ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට බැලුවේ, ඒ සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. එතකොට විඤ්ඤාණයේ ඡන්දය, රාගය කියන එක සිහි කළා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති, අපි අර රූපයේ රාගය කලින් බැලුවා. 6.2, 6.4, 7.1 කියලා. ඊට පස්සේ අපි බැලුවා, වේදනාවේ රාගය 6.6, 7.7, 8.2 කියලා. ඊට පස්සේ අපි බැලුවා, සංස්කාරයේ රාගය 8.2, 8.7, 9.1 කියලා. අපි දන්නවා, රූපයේ එහෙම නම් ඡන්දය කියන එක සාත, අසාත ලෙස බලන්න ඕනෑ, එතකොට ඔය රාගය කියන එක තමයි ඔය 6.2, 6.4, 7.1 වශයෙන් බැලුවේ. එතකොට ඔය සංස්කාරවල ඡන්දය, 8.2. මේක සමඟ විඤ්ඤාණයේ ඡන්දය, කියන එක හටගන්නවා.
එතකොට විඤ්ඤාණයේ රාගය 8.3. ඒ කියන්නේ සුඛය සමඟ ඇති වෙනවා. ඒකේ peak එක 8.5, අත්තා යැයි ගැනීම සමඟ ඇති වෙනවා. එතකොට 8.7 වෙනකොට මැරී ඉපදීමට කැමැත්තක් ඇති වෙන්නේ විඤ්ඤාණයේ රාගය මිය යාමත් සමඟ ය. මෙසේ අසංඛත ලෝකයේ වාසය කරන සත්වයා, විඤ්ඤාණය නැවත ඉපදීමට කැමැත්තක් නැති නමුදු පෙර ගත්තා වූ රූප ලාභ වශයෙන් ගෙන ජීවත් වීම ඒ කියන්නේ නාමරූපවලින් වන විඤ්ඤාණය නොමැතිව ජීවත් වීම කියන එක සිද්ධ වෙනවා. අන්න ඒකත් වටහා ගැනීමත් මේකෙදි කරන්න පුළුවන්.
එතකොට එහෙම නම් දැන් අපිට පේනවා විඤ්ඤාණයේ රාගයට bell shaped curve එකක් එනවා. 8.3. ඒක තමයි සුඛය. A කියන point එක bell shaped curve එකේ. ඊට පස්සේ 8.5 peak එක අත්තා. ඊට පස්සේ 8.7 නන්දිය.
ඉතින් මේකේ දැන් ඔක්කොම කාරණා ටික සම්බන්ධ කරලා බලන්න. ඒ කියන්නේ අපි දන්නවා වේදනාවේ රාගය කියන එක අපි විමසනවා නම්, ඒක වට වශයෙන් සලකනකොට වැඩි ම කාලයක් පවතින බව වැටහෙනවා. ඇයි අපි 6.6, 7.7, 8.2. එතකොට 8.2, අපි දන්නවා, 50% පාර. එතකොට වේදනාව මිය යන විට නිත්‍යයි පවසා රූප සොයාගෙන යනවා. ඉතින් ඒක බලන්න, අපි දන්නවා ඔය සක්කාය දිට්ඨි table එකේ පෙන්නනවා නේ අර නන්දි අගය වේදනාවත් ඉක්මවලා ඇවිල්ලා තියෙනවා කියලා. එයා දැන් ස්පර්ශය පැත්තට නේ යන්න හදන්නේ, නේ ද? එතකොට, 50% පාර. එතකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ලාභියාත් භාවිතා කරනවා, අපි දන්නවා, 50% පාර.
එතකොට මෙසේ ඇති වෙන්නා වූ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. දැන් අපිට ටිකක් වැටහෙනවා බුදුහාමුදුරුවෝ තණ්හාව නිසා තමයි මේක ඇති වෙන්නේ කියන ප්‍රශ්නය. එතකොට 8.2 නිත්‍යයි. අවිද්‍යා ආශ්‍රව. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය වෙලා 50% පාර සංස්කාර මගින් උපදවන්නේ, සංස්කාරවල රාගය රූප ස්පර්ශ කිරීම සමඟ හටගන්නේ, විඤ්ඤාණය මගින් එය දැන ගැනීම කියන එක වන අතර, එහි රාගය 8.3, peak එක 8.5, අත්තා 8.7 වෙනකොට, ඒ කියන්නේ පළවෙනි රවුමේ දී ම, විඤ්ඤාණයේ රාගය මිය යන බව මෙනෙහි කිරීම වැදගත්. එක රවුමයි විඤ්ඤාණයට තියෙන්නේ. 8.3 න් පටන් ගත්තහම 8.7 වෙනකොට වැඩේ ඉවරයි.
එතකොට සංස්කාරවල අපි දන්නවා peak එක වෙනකොට, විඤ්ඤාණය මැරිලත් ඉවරයි. අන්න ඒකත් එක්ක තියෙන්නේ. ඒක හොඳට මෙනෙහි කරන්න.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්