ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
02/04/2018 නිබ්බාන භාවනාවේදි ඡන්ද ඉද්ධිපාදය මගින් සාත අසාත, දෙක ම ඉවත් කරන බැවින්, කාමච්ඡන්දය ඉවත් වෙනවා. 6.2, 6.6 බලපෑම ඉවත් කරනවා කියලා සාකච්ඡා කළා.
එතෙන්දි අපිට අර curve එකක් වාගේ ආවා 6.2, ඒ curve එකෙන් අපිට පේනවා, රූපයේ රාගය, එතන පරාමාසයෙන් අර සඤ්ඤාවට ඇවිල්ලා, සඤ්ඤාවෙන් රූපයට යනවා. ඊට පස්සේ 6.6 curve එකේ අපි දන්නවා එතන වේදනාවේ රාගය, යට පැත්තෙන් දිට්ඨි අනුසය පාරෙන් වේදනාවට එනවා. මේ දෙක සාතයි කියලා කියනවා කියලා. එතකොට එතනදි විමංසාව මගින් පදුට්ඨමනසඞ්කප්පය ඉවත් කිරීමට වඩා සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙ තියෙන ධර්මය බොහොම strong කියලත් අපි පෙන්වා දුන්නා. විමංසාව එතන ඇති වෙන එක.
ඉතින් අද භාවනාවෙදි මෙනෙහි කළේ සංස්කාරවල ඡන්දය, රාගය. සංස්කාරවල රාගය හටගැනීම වේදනාවේ මරණය සමඟ වෙනවා. 8.2 දි වේදනාව මැරෙන විට එම රූපයෝ නිත්‍යයි පවසා එම රූපයන් සොයා යන බව කලින් සාකච්ඡා කළා. මෙහි දී එම රූපයන් ස්පර්ශ කිරීම සිදු වන අතර, එමගින් වේදනාවන් ඉපදවීමට තුඩු දීමක් වන්නේ සංස්කාරයාගේ ඡන්දය පළමුව ද, රූප ස්පර්ශ කිරීම සමඟ රාගය හටගැනීම ද සිදු වෙනවා. එහි උත්සන්නභාවය 8.7 දි සිදු වෙන අතර එයට මුළු වේදනා curve එක ම බලපානවා. එහි විනාසය 9.1 දී, වෙන රූපයන් කෙරෙහි වන මානය නිසා ම බැස යන්නේ, සංස්කාර විෂයයෙහි වූ රාගය ඉවත් වීම සිදු වෙනවා. මෙහි දී අලුත් රූපය නිසා පෙර රූපය සහ වේදනාව කෙරෙහි වූ ආලම්බන ස්වභාවය ඉක්මවා පැමිණීම සිදු වෙනවා.
එතකොට මෙතෙන්දි curve එක හැටියට ගත්තොතින්, එහෙම නම් අපි 8.2 දී ඒ curve එකේ පහළ පැත්තෙන් පටන් ගත්තොත්, A වලින් ටිකක් පහළින් ඇඳගන්න මේක bell shaped curve එකේ. එතකොට 8.7 තමයි peak එක. ඊට පස්සේ අර Cවලට උඩින්, ලකුණු කරගන්න වෙනවා, 9.1 කියන එක. එතකොට ඒ curve එක පොඩ්ඩක් වෙනස්. එතකොට 9.1 තියෙන්නේ අලුත් රූපය නිසා පෙර සංස්කාරය මිය යෑම.
එතකොට මේ විදිහට අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවා කියන එක පේනවා. ඒක අපි කලින් බලලා තියෙනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර කිව්වහම දැන් අපිට පේනවා, මෝහ අගතිය ඉඳන් එන එක තියෙනවා නේ පරාමාසයට. අර මාළුවා ඇදගෙන වැටිලා වරල ගහලා එහෙම කිව්වේ. එතකොට එන සඤ්ඤාව එතන අවිද්‍යාව, පවතිනවා කියලා තණ්හාව. ඒක තමයි සංස්කාරය. එතකොට ඒක අපිට පේනවා මෙතන 8.2 අවිද්‍යාව. ඒ කියන්නේ පවතිනවා, නිත්‍යයි. එතකොට 8.7 වෙනකොට, නන්දිය. ඒ කියන්නේ තණ්හාව. අන්න ඒ විදිහට අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන කතාව, එතන පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.