ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”
ඒකේ ඕගොල්ලො දන්නවා අර රූපයේ රාගය 6.2, 6.4, 7.1. ඊට පස්සේ 6.4 යි ආපහු යනවා 6.6ට ඒක අත්තා කරගත්තා. දැන් ඒ පාර වේදනා රාගය. දිට්ඨි අනුසයත් එක්ක 7.7, මේක peak එක. ඊට පස්සේ 8.2.
එතකොට මේ රූප රාග peak එකට අනතුරුව වේදනා රාග හටගෙන සරාගං චිත්තය ඇති වෙනවා. මෙසේ අභිජ්ඣා වෙනවා. යමෙක් මගඵල ලබන්නේ, මෙයින් ගැලවෙන්නේ යැයි ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නොකඩවා ගලනවා. කිමෙක් ද මම මේකට කැමති වී ජීවත් වන්නේ ද? මෙය අනිත්‍යයි සිතන්නේ, අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකේ, “විමොචයං චිත්තං, අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී, අස්සසිස්සාමීති සික්ඛති.”
එතකොට මේ වෙලාවෙදි, අපි දන්නවා ඊයේ භාවනාවෙදි, අර නිත්‍යයි කියන එකේ පසු සඤ්ඤාව නේ දිට්ඨි ආශ්‍රව. අර දිට්ඨි ඕඝය එහෙම නැති වෙනවා කියලා. ඉතින් මේ දකුණු පැත්ත ඔළුවේ, ඒ පැත්ත පාත් වෙලා, තමන්ට දැනෙනවා. ඒ ප්‍රඥාව නිසා. ඒක හරියට අර පොල් කටු හැන්දක කෝටුව බුරුල් වෙලා නම් තියෙන්නේ, ඒ කෝටුව හයි කරලා තියෙන පැත්ත, පාත් වෙනවා. පාත් වුණා ම, එක පැත්තක් උඩට ගිහිල්ලා තියෙන්නේ ඔළුව අන්න ඒ වාගේ.
ඊට පස්සේ විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති මෙතෙන්දි අභිජ්ඣා නොවීම කියන එක සිහි කළා. ඒක අපි දන්නවා, ඔය අභිජ්ඣාවෙන් නන්දිය, ඊට පස්සේ ඒකෙන් 50% පාර, ධම්මමච්ඡරිය, එතැනින් මනොසඤ්‌චෙතනාවෙන් අපි පල්ලෙහාට යනවා පරාමාසකායගන්ථයට. අභිජ්ඣාව කියන එක යනවා.
එතකොට ඕකට තමයි අපි අභිනිවේස වෙන්නේ, චිත්ත සංස්කාරවලට. ඕක ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ slide 6 වල විදිහට අපි කල්පනා කරන්න ඕනෑ. ඒ කියන්නේ චේතනාවත් එක්ක, අභිජ්ඣාව එකතු වුණා, ඉන් අනතුරුව පරාමාසගත වුණා. ඒ චිත්ත සංස්කාරයන්ට ඇලීම කියන එක, පරාමාස අභිනිවේස අවිද්‍යා ආශ්‍රව.
එතකොට මේ අභිජ්ඣාව ඉවත් කිරීම කියන එක සිහි කරනකොට, සතිය කියන එක ඇති වුණා. වම් පැත්ත කියන එක පාත් වුණා. චෙතො විමුක්තිය ඇති වෙලා, ඒ වම් පැත්ත සුඛයි කියලා හොඳින් දැනෙනවා. මේක ඉතා ම ශාන්තයි. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තියත් චෙතො විමුක්තියත් සිඳීමකින් තොරව, ගිලිහී යෑමකින් තොරව පවතිනවා. අන්න ඒ නිසායි.
මෙහෙම ටික වෙලාවක් ඉඳලා කල්පනා කළා, මේ අභිජ්ඣා නැති වෙන්නේ කෙසේ ද කියලා. කාමෙසු විනෙය්‍ය කියලා. කාමෙහි ගිජු බව දුරලනවා. මෙය කෙසේ නැති වන්නේ ද? සතර ආහාර දුක්ඛයේ කුමක් නැති වීමෙන් ද? රහතන් වහන්සේ උදව් කළා. “කාම යෝගය නැති වීමෙන්.” එතකොට “සංකප්ප රාගො පුරිසස්ස කාමො” දැන් අපි දන්නවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කීවත්, ඕකත් ඔතෙන්ට කාමයට අයිති වෙනවා.
ඊළඟට කල්පනා කළා අලෝභ පාරේ කොච්චර දුරකට ආවා ම ද, මේක නැති වෙන්නේ? හතර වෙනි ධර්මය. සමථ නිමිත්ත. සුතමය ප්‍රඥාව, සවිතක්ක සවිචාර සමාධිය, අධිචිත්ත ශික්ෂාව, ඒකෙන් සමථ නිමිත්ත.
එතකොට සමථ නිමිත්තෙන් තමයි මේ කාමයෙහි ගිජු බව, දුරලීම කියන එක සිදු වන්නේ. එතකොට අර ඔළුවේ, තමන්ට පේනවා, කුඩා parts දෙකක් තියෙනවා කියලා. අර දකුණු පැත්තත් නෑ, වම් පැත්තත් නෑ, යටින් බැහැලා පොඩියට පොඩි දෙයක් තියෙනවා කියලා.
ඊළඟට නිරොධානුපස්‌සී අස්සසිස්සාමීති සික්ඛති, ස්පර්ශ නොවීමෙන් එක ම තලයක්වත් අල්ලා නොගැනීම කියන එක, ඊයේ භාවනාව මෙන් සිහි කළා.
එතකොට, පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. ඒක සිහි කිරීමෙන් අනතුරුව, මේ බුදුපියවරුන්ට කෘතඥතාවය පළ කළා. එතකොට ඔළුව විශාල වී තියෙනවා. ශුන්‍ය බවත් දැනුන. බුදුපියවරු නිරෝධයට සමවැදිච්ච බවත් වැටහුණා.
සහම්පති බුදුපියා පමණක් අප වෙනුවෙන් නිරෝධයට නොගොස් සිටින බව පෙනුණා. ඉතින් ඇඬීමට තරම් කරුණක් වුවත් ඒ බව පවසා, නොහඬා, කෘතඥතාවය පළ කළා.
මේක මේ සිද්ධ වුණේ 22/06/2018 දවසේ. නිවාඩු දවස තියෙන්නේ එදා. රහතන් වහන්සේලා නිරෝධයට යනවා ඒ දවසට. හැබැයි සහම්පති බුදුපියා අපි වෙනුවෙන් ඇහැරිලා ඉන්නවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්