Date: 28/05/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා..

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වහන්සේ මැදිරිගිරිය අඹගස්වැව ශ්‍රී සුගතාරාම භූමියේ දී දේශනා කරපු ධර්මයක් මෙම බුදු ගෙය අසල භාවනා කරනකොට සිහි වුණා.

ඒකේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ, ඔයගොල්ලෝ දන්නවා, ඔය ඡන්ද සමාධි ප්‍රධාන සඞ්‌ඛාර සමන්නාගත ඉද්ධිපාදය. විරිය සමාධි ප්‍රධාන සඞ්‌ඛාර සමන්නාගත ඉද්ධිපාදය. චිත්ත සමාධි ප්‍රධාන සඞ්‌ඛාර සමන්නාගත ඉද්ධිපාදය. විමංසා සමාධි ප්‍රධාන සඞ්‌ඛාර සමන්නාගත ඉද්ධිපාදය.

එතකොට මේකේ මේ ඡන්ද සමාධි ප්‍රධාන සඞ්‌ඛාර සමන්නාගත ඉද්ධිපාදය කියලා කියන්නේ, ඡන්දය නිසා පැවති සමාධියේ සහ ප්‍රධාන සඞ්‌ඛාර සමන්නාගත ඉද්ධිපාදය කියන එක. එතකොට, මේ ඉද්ධිපාද 4 වඩන්නේ බහුලීකරණය කරන්නේ ඔහු නිර්වාණය සාක්ෂාත් කරයි.

මෙය කෙසේ වඩන්නේ ද? යමෙක් මුල් ගල තබන්නේ යම් ආකාරයකට ද එසේ වැඩිය යුතු ය. දැන් ගෙයක් හදනකොට මුල් ගල තියන්නේ. එනම් රූපය මගේ නොවන්නේ යැයි යන සමාධියෙන් සහ ප්‍රධාන සංස්කාරයෙන් සමන්නාගතව නිර්වාණය ම සුදුසුයි උතුම් යැයි යන සමාධිය ප්‍රමුඛ කොට ඡන්දය යන මුල් ගල තබයි.

මෙතන ප්‍රධාන සඞ්‌ඛාරය කියලා කිව්වහම අපි දන්නවා අර අසූචි පඨවි මගේ නොවෙයි යන චිත්ත සංස්කාරය අන්න ඒ විදිහට.

ඊළඟට වේදනාව මගේ නොවෙයි යන සමාධි සහ ප්‍රධාන සංස්කාරයෙන් සමන්නාගතව නිර්වාණය ම සුදුසුයි උතුම් යැයි යන සමාධිය ප්‍රමුඛ කොට ශ්‍රේෂ්ඨ කොට ඡන්දය යන මුල් ගල තබයි.

කුමක් නිසා ශ්‍රේෂ්ඨ යැයි පවසයි ද. යම් වේදනාවක් නිසා පෙර ඡන්දයක් තිබුණා ද එය අතපසු කොට එහි නිරෝධ ධර්මය සොයන නිසා ය. මෙසේ ම සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ මෙනෙහි කළ යුතු ය.

මෙසේ භාවිත වූ බහුලීකෘත වූ ඉද්ධිපාදයන් නිර්වාණය ම සාක්ෂාත් කරයි.