ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. විඤ්ඤාණ රාග 2 භාවනාව. ඒ කියන්නේ අපි දැක්කා, 8.3 එතන අර සුඛයි කියලා ගත්තා විඤ්ඤාණයේ රාගය, හටගත්තා. එතන 8.5, අත්තා කරගත්තා. එතෙන්දි තමයි peak එක. ඊට පස්සේ 8.7 වෙනකොට විඤ්ඤාණය මැරිලත් යනවා.
එතකොට ඒකෙන් අනතුරුව, විඤ්ඤාණය මගින් දැනගන්නේ, දුක නේ ද කියන එක සිහි කළා. එතකොට අපි 8.5, අත්තා කියලා ගෙන තියෙන්නේ, විඤ්ඤාණයේ නොගැළපීම. මේ වනකොට අපිට ථීනමිද්ධ කියන එක ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් සමඟ, 01/03/2018 නිබ්බාන භාවනාවේ diagram එකක් ඕගොල්ලන්ට මතක ඇති, ජාති, සෝක, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛ. මරණ, සෝක, උපායාස. ඒකේ අපි ඉගෙන ගත්තා මේ ජාතිය, සුතමය ප්‍රඥාව. ජාතිය දුක බව අපි අසා දැනගන්නවා. එතකොට ඊළඟට නෙක්ඛම්ම විතක්කය, අපි දන්නවා පිසුණා වාචයෙන් මෝහය වෙනවා. ඒ සමාපත්ති ඇති අය අතරට සමාපත්ති නැති අයකු නොගැළපෙයි කියලා සෝකය ළඟ. ඒ කියන්නේ විඤ්ඤාණයේ නොගැළපීම.
එතකොට නෙක්ඛම්ම පවිචාරය නොගැළපීම පහ කිරීමට හැකි වුණොත් අපි නිත්‍යභාවය ඉක්මවනවා. කාමෙසනා ප්‍රහාණය හැම ධ්‍යාන තලයක් ම ඉක්මවන්නේ විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කර නොගනී. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ තියෙන්නේ විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කරගත්තා.
එතකොට එතැනින් අපිට එනවා අර උඩ මරණය කියන තැන විඤ්ඤාණය නේ මරණය. එතන විඤ්ඤාණය සටහන් කරගත්තොත්, ඉතින් භාවනාමය ප්‍රඥාවෙන් මරණය දුකයි කියලා වැටහෙනවා. සෝකය කියන තැනට එනවා පග්ගහ නිමිත්ත. විඤ්ඤාණයේ නොගැළපීම අත්තා කරගෙන සිටියා ද නොගැළපීමට තුඩු දෙන්නා වූ ධර්මයෝ නොපවතින බව වටහා ගන්නවා.
එතකොට උපායාසය, එතන අපි දන්නවා, උපායාසය කියන්නේ විඤ්ඤාණයේ නොගැළපීම ඔඩු දිවීමක්. මෙම ඔඩු දිවීමට නන්දි වීම නොවටී. ඉතින් අපි එතැනින් ඉගෙන ගත්තා නන්දි වීම නොවටින්නේ නම්, දුක වන්නේ ද සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය කියලා.
ඉතින් දැන් අපිට මෙතන පේනවා, හතර කොනේ දුක්ඛය. ඒ කියන්නේ ජාති, උපායාස, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය, මරණය. ඔන්න ඕක සිහි කළා. අපි නිතර ම අතීතයේ හෝ අනාගතයේ ඉන්නවා. සංස්කාරවල රාගය 9.1. අලුත් රූප හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ අනාගත. යමක් කාපු ගමන් පෙර එක හොඳයි කියලා කියනවා. අර කැකිරි මාලුව වාගේ, ඒක අතීතයි. එතකොට හතර කොනේ තියෙන්නේ දුක්ඛය. ඒක ඇති අතර මැද සෝක විඤ්ඤාණයේ නොගැළපීම ඇත. මෙය අත්තා කරගෙන දුක් විඳිනවා.
ඉතින් මේක අවබෝධ කරගන්නවා නම් නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. ඉතින් අර bell shaped curve එකත් එක්ක හිතන්න. ඒකේ ඕන වෙලාවක, එක්කෝ අතීතයේ, දැන් present moment එකේ දැන් ගන්නේ දුක්ඛය. එක්කෝ අපි අතීතයේ ඉන්නවා, නැත්නම් අනාගතයේ ඒක තමයි තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.