ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම කළේ අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. ඒ රූපයේ ඡන්දය, රාගය සිහි කළා. එතකොට ඒක මතකයි නේ ද, අපි ඊයේ බැලුවා, අර bell shaped curve එකේ 6.2, 6.4, 7.1. ඊට පස්සේ වේදනාවේ ඡන්දය, රාගය සිහි කළා. එතකොට වේදනාවේ රාගය අපි දන්නවා, 6.6, 7.7, 8.2. ඊට පස්සේ අපි එකක් උඩ එකක් ලකුණු කරගත්තා. ඒකේ අපි සාකච්ඡා කළා 6.2 නිත්‍යයි කියලා පටන් ගන්නවා, ඊට පස්සේ 6.6 වුණා. ඒ කියන්නේ ඒක අනුසය බවට පත් වුණා කියලා.
ඊට පස්සේ 6.4 උඩ peak එක. ඒක 7.7 බවට පත් වෙලා තියෙනවා. රූපයේ නන්දියේ අගය ඉක්මවලා ඇවිල්ලා. ඊට පස්සේ 7.1 සුභ යැයි පටන් ගත්තා, ඊට පස්සේ 8.2 එම රූපය නිත්‍යයි වේදනාව මැරෙන විට පවසලා එම රූපය සොයාගෙන යනවා කියලා, අපි ඒක සාකච්ඡා කළා.
එතකොට අපිට පේනවා එහෙම නම් 6.2 නිත්‍ය කියලා පටන් අරගෙන අවසානයේ දී නැවතත්, 8.2 නිත්‍යයි පවසනවා. මැද්දේ තියෙන්නේ සුඛ යැයි වරදවා වටහා ගැනීමත්, එම සුඛයට මැරී ඉපදීමට කැමති වීමත් ය. ඒ curve එකේ මැද බණ්ඩිය වගේ තියෙන්නේ මානය.
එතකොට මෙතෙන්දි අර 4 සලකුණ අනිත් පැත්තට ගැසිලා වරදවා වටහා ගැනීම සිදු වී ඇති බව දැක්කා. 4 සලකුණ reverse එකට ඇඳගත්තොත්. එතකොට ඉද්ධිපාද 4 භාවිතා කරන්නේ, නම් ඒ කියන්නේ පළවෙනි එක, ඡන්ද ඉද්ධිපාදය මගින් සුභ යැයි ගැනීම සිදු කරන සංස්කාර ඉවත් කරන්නේ විරිය ඒ සඳහා උදව් උපකාර කරනවා. සාත නොවිය යුතුයි. අසාත නොවිය යුතුයි. එතකොට අර 6.2 කියන එක ඉවත් කරනවා.
ඊළඟට, දෙවෙනියට පේනවා, විමංසා ඉද්ධිපාදය ඇත්තේ නම්, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා අර්ථයෙන්, සියලු සංස්කාර මගින්, උදාහරණයක් වශයෙන් පාණාතිපාත මගින් ඇති වෙන්නේ සුඛ නොව දුක බව දනී. අපි ඕක සාකච්ඡා කළා නේ. පාණාතිපාත කරන අයෙකුට මරණය දුකයි කියලා වැටහෙන්නේ නෑයි කියලා. එතකොට 7.7, බණ්ඩිය වගේ තියෙන එක, ඒක ඉවත් කරනවා.
ඊළඟට, තුන් වෙනියට විරිය ඉද්ධිපාදය ඇත්තේ, අලුත් සංස්කාර නොකරන්නේ, මිය ගියා වූ කොටස, ඒ කියන්නේ, 7.1, 8.2 curve එකේ පැත්ත නිසා නැවතත්, විඤ්ඤාණයක් නොසාදනවා. එහෙම නම් 8.2 කියන එක ඉවත් කරනවා.
ඊළඟට හතර වෙනියට, චිත්ත ඉද්ධිපාදය මගින් ඉහත තුන් ධර්මය මගින් යමක් පෙන්නා දුන්නා ද, එය පවත්වනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ පවත්වනවා කිව්වහම ඉවත් කිරීම කියන එක පවත්වනවා.
