Date: 27/06/2018 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.”

ඒකේ රූපයේ ඡන්දය කියන එක බැලුවා. ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි. අපි විවිධාකාරයෙන් රූපයන්ට ඇලෙනවා. මනාප වූ කාන්තා රූප, පුරුෂ රූප, කැමති ආහාර. ඉතින් මේ ඡන්දය ප්‍රහාණය කළ යුතුයි. මෙතෙන්දි “පහාන සඤ්ඤාවට” පැමිණියා.

“උප්පන්නං කාම විතක්කං නාධිවාසෙති පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති අනභාවං ගමෙති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසෙති පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති අනභාවං ගමෙති, උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසෙති පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති අනභාවං ගමෙති, උප්‌පන්‌නුප්‌පන්‌නෙ අකුසලෙ ධම්මෙ, නාධිවාසෙති පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති අනභාවං ගමෙති.”

එතකොට එකේ පළමුවෙන් ම අපිට පේනවා උපන් කාම සිතුවිල්ල නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි. අභාවයට පමුණුවයි. දෙවෙනිවට එනවා, උපන් ව්‍යාපාද සිතුවිල්ල නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි. අභාවයට යවයි. තුන් වෙනියට එනවා, උපන් විහිංසා සිතුවිල්ල නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි. අභාවයට යවයි. උපනූපන් ලාමක අකුසල ධර්මයන් නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි. අභාවයට යවයි කියලා.

ඉතින් අපි ඕක කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා. ඔය පළවෙනිවට කීව කාරණාව අපි ඒ කබලිංකාර ආහාර පාරේ පහළට යන්නේ නැතෙයි කියන එක, කාම සිතුවිලි ඉවසන්නේ නැතුව. ඊළඟට ව්‍යාපාද සිතුවිල්ල කියනකොට අර ස්පර්ශ ආහාර පාරේ යන්නේ නැති වෙන්න. ඊළඟට තුන් වෙනියට විහිංසා සිතුවිල්ල කිව්වහම, ඉතින් රූපයෙන් සඤ්ඤාව මෝහ පාරේ යන්නේ නැති වෙන්න. එතකොට හතර වෙනුවට තියෙනවා උපනූපන් ලාමක අකුසල ධර්මයන් ඉවසන්නේ නෑ කියලා.

එතකොට උපන් ඒවා නම් ඉවසන්නේ නෑ කියන එක. නූපන් එක කොහොම ද? අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ චිත්‍රපටියක් අද හවසට බලනවා යැයි කියලා පවසනවා කියලා. ඒක බැලුවාට පස්සේ, ඒ එදා හවස දී එයාට අකුසල ධර්මයෝ හටගන්න පුළුවන්. එතකොට අන්න ඒවා අයින් කරනවා කියන එකයි.

එතකොට ඕකෙ අපි ඔය හිංසා නොකිරීම සිහි කරනකොට, ඉතින් අමෝහ පාරේ යනවා කියන එක සිහි වෙනවා. ඉතින් එහෙම නම්, අපිට එනවා ඔතන “නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං.” නිවන රතන කොට, ආශ්චර්යභාවයෙන් අතුලයි. ඒ කුසලයාගේ ඉපදීමක්, දැනීමක්, නුවණින් දැකීමක් ඇත්ද මේක අමෝහයයි.

මේක අපි ඊයේ බැලුවා නේ භාවනාවල, අර ගිහිල්ලා සිත නතර වෙලා ඉන්නවා කියන එක. එතකොට ඒක උණත් අපි දැන් කල්පනා කරන්න ඕනෑ ඉතින් මේකටත් අපි ඇලෙන්නේ නැති වෙන්න ඕනෑ නිර්වාණයත් එක්ක බැලුවහම. ඉතින් ඕක තමයි එතන අර විභව දිට්ඨිය කියන එක පහ කරන්න ඕනෑ.

ඉතින් ඕක අපි සාකච්ඡා කරලා තියෙනවා 20/05/2016 අත්තවාද උපාදාන භාවනාවෙදි. ඒ භාවනාව මේ භාවනාවට ඉස්සෙල්ලා මම බැලුවා.

