ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවෙන් පස්සේ.
එතකොට අද පටන් ගත්තා සත්තො ගුහායං ගාථාවෙන්. සත්තො ගුහායං බහුනාභිඡන්නො. ඒකේ රූපයේ ඡන්දය, රාගය, නන්දිය. වේදනාවේ ඡන්දය, රාගය, නන්දිය. සඤ්ඤාවේ ඡන්දය, රාගය, නන්දිය සිහි කළා. දැන් අපි දන්නවා, 19/10/2017 නිබ්බාන භාවනාවේ අපි පෙන්නා දීලා තියෙනවා ඔය අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මේකට ඡන්දය ඇති වෙනවා. මෙය සඤ්ඤාව ඡන්දය නම් වෙනවා. මාන අනුසය මගින් මෙහි පහදිනවා. එමනිසා සඤ්ඤාවේ රාගය ඇති වෙනවා. ජරා, වේදනා, අසම්පජාන රේඛාව තණ්හාව මගින් කරකැවීම නිසා සඤ්ඤාවේ නන්දිය ඇති වෙනවා. මේ විදිහට දිට්ඨි උපාදානය වෙලා සඤ්ඤාවේ උපාදාන වීම කියන එක පේනවා.
ඊට පස්සේ, දිට්ඨි ඕඝය, සඤ්ඤාවේ අධිට්ඨාන ධර්මය ලෙස දකින්න ඕනෑ කියලා අපි කල්පනා කළා. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරනවා. සුඛ යැයි කියලා පවසනවා. මේ විදිහට අභිජ්ඣා වෙනවා. එතකොට මේ චිත්ත සංස්කාරයට ඇලීම, අභිජ්ඣාව. ඒක සඤ්ඤාවේ අභිනිවේසය. සඤ්ඤාවේ අනුසය ලෙස අවිද්‍යා අනුසය ගත යුතුයි කියලා බැලුවා. මෙතෙන්දි සියලු විපල්ලාසයන් ස්ථීර වෙලා තියෙනවා.
මේ සඤ්ඤා නිසා හය ආකාර වූ දිට්ඨින් ඇති වෙනවා. ඒක අර සබ්බාසව සූත්‍රය විදිහට හිතන්න ඕනෑ. මේ දිට්ඨින් ඉදංසච්චගත වෙනවා. ඉන් අනතුරුව පියෙහි විප්පයොග සිද්ධ වෙනවා. මිච්ඡා දිට්ඨිය පහ කරලා සම්මා දිට්ඨි උපසම්පජ්ජ විහරති. මිච්ඡා දිට්ඨියෙන් මිච්ඡා සංකප්ප. මෙය පහ කිරීම සඳහා ප්‍රහාන සඤ්ඤාව භාවිතා කරන්න ඕනෑ. “උප්පන්නානං කාම විතක්කං නාධිවාසෙති පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති, අනභාවං ගමෙති.”
සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය. මෙතෙන්දි කුමක් ද අත හරින්නේ? අභිජ්ඣා, ව්‍යාපාද, විහිංසා විතක්ක. එතකොට උප්පන්නානං කාම විතක්කං නාධිවාසෙති, පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති, අනභාවං ගමෙති. බ්‍යන්තිකරොති කියන්නේ කෙළවර කරනවා. එතකොට මොකක් ද මේ අපි කෙළවර කරනවා කියලා කියන එකේ තියෙන්නේ? දැන් මිච්ඡා දිට්ඨියෙන් අභිජ්ඣාව කියන එක. සම්මා දිට්ඨියෙන් වන අනභිජ්ඣා මගින් කෙළවර කරනවා. එසේ නම් කෙළවර කරන්නේ අභිජ්ඣා, ව්‍යාපාද, විහිංසා විතක්ක කියන ඒවා.
