ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට කළේ, මට “අරි අට මගින් පටන් ගන්න” කියලා පැවැසුවා. එතකොට “කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි? යම්කො භික්ඛවෙ දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරෝධයෙ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඤාණං, අයං වුච්චති භික්ඛවෙ සම්මා දිට්ඨි.” දැන් මෙතෙන්දි පෙන්නන්නේ දුක්ඛෙ ඤාණං කියලා.
අපි දන්නවා සංස්කාර ඉවත් කළ විට ප්‍රඥාව. මින් අනතුරුව සඤ්ඤාව ඉවත් කළ විටයි ඥානය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ වගේ ම අපි දන්නවා, ආර්ය වූ සම්මා දිට්ඨිය. “කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි? අරිය අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා, යා කො භික්ඛවෙ අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, ප්‍රඥා, ප්‍රඥා ඉන්ද්‍රියං, ප්‍රඥා බලං, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා සම්මා දිට්ඨි මග්ගං. අයං වුච්චති භික්ඛවෙ සම්මා දිට්ඨි, අරිය අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා.”
දැන් අපි සංස්කාරයන් ඉවත් කරනවා නම්, ඒ කියන්නේ සම්පප්‍රලාප, මුසාවාද, ඒවා ඉවත් කරනවා නම් ප්‍රඥාව කියන එක ඇති වෙනවා. අනාශ්‍රව චිත්තයෙන් සිටිනවා නම්, චිත්ත සංස්කාර නෑ. උපධි ඇති වෙන සංස්කාර නැත. මෙසේ ඇති වෙන සම්මා දිට්ඨියෙන් සම්මා සමාධිය ඇති වෙන්නේ, ඉද්ධිපාද හතර සහිතවයි. සම්මා සමාධියෙන් සම්මා ඥානය. ඒක ඇති වෙනවා. මෙහි දී සඤ්ඤා ඉවත් කරනවා. කුමන සඤ්ඤා ද? ඊයේ සාකච්ඡා කළ අයුරින්, ජරාව නිසා ඇති වන ජාතිය ඇති වීමට තුඩු දෙන සඤ්ඤා බව පැවසිය යුතුයි.
මෙම සඤ්ඤා විමංසාව මගින් ඉවත් කරන්නේ, චේතනා නොකරයි. නැවත රූප නොසොයයි. නිවන සාක්ෂාත් කරයි. මෙසේ දුක්ඛෙ ඤාණං යන්න වටහා ගත යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.