එතකොට, දැන් ඕක තමයි භාවනාව. දැන් ඕකේ බැලුවහම තමන්ට පේනවා ඔය ඡන්ද ඉද්ධිපාදය මගින් සාත අසාත, දෙක ම ඉවත් කරනවා. ඒ කියන්නේ කාමච්ඡන්දය ඉවත් වෙනවා. 6.2, 6.6 බලපෑම ඉවත් කරනවා කියන එක. දැන් බලන්න අර bell shaped curve එකේ අපි ගත්තොතින් එහෙම රූප, ඒකට හදපු. කහ පාටෙන් ලකුණු කර ගත්තේ, ඒකේ 6.2 නිත්‍යයි කියන කතාව නේ කියන්නේ. එතකොට ඒ සංස්කාර නිත්‍ය කියලා පරාමාස හරහා, අපි සඤ්ඤාවට එනවා. එතකොට ඒ සඤ්ඤාවෙන් පෙන්නන්නේ මොකක් ද? මේ රූපයට නේ සාතයි කියලා කියන්නේ. එතකොට ඒ කෑල්ල යනවා. සාත, අසාත, එකේ රූප කොටස කියන එක ඉවත් වෙනවා.
ඊළඟට බලන්න අර වේදනා සඳහා හදපු රාග තියෙන curve එක 6.6 න් පටන් ගන්නේ. එතකොට ඒක දිට්ඨි අනුසය. එතකොට එහෙම නම් අපි පහළ පැත්තෙන්, භය අගති ඉඳන් වේදනාවට එන ඒ කෑල්ල නැති වෙනවා. එතකොට එහෙම නම් අර සාතයි කියන එකේ දැන් “ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි.” එතකොට වේදනා කතාව ඒ පැත්තෙන් යනවා. එතකොට 6.2 න් රූප පැත්ත යනවා, 6.6 න් වේදනා පැත්ත යනවා. එහෙම නම් සාත කතාව නැති වෙනවා.
ඊළඟට තවත් එකක් පෙන්වා දෙන්න පුළුවන්. දැන් ඔය විමංසාව මගින් පදුට්ඨමනසඞ්කප්පය ඉවත් කිරීම කියන එක අපි පෙර සාකච්ඡා කර තියෙනවා. ඡන්ද, චිත්ත, විරිය, විමංසා ආශ්චර්ය අද්භූත ධර්ම කියලා බැලුවේ 15/05/2015 භාවනාවෙදි. Diagram එකක් එහෙම තියෙන්නේ.
එතකොට, අපි දැන් ටිකකට ඉස්සෙල්ලා පෙන්නුවා, මේ සුඛාපටිපදාව මගින් පෙන්වා දෙන ධර්මය. ඒ කියන්නේ, පාණාතිපාතය. ඒක නිසා මරණය දුක බව නොවැටහෙයි කියන ධර්මය. අන්න ඒක strong. අර පදුට්ඨමනසඞ්කප්පය ඉවත් කරන එකට වඩා, මේක strong. කුමක් නිසා ද? පදුට්ඨමනසඞ්කප්පය සෑදෙන ධර්මයෝ, දුක බව පෙන්වා දෙනවා. පෙර අගය සහ දැන් අගය සැසඳීම භයභෙරව slide 5 එකේදි බැලුවේ. අවශ්‍ය නොවන බව පෙන්වා දෙනවා. ඇයි ඉතින් පාණාතිපාතය කළහම දුකයි. අදත්තාදානය කළත් දුකයි. එහෙම නම් ඉතින් සසඳන්න දෙයක් නෑ. බැලුවා ම ඔක්කොම, කොයි සංස්කාරය කළත් දුක නම් ඉතින් සසඳන්න දෙයක් නෑ නේ. දුක්ඛ දෙකක් මොකක් ද සසඳන්න තියෙන්නේ?
ඉතින් මේක අරකට වඩා strong. එතකොට මෙතන මේ පථය ඇවිල්ලා තියෙන්නේ, නිකම් නෙමේ. ඡන්දයෙන් විමංසාව. විමංසාවෙන් විරිය. විරියෙන් චිත්තය. අනිත් පැත්තට යන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
මේ භාවනාවේ කෙනෙකුට ඉන්න පුළුවන් ඔය ඡන්ද සමාධියේ ඡන්ද ඉද්ධිපාදයේ ඒකේ කැමති කාලයක් ඉන්න පුළුවන්. විමංසාවේ කැමති කාලයක් ඉන්න පුළුවන්. ඡන්දයේ ඉන්නකොට බොහොම සැපට ඉන්න පුළුවන්කම තියෙනවා කිසිම ගැටීමක් එහෙම නැතිව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්