ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
London වල වැඩසටහනේ, යම්කිසි අයකු මගඵල ලබන අවස්ථාවේ විස්තර කරන ඒ ධර්මයත්, ඒ පුද්ගලයන් නිරෝධයට යනවා කියලා, ඒක සිහි වෙලා, ඒ සතිය සමඟ වම් පැත්තේ peak එක කියන එක ගැලවිලා ගියා. අපි ඕක පෙන්නුවා නේ, අර ඔළුවේ දෙපැත්තෙන් නේ ද? ගැලවිලා ගිහිල්ලා, ඉතින් ඒ ප්‍රීතිය ඇති වුණා.
ඒ මනස විශාල වෙලා, ඒ චිත්තානුපස්සනාවේ සඳහන් වන අනුත්තර චිත්තය, අනුත්තර චිත්තය කියන්නේ මේ ප්‍රඥාව කියන එක ඉහළට ම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතෙන්දි චිත්තානුපස්සනාව කියන එක සිද්ධ වුණා.
ඒකේ පෙන්නනවා මේ, “වීතරාගං වා චිත්තං, වීතරාගං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං, වීතමොහං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං, අනුත්තරං චිත්තන්ති පජානාති.”
එතකොට, ඒකෙන් අනතුරුව ආවා. “විමොචයං චිත්තං, අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී, අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී, අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්‌සී, අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී, අස්සසිස්සාමීති සික්ඛති”
මේ අනිච්චානුපස්සී, මෙතෙන්දි අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ slide 5 සමඟ සම්බන්ධ වෙනවා. ඒකේ අපි දන්නවා අර තුන් ධර්මයකින් ඇදිලා එනවා කියලා මේ පරාමාසකායගන්ථයෙන් ඉදංසච්චයට.
එතකොට, අනිත්‍යයි කියලා වැටහෙනවා නම්, දිට්ඨි ආශ්‍රව වෙන්නේ නෑ. දිට්ඨි ආශ්‍රව කියන්නේ නිත්‍යයි කියන එකේ පසු සඤ්ඤාව. එහෙම නම් දිට්ඨි ඕඝය ගැල වෙනවා. එහෙම නම් අපි 13/06/2018 නිබ්බාන භාවනාවේ සාකච්ඡා කළ දිට්ඨි ඕඝය, ඒ කියන්නේ සඤ්ඤාවේ අධිට්ඨානය කියන එක ගැලවෙනවා.
විරාගානුපස්සී, සඤ්ඤාවේ අභිනිවේසය කියන එක ගැලවෙනවා. අභිජ්ඣා වෙන්නේ නෑ. අපි පෙර සාකච්ඡා කළා, ඒ දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. මේ විදිහට අභිජ්ඣා වෙනවා. මෙම චිත්ත සංස්කාරයන්ට ඇලීම, ඒ කියන්නේ අභිජ්ඣාවට ඇලීම, සඤ්ඤාවේ අභිනිවේසය වෙනවා කියලා. මේ වනකොට මනස බොහොම ප්‍රභාස්වරයි.
නිරොධානුපස්‌සී, සඤ්ඤා නිරෝධ වන්නේ නම් නිරෝධය සිද්ධ වෙනවා. ඒ සිදු වන්නේ ස්පර්ශ නොවන්නේ නම් පමණි. මේ සිදු වන්නේ එක ම තලයක්වත් අල්ලා ගන්නේ නැති නම්.
ඒ කියන්නේ, “න සඤ්ඤසඤ්ඤී, න විසඤ්ඤ සඤ්ඤී. නොපි අසඤ්ඤී, න විභූතසඤ්ඤී. එවං සමෙතස්ස, විභොති රූපං. සඤ්ඤානිදානා හි, පපඤ්‌චසඞ්‌ඛා.”
එතකොට මේකේ පෙන්නන්නේ, නිරෝධයට ගියා කියලා නෙමේ. මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වුණා කියලා නොවේ. එතකොට, ඔය විදිහට මේකේ පෙන්නනවා, අපි ඕක කලින් සාකච්ඡා කරලා තියෙනවා.
“සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා.” මේ කිසිවක් අල්ලා ගත නොගත යුතුයි. ඒ කියන්නේ, ඔය ජරා වේදනා අසම්පජාන රේඛාව, ඒකේ අපිට පේනවා වම් පැත්තෙන් අභිජ්ඣාව, දකුණු පැත්තෙන් අවිද්‍යාව තියෙනවා. එතකොට මෙහෙම රේඛාව ඔය කාරණා දෙක නිසා කැරකැවීම නොකරනවා. ඒ කියන්නේ, අභිජ්ඣාවයි අවිද්‍යාවයි. එතකොට, දිට්ඨි පපඤ්චයො නොවිය යුතුයි කියන එක.
ඉතින්, පටිනිස්සග්ගානුපස්සී, එතන අර විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය විදිහට සිතන්න ඕනෑ. ඒ කියන්නේ දැන් කාරණා තුනකින් පෙන්නුවා, අපි නවත්වනවා කියලා. මෙතන අපි පෙන්නුවා, විරාගානුපස්සී, නිරොධානුපස්‌සී, අනිච්චානුපස්සී කියලා තුනක් පෙන්නුවා නේ. ඒකෙන් යමක් නවතන ලද්දේ ද, එම නැවතීම කියන එක පවත්වනවා.
එතකොට දැන් එහෙම නම්, මේ වේදනාවයි, භය අගතියයි අතර තමයි ඔය විමුක්ති පාරිසුද්ධිය කියන එක අපි ලකුණු කරන්නේ. එතකොට වේදනාවයි සහ භය අගතියයි අතර සම්බන්ධතාවය කියන එක බිඳ දමනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්