන curve එක, ඒ කියන්නේ 6.2, 6.4, 7.1. ඊට පස්සේ ඒකට උඩින් ඊට වඩා පොඩ්ඩක් ලොකුවට ලකුණු කරගන්නවා, gap එකක් තියලා, ඒ කියන්නේ 6.6, 7.7, 8.2, ඊයේ බලපු එක.
එතකොට දැන් බලන්න ඕකේ කාරණාවන් කෙනෙකුට භාවනාවට ගන්න පුළුවන් 6.2 කියලා කියන්නේ නිත්‍යයි කියලා පටන් ගන්නවා. එතකොට 6.6 කියන්නේ දිට්ඨි අනුසය, එහෙම නම් නිත්‍යයි කියපු එක අනුසය බවට පත් වුණා. දැන් අපි පෙන්නුවා, 6.4, යි 7.7 අතර සම්බන්ධතාවය. අර රූපයේ අගය නන්දිය ඉක්මවලා ඇවිල්ලා තියෙනවා.
එතකොට ඔය 7.7 කියන එකට, ඔය yellow curve එක සම්පූර්ණ curve එක ම බලපානවා. ඒකයි yellow පාටින් ලකුණු කරන්න කිව්වේ.
එතකොට දැන් ආපහු බලන්න. මැරිලා යන පැත්ත. 7.1, සුභ යැයි කියලා පටන් ගන්නේ. එතකොට 8.2 කියන්නේ නිත්‍යයි කියන එක. එතකොට එම රූපයෝ නිත්‍යයි, වේදනාව මැරෙන විට පවසා එම රූපයන් සොයාගෙන ගමන් කරනවා. ඒක හොඳට හිතලා බලන්න පුළුවන්. ඔය curves දෙකේ සම්බන්ධතාවය.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්