Date: 12/06/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට කළේ, අපි 10/06/2018, නිබ්බාන, භාවනාව ම නැවතත් කරගෙන ගියා. “කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි? යම්කො භික්ඛවෙ දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං, දුක්ඛ නිරෝධයෙ ඤාණං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඤාණං, අයං වුච්චති භික්ඛවෙ සම්මා දිට්ඨි.”

එතකොට ඒ දුක්ඛෙ ඤාණං කිව්වහම, සංස්කාර ඉවත් කළහම සම්මා ප්‍රඥා. මින් අනතුරුව සඤ්ඤාව ඉවත් කළ හමයි ඥානය ඇති වෙන්නේ. එතකොට අපි දන්නවා, ආර්ය වූ සම්මා දිට්ඨිය. “අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, ප්‍රඥා, ප්‍රඥා ඉන්ද්‍රියං, ප්‍රඥා බලං, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගා සම්මා දිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ සම්මා දිට්ඨි, අරිය අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා.”

එතකොට අපි සංස්කාර ඉවත් කරනවා නම්, ඒ කියන්නේ සම්පප්‍රලාප, මුසාවාද, වාගේ ඉවත් කරනවා නම් ප්‍රඥාව ඇති වෙනවා. අනාශ්‍රව චිත්තයෙන් ඉන්නවා නම්, චිත්ත සංස්කාර නෑ. ඒ උපධි ඇති වෙන සංස්කාරයන් නෑ.

මෙතෙන්දි අපි මගඵල චිත්තය කියන එක නංවන්න ඕනෑ. දැන් තමන් ඵලය ලබාගෙන තියෙන්නේ යම් ආකාරයකට ද, ඒක නංවන්න ඕනෑ. අපි හිතමු තණ්හාව නිසා දුක ඇති වෙනවා. එහෙම නැත්නම් භවය නිසා ජාතිය, ජාතිය දුකයි. භව පච්චයා ජාති, ජාතිය දුකයි.

එතකොට එතෙන්දි අපි මිච්ඡා දිට්ඨිය හැර පියා “සම්මා දිට්ඨි උපසම්පජ්ජ විහරති.” උපසම්පජ්ජ විහරති කියන්නේ enter and remain කියන එකයි. අභිජ්ඣා හැර පියා, අනභිජ්ඣා වෙලා ඉන්නවා. ව්‍යාපාදය අත හැරලා අව්‍යාපාද වෙලා ඉන්නවා. මෙසේ ඇති වෙන සම්මා දිට්ඨියෙන් සම්මා සමාධිය ඇති වන්නේ, ඉද්ධිපාද 4 සහගතවයි.

සම්මා සමාධියෙන් සම්මා ඥානය. එතකොට මෙතෙන්දි සඤ්ඤා ඉවත් කරනවා. අපි මේක සාකච්ඡා කළා. මොන සඤ්ඤාවන් ද අපි ඉවත් කරන්නේ? ජරාව නිසා ඇති වෙන ජාතිය ඇති වීමට තුඩු දෙන සඤ්ඤා කියලා පවසන්න ඕනෑ. එතකොට මෙතෙන්දි ජරාවෝ, රූප ජරා, වේදනා ජරා, සඤ්ඤා ජරා, සංස්කාර ජරා, විඤ්ඤාණ ජරා, විදිහට සිහි කරන්න ඕනෑ. අර advanced program එකේ තියෙන විදිහට.

එතකොට මගඵල චිත්තයට සිත නංවන ලද්දේ, රූපය මගේ නොවේ, යන සමාධියෙන් සමන්නාගත වන්නේ ඵල චිත්තයට තුඩු දුන්නා වූ ධර්මයෝ ප්‍රධාන සංස්කාර ලෙස භාවිතා කරන්නේ, විපුල කරන්නේ, ඒ ඒ ඉද්ධිපාද මුල් කොට, ඒ කියන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමංසා ඉද්ධිපාද මුල් කොට, ප්‍රමුඛ කොට, මුල් ගල තබනවා, අර කාශ්‍යප බුදුහාමුදුරුවෝ කියපු විදිහට. ඒ කියන්නේ 28/05/2018 නිබ්බාන භාවනාවෙදි ගත්ත ආකාරයෙන් ඒ නිර්වාණය පසක් කරනවා කියන එක තමයි පෙන්නන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.