ඒකේ පෙන්නනවා, අපි නැවතත් ඒක සිහි කරනවා නම්, යම් දිට්ඨි උපාදානයක් නිසා අත්තවාද උපාදානය වන්නේ නම්, එය මුදිතා චෙතො විමුක්තිය මගින් ම ගැලවිය නොහැක. කුමක් නිසා ද? අත්තවාද උපාදාන ධර්මයෝ සංස්කාර විෂයයෙහි පවතින නිසායි. මුදිතා චෙතො විමුක්තියේ පරාසය වෙන්නේ දිට්ඨියෙන්. එතකොට එය භව දිට්ඨි, විභව දිට්ඨි වශයෙන් දෙයාකාර වෙනවා. එතකොට යම් භව දිට්ඨියක් වේ ද, එය පහසුවෙන් ගැලවිය හැකි වන්නේ ය. විභව දිට්ඨිය ගැලවීම මුදිතා චෙතො විමුක්තියට තරමකට අපහසුයි. එසේ වන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වැනි සංස්කාර නිසා වන ධර්මයෝ සියුම් බැවිනි. එයට උපෙක්ඛා අප්‍රමාණය උදව් උපකාර වන්නේ නම්, විභව දිට්ඨිය ගැලවීම කළ හැකි වන්නේ ය.

භව දිට්ඨිය යනු කුමක් ද? යම් භවයේ පැවැත්මක් ඇත්ද, ඊට උදව් උපකාර කරන්නා වූ, තුඩු දෙන්නා වූ දිට්ඨින්. විභව දිට්ඨිය යනු කුමක් ද? යම් භවයක නැවතීමක් ඇත්ද, එයයි. භවය යනු කැරකීමයි. විභවය යනු කැරකීම නතර වීමයි. අන්න අපි නිරෝධය කිව්වහම ඉතින් එතන අනාශ්‍රවය කැරකීම නතර වීම. එතකොට මෙයට අනාශ්‍රව චිත්ත අවස්ථාව ද ඇතුළත් වෙනවා. යමෙක් “අනාශ්‍රව චිත්තයෙන් හෝ ජීවත් වෙමි” යි කියලා සිතයි ද, ඒකෙත් අඩු පාඩුවක් තියෙනවා.

විභව දිට්ඨියට තුන් ධර්මයක් අඩංගුයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, නිරෝධසමාපත්තිය, අනාශ්‍රව චිත්තයෙන් ජීවත් වෙමියි කියන සිතුවිල්ල. උපෙක්ඛා අප්‍රමාණයෙන් කෙසේ නම් විභව දිට්ඨිය පහ කිරීමට උදව් උපකාර කරයි ද? මුදිතා චෙතො විමුක්තිය ඇති අයකු දිට්ඨින් ඉවත් කිරීම සඳහා ගන්නා වූ යම් වෑයමක් වේ ද, උපෙක්ඛා චෙතො විමුක්ති අපි කිව්වා, ඒ භාවනාව අපි කරලා තියෙනවා 14/05/2016 දි. ඒකෙ සාකච්ඡා කළ ආකාරයෙන් සක්කාය දිට්ඨි column එක සම්පූර්ණයෙන් ම පහ වන්නේ නම් ආශ්‍රව නැසීම කළ හැකි ය.

යම් මුදිතාවක් වේ ද, එමගින් සක්කාය දිට්ඨි column එක නැසීමට යම් විරියක් භාවිතා කළේ ද, එය වළකන්නා වූ සංස්කාරයන් උපෙක්ඛා අප්‍රමාණය මගින් පහ කරන්නේ නම් එම දෙදෙනාගේ එකතු වීමෙන් අනාශ්‍රව වී ආශ්‍රව නැසීම කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔය නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, නිරෝධසමාපත්තිය ඒ වගේ ගිහිල්ලා තියෙන ඒ සංස්කාරයන්, ඒවා පහ කරන්න ඕනෑ.

එතකොට එහෙම නම්, උපෙක්ඛා අප්‍රමාණය මගින් අපිට පේනවා මේ තුන් ධර්මයක් උපෙක්ඛාව ඇති නම් අපි පහ කරනවා. ඒ කියන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ නොපිහිටා ද, නිරෝධයේ ද නොපිහිටා ද, අනාශ්‍රවයෙන් ජීවත් වෙමියි නොසිතා ද, මේ සියලු තැන්හි මම ය මාගේ වශයෙන් සතුටු නොවේ ද, එසේ වූ උපෙක්ඛා අප්‍රමාණය මුදිතා චෙතො විමුක්ති සමඟ එකතු වන්නේ, අත්තවාද උපාදාන නොවී නිර්වාණය ම සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ නතර වූ දෙයටත් උපෙක්ඛාවක් තියෙන්න ඕනෑ. නිරෝධය ඇති කරන සංස්කාරයන් පවා, උපෙක්ඛා අප්‍රමාණය මගින් පහ කරන්න ඕනෑ. නැත්නම් අපි එතෙන්ට ම ගිහින් එතන ම ඉන්නවා කියන එකයි තියෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-07.jpg