ඒ, පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාව පටන් ගත්තේ සත්‌තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “ සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
මේ වෙලාවෙදි, සඤ්ඤාවේ ඡන්දය, රාගය, නන්දිය කියන එක සිහි කළා. ඕක අපි සාකච්ඡා කරලා තියෙනවා 19/10/2017 නිබ්බාන භාවනාවෙදි. එතකොට අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මේකට ඡන්දය ඇති වෙනවා. මේක සඤ්ඤාවේ ඡන්දය නම් වෙනවා. මාන අනුසය මගින් එහි පහදිනවා. ඒක නිසා සඤ්ඤාවේ රාගය ඇති වෙනවා. ජරා වේදනා අසම්පජාන රේඛාව තණ්හාව මගින් කරකැවීම නිසා සඤ්ඤාවේ නන්දිය ඇති වෙනවා. මේ විදිහට මේ දිට්ඨි උපාදානය වෙලා ඒ සඤ්ඤාවේ උපාදාන වීම කියන එක පේනවා.
දිට්ඨි ඕඝය සඤ්ඤාවේ අධිට්ඨාන ධර්මය ලෙස ගත යුතුයි. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. මේ විදිහට අභිජ්ඣා වෙනවා. එම චිත්ත සංස්කාරයට ඇලීම, ඒ කියන්නේ අභිජ්ඣාවට ඇලීම සඤ්ඤාවේ අභිනිවේසය වෙනවා.
සඤ්ඤාවේ අනුසය ධර්මය ලෙස අවිද්‍යා අනුසය ගත යුතුයි. මෙතෙන්දි සියලු ම විපල්ලාසයන් ස්ථීර වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා ජරා වේදනා අසම්පජාන රේඛාව යට, ජරාවේ ඉඳන් වේදනා දක්වා අවිද්‍යා අනුසය, උඩ වේදනාවේ ඉඳන් අසම්පජානය දක්වා කාම සඤ්ඤා. ඉතින් ඕකෙන් අපිට පේනවා, දැන් පේනවා දිට්ඨි ඕඝය දක්වා යනවා කියලා සඤ්ඤා අධිට්ඨාන නේ ද?
දැන් ඊයේ භාවනාවෙදි අපි බැලුවා, සම්මා සමාධිය සම්මා ඥානය. මෙතෙන්දි සඤ්ඤාව ඉවත් කරනවා. කුමන සඤ්ඤා ද? අපි සාකච්ඡා කළා “ජරාව නිසා වන ජාතිය ඇති වීමට තුඩු දෙන සඤ්ඤා” කියලා. එතකොට දැන් එහෙම නම්, ජරා වේදනා අසම්පජාන රේඛාව කරකවනවා යනු, සඤ්ඤාවේ ඉඳන් චේතනාව දක්වා ගමන් කිරීමයි.
මෙතෙන්දි tea cup එක පේනවා. ඒ වගේ ම අපිට පේනවා පොල් කටු හැන්දක් වගේ.
මේ පොල් කටු හැන්දේ අර handle එක දිගට ම සම්බන්ධ වෙලා නෑ. ඒකේ එක පැත්තකින් විතරක් සම්බන්ධ වෙලා, සඤ්ඤාව තියෙන්නේ මැද්දේ නේ. එතකොට අපි දන්නවා චේතනාව පැත්ත, එතනින් කට්ට හැන්ද දැම්මා නම්, අර මැද්ද හරියට තියෙනවා සම්බන්ධ වෙලා, සඤ්ඤාව තියෙන තැනට. එතකොට සඤ්ඤාවේ ඉඳන් චේතනාව දක්වා යෑම යම් ආකාරයකට හැකිළෙන්නේ ද, එම ප්‍රමාණයට ජරාවේ ඉඳන් ජාතිය දක්වා යෑමත් හැකිළෙන බව වටහා ගන්න ඕනෑ. Handle එක ගැලවෙනවා නම්, ඒ විඤ්ඤාණයට බැස ගැනීමක් කළ නොහැක. මෙම handle එක ගැලවෙන්නේ නම්, ඒක ඔළුවෙන් දැනෙනවා. තමන්ට දැනෙනවා මේ ඔළුවේ කෑල්ල පාත් වෙලා ගිහිල්ලා වගේ, තමන්ට වම් පැත්තේ ඉඳන් පොල් කට්ටේ shape එකට මෙහෙම එනවා. දකුණු පැත්ත පාත් වෙලා කියලා දැනෙනවා.
දැන් අපි 02/12/2017 නිබ්බාන භාවනාවෙදි අපි ඉගෙන ගත්තා, කාමයේ වරදවා හැසිරීම, කාම සඤ්ඤා, එහි ඇලීම අභිනිවේසය. ඕක සම්බන්ධ කළා පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව කියලා. එතකොට, එහෙම නම් ජරා වේදනා අසම්පජාන රේඛාව, කාම සඤ්ඤා, ඒකෙන් අපිට අත්තා, ඒකේ පසු එක හැටියට අවිද්‍යා ආශ්‍රවය කියන එක එනවා.
එතකොට කාම සඤ්ඤාවේ උණුසුම, පරාමාසය තුළ තියෙනවා. එම සඤ්ඤාවන් උපදවන, කාමයේ වරදවා හැසිරීම වැනි සංස්කාරයන්ගේ ඇලීම මගින්, අත්තා වෙලා අවිද්‍යා ආශ්‍රව වීම අපි සාකච්ඡා කළා. එම උණුසුම දුක්ඛ නිරෝධ සත්‍යය මගින් පහ වෙන්න ඕනෑ. පරාමාසය කියන එක පහ වෙන්න ඕනෑ නේ.
එතකොට එතන, “න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤ සඤ්ඤී, නොපි අසඤ්ඤී න විභූතසඤ්ඤී. එවං සමෙතස්ස විභොති රූපං, සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා.” කියන ගාථාව සිහි වුණා.
“සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා” තණ්හා පපඤ්ච. දිට්ඨි පපඤ්ච කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. තණ්හා පපඤ්චය කියන්නේ මොකක් ද? ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකැවීම. අපි කතා කළේ ඕක කරකවන් නැති එක කියන එකයි. මේක නොවීමට නම් කොපමණ දුරකට සඤ්ඤාව අවබෝධ කරගත යුතු ද කියන ප්‍රශ්නය මට ආවා.
දැන් ගිරිමානන්ද සූත්‍රයේ දස සඤ්ඤාවක් තියෙනවා. පිළිතුර වෙන්නේ මොකක් ද? අධිට්ඨාන නොවෙන තරමට සඤ්ඤාව කියන එක අවබෝධ කරගත යුතුයි කියන එකයි. “අධිට්ඨාන.” ඒ වෙලාවේ “Excellent” කියලා කියනවා ඇහුණා රහතන් වහන්සේලා. අධිට්ඨාන නොවෙන වෙනවා නම් සිතට ස්ථාන වෙන්නේ නෑ. අර දිට්ඨි ඕඝය තියෙන්නේ. ආන්න ඒක ගැන කල්පනා කරන්න.
ඉතින් මේ සඤ්ඤාවේ කතාව, දැන් අපි බැලුවා නේ රාගය, ඡන්දය කියලා. ඉතින් ඔය කෑලි ටිකට නේ මේ යන්නේ ඔක්කොම ටික. එතකොට පරාමාසය සුද්ද වෙනවා නම්, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය මගින්, ඉතින් එහෙනම් අපි මේක කරකවන්න යන්නේ නෑ.
ඒක තමයි මං කරපු භාවනාව.