අභිජ්ඣා නැති කිරීමට, කාමෙසු විනෙය්‍ය ගෙධං. එතැනින් සම්මා වාචාවට පැමිණියා. පහාන සඤ්ඤා ඉහත භාවිතා කරන්නේ ඉන් අනතුරුව ආරති, විරති, පටිවිරති යන්න සිද්ධ වෙනවා. ඒ දෙක සම්බන්ධයි. එතකොට අපි දන්නවා, මේ උපන් කාම සිතිවිල්ල නොඉවසනවා. අත්හරිනවා, දුරු කරනවා, කෙළවර කරනවා, අභාවයට පමුණනවා කියලා නේ ද?
දැන් ඕක මතක තියාගන්න පුළුවන්. දැන් ඔය උප්පන්නානං කාම විතක්කං නාධිවාසෙති ඉවසන්නේ නෑ. පජහති කියන්නේ let go කියන එකයි. ඒක අතහරිනවා. දැන් ඕක මතක තියාගන්න පුළුවන්, අපි හිතමු ගෑනු ළමයකුයි පිරිමි ළමයකුයි ඉන්නවා. එතකොට ඒ ගෑනු ළමයා අත හැරියා. ඒක තමයි පජහති කියන්නේ. විනොදෙති කියලා කිව්වහම, අන්න දුරු කිරීම කියන එක කළා. ඈත් වුණා. ඊට පස්සේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්, බ්‍යන්තිකරොති, කෙළවර කළා. ඒ affair එක ම end කළා. ඊට පස්සේ අභාවයට පමුණනවා. අභාවයට පමුණනවා කිව්වහම මේ මනුස්සයා ගැන මොකක්වත් හැඟීමක් නෑ. හිතන්න කෝ දැන් ගෙයක් වුණත්, පරණ වෙලා, කඩාගෙන වැටිලා වාගේ තියෙනවා, මේකේ ආපහු ජීවත් වෙනවා කියලා හිතන්නේ නෑ නේ. අන්න ඒ වගේ අභාවයට පමුණනවා කියන එක.
ඉතින් ඕකේ කාරණා තුනෙන් ඔය විනොදෙති, බ්‍යන්තිකරොති, අනභාවං ගමෙති, කියන එක ඔය ආරති, විරති, පටිවිරති කියන එකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ, විනොදෙති දුරු කරනවා, drive out කියන එකයි. ඒකෙදි ගත්තහම ආරති, දුරු වීම කියන එක එතෙන්ට එනවා. විනොදෙති වුණාට පස්සේ තමයි දුරු වීම කියන එක.
ඊළඟට බ්‍යන්තිකරොති කියන්නේ කෙළවර කරනවා. Ending කියන එක නේ. එතකොට ඒක එනවා විරති කියන එකට. ඒකෙන් තමයි විරති කියන එක. වෙන් වීම කියන එක.
ඊට පස්සේ අනභාවං ගමෙති. අභාවයට පමුණනවා. එතකොට ඒකෙන් එනවා පටිවිරති කියන එක. පහසුවෙන් ඉවත් වීම කියන එක. අරකේ ජීවත්වන්න හිතන්නේ නෑ කියලා කිව්වේ නේ ද.
එතකොට ඊළඟට එනවා, උපන් නූපන් ලාමක අකුසල් ධර්මයන් නොඉවසනවා කියලා. උප්පන්නූපන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ, ඒක අතහරිනවා, දුරු කරනවා, කෙළවර කරනවා. අභාවයට පත්කරනවා. අන්න ඒකෙන් තමයි වේරමණී කියන එක වන්නේ සිද්ධ වන්නේ. එතකොට වෙන් වීම නිසා වන සුඛය භුක්ති විඳිනවා කියන එක තියෙනවා.
ඉතින් මේක දැක්ක ගමන් ඉතින්, ඒ වෙලාවේ, ඇඟ පුරා ප්‍රීතිය ගැලුවා. ඉතින් මේ තථාගතයන් වහන්සේ පුදුම දෙයක් දැකලා තියෙනවා කියන එක තමන්ටත් වැටහෙනවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.