Date: 24/06/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”

ඒකේ ඕගොල්ලො දන්නවා අර රූප රාග curve එක 6.2, ඊට පස්සේ රූපය ලාභයි කියලා තමයි එතන එන්නේ, නිත්‍යභාවය කියලා 6.2. එතැනින් 6.4 වන විට peak එක, ඊට පස්සේ 7.1. එතකොට ඔය 6.4 වලින්, අපි දන්නවා, වේදනා රාග curve එක 6.6 වලින් හටගන්නවා, අර සුඛය පරාමාස වෙලා, අත්තා කියලා අරගෙන, එතැනින් 7.7, එතැනින් 8.2. ඒක මැරිලා යනවා.

එතකොට මේ රූප රාග peak එකට අනතුරුව වේදනා රාග හටගෙන “සරාගං චිත්තය” කියන එක ඇති වෙනවා. මෙසේ අභිජ්ඣා වෙනවා. යමෙක් මගඵල ලබන්නේ, මෙය ගැලවෙන්නේ යැයි ප්‍රීතිය ඇති වුණා. ප්‍රීතිය ඉතින් නොකඩවා ගැලුණා, කිමෙක් ද මම මේ ප්‍රීතියට කැමති වී ජීවත් වන්නේ, මෙය අනිත්‍යයි සිහි කරන්නේ, ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඒ භාවනා කොටස එතෙන්දි කළා.

මතක ඇති අර, “විමොචයං චිත්තං, අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී, අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී, අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්‌සී, අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී, අස්සසිස්සාමීති සික්ඛති”

එතකොට, එතැනින් අපි, ඒ භාවනාවේ ඒ කොටස එතැනදි කරන්න ඕනෑ. කළහම ඔය “න සඤ්ඤසඤ්ඤී න විසඤ්ඤ සඤ්ඤී,” ගාථාවට පැමිණෙනවා. අපි නිරෝධයට හරි කැමති වෙනවා නම් මේ නිවන වෙන්නේ නෑ. නිවන නොවන්නේ ය. එතකොට මෙතෙන්දි අර diagram එක සිහි වෙනවා.

මේ advanced 2 එකේ, තියෙන්නේ ධාතු එක පැත්තක, අනිත් පැත්තේ සංස්කාර. එතකොට ඉදංසච්චයයි භය අගතියයි අතර සංස්කාර. එතන ඊළඟට වම් පැත්තෙන් අපිට එනවා, ඒ රූප ස්පර්ශ වේදනා භය අගති. එතකොට ඔය සංස්කාර කෙළවරයි, රූප ස්පර්ශ කෙළවරයි කල්පනා කරන්න ඕනෑ.

මෙතන අපි අභිජ්ඣා වෙන්නේ නැතෙයි කියලා, ඒවා ගන්නවා නම් අර අනිත් පැත්තෙන් අපි දන්නවා සංස්කාර පැත්ත. එතකොට සංස්කාර නිසා රූප සෙවීම යම් ආකාරයකට නොකළ යුතු ද, එසේ ම නිරෝධය සාදන සංස්කාර ද එසේ ම නොසෙවිය යුතුයි. මේ විදිහට මට වැටහුණා. “Excellent” කියලා ඇහුණා. මෙසේ දෙකෙළවර ධර්මයන් ඒ කියන්නේ සංස්කාර, රූප ස්පර්ශ නිරුද්ධ වන්නේ “බුදු කුටිය” පහළ වෙනවා. නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

RupaNandi.jpg


DukkaChakraya/DukkaChakraya-02.jpg