ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
01/02/2016 උපසමාධි අධිට්ඨාන භාවනාව කියන එක මෙනෙහි කළා. ඒකේ තියෙන්නේ ඔය ගිද්ධිලෝභ, ඡන්ද, ඒ ජරා. එතන ජරා කියන තැනට විමංසාව එනවා. ඊළඟට ජාතියේ ඉඳන් වේදනා දක්වා තියෙන රේඛාව, එතන අපිට පේනවා ජාතිය තියෙන තැනට විරිය කියන එක එනවා, ඒ වේදනාව කියන තැනට චිත්තය කියන එක එනවා, එතකොට මැද්දේ cross එකට තමයි ඡන්දය කියන එක ඇති වෙන්නේ.
අපි හිතමු, ඒක figure 1 කියලා. කාමච්ඡන්දය නිසා වෙච්ච ජරාවට විමංසාව මගින් කැරකැවීමට ඉඩ නොදීම කියන එක හොඳින් මෙනෙහි කළා.
ඒ කියන්නේ අපි දන්නවා ඔය ජරා, වේදනා අසම්පජාන රේඛාව කරකවලා තමයි මෙතන මේ ජාති කතාවට එන්නේ කියලා. ඉතින් ඔය ජාති, වේදනා රේඛාව දික් කළොත්, අපි චේතනාව දක්වා ගමන් කරනවා. එතකොට මෙහෙම විමසනකොට දෙවෙනි 4 සලකුණට මනස යොමු වුණා.
එතකොට දෙවෙනි 4 සලකුණ අපි කියමු figure 2 කියලා. ඒකේ තියෙනවා චේතනාව තියෙන තැන විමංසාව. පල්ලෙහා භය අගතිය තියෙන තැන චිත්තය. ඊළඟට දකුණු පැත්තේ ඉදංසච්චය තියෙන තැන විරිය. ඊට පස්සේ වේදනා තියෙන තැන ඡන්දය.
එතකොට figure 1 එකේ ජාතිය ඇති තැන ලකුණු කරන විරිය මගින් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන ඒවා ඉවත් කරනවා. Figure 2 වල ඉදංසච්චය ඇති තැන ලකුණු කරන විරිය, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවල රූපයේ best එක රූපය නැතිකම කියලා අවසානයේ දී නිර්වාණය තමයි හොඳ.
එහෙම නම්, figure 2 වල විරිය, ඒ කියන්නේ දෙවෙනි 4 සලකුණේ විරිය, figure 1 වල විරිය දක්වා පැමිණෙන්නේ නම්, ජාති නොවන තරමට එය strong වන බව පැහැදිලි වුණා. ඒ කියන්නේ ඉදංසච්චය තුළ සුඛ යැයි බොරුවට පවසන දේ ඉවත් කරන්නේ, කිසිවක් නිසා ජාති නොවේ කියන එක තියෙනවා.
දැන් එහෙම නම් අපිට පේනවා, ඒ ඉදංසච්චය ළඟ විරිය, ඊට පස්සේ භය අගතිය ළඟ චිත්තය. එතකොට එහෙම නම් ඒ පාර දිගේ එන්නේ නෑ කියන එක. මේකට අනතුරුව, figure 2 වල චිත්තය මගින් යම් දහමක් තමා කර නොපවත්නේ නම්, figure 1 වල දී වේදනා සඳහා හදන චිත්ත සංස්කාර නිසා වන වේදනා නිසා ජාති නොවන බව වැටහෙනවා. තව ද මේ සඳහා ඡන්ද ඉද්ධිපාදය උදව් කරන බව ද, වැටහෙනවා. කුමක් නිසා ද? නිර්වාණයෙන් පිට කිසිවක් නොගන්නා නිසායි. Figure 2 වල චේතනා, විමංසා ඇත්තේ, භවය සඳහා හෝ විභවය සඳහා හෝ චේතනා නොකරන්නේ නම් figure 1 වල ජරාවට පත් වීමක් නොවන බව ද වැටහෙනවා.
ඉතින් මේක බැලුවයින් පස්සේ අපිට පේනවා, ඔය figure 1 වල ජාතිය දක්වා එන පාරවල් තුනක් ම නවතලා තියෙනවා. ඒ කියන්නේ, චේතනාව ඉඳන් ජාති වෙන එක නැවතිලා තියෙනවා. ඊළඟට වේදනා ඉඳන් ජාති වෙන එක නතර වෙනවා. ඊළඟට අපිට පේනවා, ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකීමෙන් වන ජාති වෙන එක නවතනවා.
මේ තුන් ධර්මයන්ගෙන් ම ජාති වෙන එක නවතනවා නම්, රූපය මගේ යැයි නොගැනීමත්, ඉන් අනතුරුව වන ගිද්ධිලෝභ නොවීමත් වටහා ගන්න පුළුවන්. ඒක තමයි මං කරපු භාවනාව.
මේ ස්ථානයට කාශ්‍යප බුදුහාමුදුරුවෝ වැඩලා තියෙනවා. අර ගහක් තියෙන්නේ ආපු ගමන්, එතන එහා පැත්තේ වැඩලා ඉද්ධිපාද භාවනාව ම තමයි කියලා තියෙන්නේ. හොඳයි ඒක තමයි මං කරපු භාවනාව.