Date: 08/06/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට මෙනෙහි කළේ “උපධිනිදානා පභවන්ති දුක්ඛා” කියන ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාව. ඒකේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා,

“යං කිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං උපධි පච්චයාති.” ඒක එක අනුපස්සනාවක්. ඊළඟට පෙන්නනවා, “උපධි නං ත්වෙව අසෙස විරාගනිරොධා නත්ථි දුක්ඛස්ස සම්භවොති.” ඒක තව අනුපස්සනාවක්. එහෙම කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා,

“උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා. යො වෙ අවිද්‍යා උපධින් කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො. තස්මා පජානං උපධින් න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සීති.” 731 වෙනි ගාථාව. පිටුව 226.

මේ පෙන්නන්නේ “ලොව අනේක ස්වරූප වූ යම් දුක්ඛයෝ වෙත් ද, එයින් සාස්‍රවකර්ම සංඛ්‍යාත උපධි නිදානයෙන් උපදිනාහ. යම් අවිද්‍යාගතයෙක් එකැතින් සාස්‍රවකර්ම කෙරේ නම්, ඒ මන්ද ප්‍රඥා පුනපුනා සසර දුකට ම එයි. එහෙයින් සම්‍යක් ප්‍රඥායෙන් දන්නේ ඒ දුක්ඛය ජාති ප්‍රභවයයි දන්නේ, දක්නේ සාස්‍රවකර්ම නොකරන්නේ” යැයි කියලා කියනවා.

එතකොට අපි දන්නවා, උපධි කිව්වහම දස උපධි: ක්ලේශයෝ, ස්කන්ධයෝ, අභිසඞ්ඛාරයෝ උපධි කියලා කියනවා.

අභිසඞ්ඛාර කියලා කියන්නේ සංස්කාර පැවැත්මට කැමැත්ත. සංස්කාර නිසා විඤ්ඤාණය පැවැත්මට ඇති කැමැත්ත කාම සඤ්ඤාව. එහෙම නම් කාම සඤ්ඤාව කියන එක අපි ලකුණු කරගන්නවා ජරා වේදනා අසම්පජාන රේඛාවේ වේදනාවේ ඉඳන් අසම්පජානය දක්වා, කාම සඤ්ඤාව. සංස්කාර පැවැත්වීමට කැමති නම් අපි මාන පාරේ ගමන් කරනවා.

තව ද, ජරා වේදනා අසම්පජාන රේඛාව, ඒ කියන්නේ කාම සඤ්ඤාව තියන රේඛාව, කැරකැවීමට එය ම තුඩු දෙනවා. මෙය මෙසේ සිදු වන්නේ නම්, මෝහ ගලේ වැදී කුඩු වූවත් මාළුවා වරල ගසා පැවැතිය හැකි ය, යන මතය නිසා තමයි ඔය අවිද්‍යාවෙන් උල්පත විවෘත කරන්නේ. ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා 03/08/2015 නිබ්බාන භාවනාවෙදි. අවිද්‍යාවෙන් තණ්හාව, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියනකොට, අවිද්‍යා ප්‍රත්‍යයෙන් තණ්හාව කියන එක එතන තියෙනවා.

දැන් එතන එනකොට එහෙම නම් අපිට අර, මෝහයෙන් පරාමාසය, සඤ්ඤාව. එතන අපි දන්නවා, සඤ්ඤාව තියෙන තැන අවිද්‍යාව, එතනින් තණ්හාව කියන එකට හැදෙනවා.

එහෙම නම් උපධිනිදානා පභවන්ති දුක්ඛා කියන එක වැටහෙනවා. උපධි වශයෙන් තණ්හාව ගතහොත් චතුරාර්ය සත්‍යයේ තණ්හාව නිසා දුක්ඛ වීමත්, අභිසඞ්ඛාර නිසා අවිද්‍යා වීමත්, ඉහත අයුරින් වටහා ගන්නවා නම් උපධිනිදානා පභවන්ති දුක්ඛා කියන ගාථාව වැටහෙනවා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර යම් ආකාරය ද, එසේ ම උපධි නිදානයෙන් දුක්ඛය වටහා ගන්න ඕනෑ.

දැන් අපි මේ කළේ ගාථාවේ කොටසක් විතරයි, බාගයක් විතරයි. ඉතුරු බාගේ හෙට.

හොඳයි ඒකයි මම කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

AvijjaPaccayaSankara.jpg