Date: 09/06/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අර ඊයේ ගාථාව මම ආපහු බැලුවා. “උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා. යො වෙ අවිද්‍යා උපධින් කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො. තස්මා පජානං උපධින් න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සීති.”

ඊයේ භාවනාවෙදි අපි සාකච්ඡා කළා, අවිද්‍යාව මගින් තණ්හාව වීම කියන එක. ඒ කියන්නේ “යො වෙ අවිද්‍යා උපධින් කරොති.” අද භාවනාවෙදි බැලුවේ, “පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො, තස්මා පජානං උපධින් න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සීති.” කියන කොටස.

ඊයේ භාවනාවෙදි වටහා ගත් ධර්මය, ඒ කොටස නිසා යමෙක්, 28/05/2018 ඉද්ධිපාද භාවනාවෙදි සාකච්ඡා කළා, අර ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකැවීම කියන එක නොකරමි. ඕගොල්ලන්ට මතකයි, ඔය ජාතිය තියන තැන අපි විරිය කියන එක ලියාගත්තා. වේදනාව කියන තැන චිත්තය ලකුණු කරගත්තා. ජරාව කියන තැන විමංසාව ලකුණු කරගත්තා. එතකොට ගිද්ධිලෝභයයි ජරාවයි අතර ඒ cross එකේ, ජාතියේ ඉඳන් වේදනාව දක්වා ඡන්දය. එතකොට ඔය ජරා වේදනා රේඛාව දික් කළහම අපි එන්නේ අසම්පජානකාරීත්වයට.

එතකොට දැන්, ඇයි මේ අපි ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකැවීම නොකරන්නේ? කුමක් නිසා ද? පුනපුනා ඇති වෙන්නේ දුක්ඛය, “පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො.” ඒ දුක්ඛය කියන එක දන්නේ, දක්නේ, විරිය ඉද්ධිපාද මගින් පාණාතිපාත නවතා ඇත්තේ, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා අර්ථයෙන්, පාණාතිපාතය නිසා මරණය දුක බව නොවැටහීම යන්න පහව යන්නේ, නැවත එම දුක්ඛයට යෑම සඳහා චේතනා නොකරන බැවිනි. මෙසේ විමංසාව මගින් ජරාව නිසා ජාති වීම වළක්වනවා. මෙසේ “දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී” කියන එක වටහා ගන්න ඕනෑ.

ඉතින් මේක කළහම මනස බොහොම පුදුමාකාරයි, ප්‍රභාස්වරයි. ඔතන තියෙන්නේ අර පුනපුනා දුක්ඛය ම යි ඇති වෙන්නේ කියන එක, ඒක තමයි බොහොම strong point එක හැටියට එන්නේ. ඉතින් මේක බැලුවාහම පේනවා, අප්පණිහිත චෙතො විමුක්තිය මගින් සාක්ෂාත් කරන්නේ, ස්ථීර කරන්නේ, පෙන්නා දෙන්නේත් මෙහෙම නේ දැ යි කියලා වැටහෙනවා. ජරාවේ ඉඳන් ජාතියට යන්නේ නෑ. අර දුක්ඛය වටේට ම ඇවිල්ලා.

ඒක තමයි මං කරපු භාවනාව.