ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම අද භාවනාවට කළේ අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. පටන් අරගෙන අද බැලුවේ, රූපයේ, වේදනාවේ ඡන්දය, රාගය, නන්දිය කියන එක. රූපයේ ඡන්දය “සාත, අසාත” ලෙස බැලිය යුතු බව අපි පෙර සාකච්ඡා කළා.
රූපයේ ඡන්දය 4.4, සුඛය පරාමාසගත වීම සමඟ ඇති වෙනවා. වේදනාවේ ඡන්දයත් 4.4, සඤ්ඤාවේ ඡන්දය පළවෙනි රවුමේ දී ඇති වෙනවා. ඒක අපි කලින් බලලා තියෙනවා.
එතකොට එතන සුභයි කියලා එනවා. එතකොට මේ දෙක අතර කුමක් වන්නේ ද? අපි දන්නවා, නිත්‍යයි. සුභයට නිත්‍ය එකතු කරලා සුඛයි. ඒක තුන් වෙනි රවුම. එතකොට ඒකෙන් අනතුරුව සුඛය පරාමාසගත වෙනවා.
ඊළඟට බැලුවා නන්දිය. රූපයේ නන්දිය. ඒකේ curve එක බැලුවා. අපි දන්නවා රූපයේ රාගය අවසන් වන්නේ 7.1. අන්න එතැනින් තමයි ඒක පටන් ගන්නේ. ඒ curve එකේ A කියන point එක එන්නේ, රාගය මැරිලා අන්න 7.1. 7.1 ඉඳන් 7.7ට යනකොට peak වෙනවා. වේදනාවේ curve එක වාගේ. 8.2 වෙනකොට රූපයේ නන්දිය මැරෙනවා. ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ 8.2 දි රූපයක් හොයාගෙන යනවා නේ. ඉතින් හම්බවුණාට පස්සේ නන්දිය මැරෙනවා නේ. මැරිලා ඉපදෙන්නට තිබෙන කැමැත්ත, ඒක මැරෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්