ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඕගොල්ලන්ට මතක ඇති, අපි කලින් කළා, 18/04/2018 දා, විඤ්ඤාණ රාග භාවනාව. ඒකෙ අපි curve එකක් ඉගෙන ගත්තා, ඒ bell shaped curve එකේ 8.3 ඒක සුඛයි කියලා, විඤ්ඤාණයේ රාගය හටගැනීම, ඊට පස්සේ 8.5, අත්තා කියලා ගත්තා. ඒක තමයි peak එක. ඊට පස්සේ 8.7 වෙනකොට නන්දිය. එතකොට මැරිලා යනවා කියන එක පෙන්නනවා. ඒ කියන්නේ, සංස්කාරයේ peak එක වෙනකොට, විඤ්ඤාණය මැරිලත් ඉවරයි.
එතකොට හාලිද්දිකානි සූත්රයේ අපි ඉගෙන ගත්තා, “කාමෙහි රිත්තො.” අන්න ඒ වෙලාවේ පෙන්නනවා අපි අවිගත රාගො, අවිගත ඡන්දො. ඒ කියන්නේ මෙතන, රාගය පෙර, ඡන්දය පසුවයි කියන එක තියෙනවා. ඒ වගේ ම හය වෙනි රවුමේ දී මේක වෙන බව අපි පෙන්වා දීලත් තියෙනවා. අපි දැන් සාකච්ඡා කළා විඤ්ඤාණයේ ඡන්දය 8.2, රාගය 8.3. එතකොට ඒ දෙක මාරු වෙලා තියෙන්නේ. මේකේ වෙනස මොකක් ද? “කාමයෙහි රිත්තො,” කාමය හටගැනීමෙන් පසුව, එහි රාගය, ඡන්දය විමසනවා.
විඤ්ඤාණ රාගය, ඡන්දය ඉහත කාමයන් මගින් යම් දහමක් සෑදුණා ද, ඒ කියන්නේ, සඤ්ඤා, චේතනා වගේ, එයින් අනතුරුව, විඤ්ඤාණය කෙසේ හැසිර වේ ද, behaviour කියන එක තමයි මේ 8.3, 8.5, 8.7 කියන, මේ curve මගින් දැක් වෙන්නේ.
දැන් අපිට වැටහෙනවා මේ හාලිද්දිකානි සූත්රයේ තථාගතයන් වහන්සේ ඡන්දය, රාගය, නන්දිය යන order එක අර “අනොකසාරී” කියලා කියනකොට, විස්තර කරනවිට පැවසීම කියන එක, අපිට වැටහෙනවා. ඒ මොකද, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ යන තුන් ධර්මයන්ගෙන් ම ඡන්දය පළමුව, රාගය ඉන් අනතුරුව වෙන බව අපි සාකච්ඡා කරලා තියෙනවා. කුමක් නිසා කාමයන්ගේ රාගය පළමුව, ඡන්දය දෙවනුව යි පවසන්නේ ද?
යම් සංකල්පයක් සකස් කළා ද, ඒ පෙර සංස්කාරවල රාගය මගින් සිදු වෙයි. මේ නිසා ය. මෙසේ කාමයන්ගේ රාගය පළමුව වන්නේ ය. එතකොට අපි දන්නවා 8.2, 8.7, 9.1 curve එකත් එක්කයි ඒක සිද්ධ වන්නේ, නේ ද? එම සංස්කාරයන් මිය යන්නේ, එතකොට 9.1. නැවතත් සුභ වන්නේ, මාන වන්නේ, ඡන්දය ඇති වෙයි.
උදාහරණයක් වශයෙන් කියනවා නම්, මේ ලී ටික කිව්වහම, අන්න රාගය. ඒක මගින් මේ මේසය අලුත් රූප. එතකොට ඡන්දය 9.1. ඉතින් මේක තේරුම් ගන්න, අට වෙනි රවුම හිතන්න පළවෙනි රවුම හැටියට. එතකොට නම වෙනි රවුම හිතන්න දෙවෙනි රවුම වශයෙන්. අන්න එතකොට පේනවා රාගය, සංස්කාරවල රාගය මෙතන ආවා. මේ කාමයෙහි රාගය කියන එක ඊට පස්සේ ඡන්දය.
ඒක තමයි මං කරපු භාවනාව.