ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම අර රූපයේ නන්දිය කියන curve එක මම සිහි කළා. ඒක අපි කලින් සාකච්ඡා කළා. ඒ කියන්නේ 7.1, 7.7 වෙනකොට peak එක, ඊට පස්සේ 8.2. එතකොට මේක අපි වේදනා රාග curve එකත් එක්ක කලින් බලලා තියෙනවා. යම් වේදනා රාගයක හටගැනීමක් වේ ද, එය චේතනා වීමට උදව් උපකාර කරනවා කියලා.
එතකොට 8.2 කිව්වහම අපි දන්නවා, දුක්ඛ table එකේ අපි රූපය කරා ගමන් කරනවා. එතකොට 8.2 ස්පර්ශය සමඟ align වීම, ස්පර්ශය සමඟ align කර නන්දිය මැරී යන්නේ නම්, අපි දන්නවා 8.2 වෙනකොට, ඒ රූප නන්දි curve එක මැරෙනවා. මැරිලා යනවා නම්, එහෙම නම් ස්පර්ශයට හේත්තු කළ පමණින්, තල්ලු කළ පමණින් අපි එය බැලිය යුතු ද? එය භාවිතා කළ යුතු ද? එසේ කරන්නේ නම් මේ අවිද්‍යාව නේ ද? අපි යමක් පෙර කළා කියලා, දැන් ඒක ආපහු කරන්න අවශ්‍ය නෑ. කළ යුතු, ගත යුතු නෑ කියන එක තියෙනවා.
රූපයේ නන්දියෙන් පස්සේ ඇති වෙන්නේ දිට්ඨි උපාදානය. එතකොට මේ වන විට අපිට පේනවා මේ වේදනාව කියන එක ජාති වෙලා අවසානයි. මේකත් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා 02/04/2017 නිබ්බාන භාවනාවෙදි. මේ රූපය නිසා ජාතිය. දැන් මෙතෙන්දි අර 50% පාර බලපානවා. ඒ කියන්නේ ජාති, වේදනා කියන රේඛාව. මෙය මගින් අනාගත භවය දැඩිව ගන්නවා. මේ විදිහට සීලබ්බත උපාදාන. මේ නිසා භව තණ්හාව. එතකොට අපි දන්නවා ඔය භව තණ්හාව කියන එක ලකුණු කරන්නේ පරාමාසකායගන්ථය, භය අගතිය අතර.
එතකොට කොහොම ද මෙතෙන්දි භව තණ්හාව වෙන්නේ? ඒ නන්දි සහගත වූ ස්වභාවය මගින්, දිට්ඨි උපාදානය තුළ වූ කාරණා පෝෂිත කරනවා. එමගින් අත්තා යන දිට්ඨිය, නිත්‍ය සහගත ස්වභාවයකට එළඹෙනවා.
එහෙම නම්, අත්තා ඉඳන් නිත්‍යට යනවා. එතකොට අපි දන්නවා ඔය නිත්‍ය කියන එකේ පසු සඤ්ඤාව.
එතකොට පෙර තිබුණා වූ දේ, අලුත් රූප මගින්, වෙන වේදනා මගින් සිදු වන බව නන්දිය මගින් පෝෂිත කරනවා. මේ නිසායි. මෙසේ ඇති වෙන්නා වූ දිට්ඨි ආශ්‍රව මගින්, භව තණ්හාව වීම සිදු වෙනවා කියලා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ මගින් අත්තවාද උපාදාන වීමත් සිද්ධ වෙනවා.
එතකොට මෙතන පෙන්නුවේ, මේ රූපයේ නන්දි curve එකත් එක්ක අපි අර පෙර කරපු භාවනාව සම්බන්ධ කරලා පෙන්වා දුන්නා, මේ භව තණ්හාවෙන් මේක ඇති වෙන හැටි.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්