ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවෙන් පස්සේ.
මම ජූලි 11 වෙනිදා නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒක නැවතත් මතක් කරනවා නම්, ඒකේ අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් අරගෙන, ඒ රූපයේ ඡන්දය, රාගය, නන්දිය. වේදනාවේ ඡන්දය, රාගය, නන්දිය. සඤ්ඤාවේ ඡන්දය, රාගය, නන්දිය සිහි කළා. ඒකේ අපි දන්නවා, ඒ සඤ්ඤාවේ ඡන්දය ඇති වෙන්නේ අවිද්‍යා අනුසය මගින් ඒ සඤ්ඤාව ඔසවනවා. මානය විසින් පැහැදෙනවා. පැහැදුනාම සඤ්ඤාවේ රාගය. ඊට පස්සේ ජරා, වේදනා, අසම්පජාන රේඛාව, තණ්හාව මගින් කරකැවීම නිසා සඤ්ඤාවේ නන්දිය ඇති වෙනවා කියලා.
එතකොට මේ විදිහට දිට්ඨි උපාදානය වෙලා සඤ්ඤාවේ උපාදාන වීම, දිට්ඨි ඕඝය, සඤ්ඤාවේ අධිට්ඨාන ධර්මය. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරනවා. සුඛ යැයි කියලා පවසනවා. මේ විදිහට අභිජ්ඣා වෙනවා. මේ චිත්ත සංස්කාරයට ඇලීම, ඒ කියන්නේ අභිජ්ඣාවට ඇලීම තමයි සඤ්ඤාවේ අභිනිවේසය. සඤ්ඤාවේ අනුසය ධර්මය ලෙස අවිද්‍යා අනුසය ගන්න ඕනේ. එතකොට මෙතෙන්දි අපි සියලු විපල්ලාසයන් ස්ථීර වෙලා කියලත් බැලුවා.
මේ සඤ්ඤා නිසා හය ආකාර වූ දිට්ඨින් ඇති වෙනවා. එතකොට ඒ සබ්බාසව සූත්‍රයේ විදිහට අපි ඕක සාකච්ඡා කළා. මේක පියෙහි විප්පයොග කියන එක ඇති වෙනවා කියලා. ඉතින් මේක පහ කරන්න අපි කල්පනා කළා ප්‍රහාන සඤ්ඤාව භාවිතා කරන්න ඕනෑ කියලා. “උප්පන්නානං කාම විතක්කං නාධිවාසෙති පජහති,” කියලා.
එතකොට සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය. මෙතෙන්දි අපි මොකක් ද අත හරින්නේ? අභිජ්ඣා, ව්‍යාපාද, විහිංසා විතක්ක, කියන ඒවා. එතකොට මේකේ පෙන්නනවා බ්‍යන්තිකරොති. ඒ කියන්නේ උප්පන්නානං කාම විතක්කං නාධිවාසෙති පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති, අනභාවං ගමෙති. බ්‍යන්තිකරොති කියන්නේ කෙළවර කරනවා. Ending කියන එක. මොකක් ද? මිච්ඡා දිට්ඨියෙන් වන අභිජ්ඣාව, සම්මා දිට්ඨියෙන් වන අනභිජ්ඣා මගින් කෙළවර කරනවා. එහෙම නම් කෙළවර කරන්නේ අභිජ්ඣා, ව්‍යාපාද, විහිංසා විතක්ක. එතකොට අභිජ්ඣා නැති කරන්න, කාමෙසු විනෙය්‍ය ගෙධං. එකෙන් සම්මා වාචාවට පැමිණෙනවා.
එතකොට ඒ පහාන සඤ්ඤාව භාවිතා කළහම, ඒකෙන් අනතුරුව අපිට ආරති, විරති, පටිවිරති කියන එක සිද්ධ වෙනවා කියලා බැලුවා. ඒකෙ සම්බන්ධතාවය අපි පෙන්නා දුන්නා. විනොදෙති කියන එකෙන් ආරති, බ්‍යන්තිකරොති කියන එකෙන් විරති, අනභාවං ගමෙති තියෙන එකෙන් පටිවිරති කියන එක එනවා කියලා.
දැන් මේ අද භාවනාවෙදි බැලුවේ, මෙහෙම උණාට පස්සේ ආර්ය වූ සම්මා සංකප්පය කියන එක මට සිහි වුණා. ඒකේ පෙන්නනවා.
“කතමා ච භික්ඛවෙ සම්මා සංකප්පො අරියා අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා, යො කො භික්ඛවෙ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ගං සමඞ්ගිනො අරිය මග්ගං භාවිතො තක්කො, විතක්කො, සංකප්පො, අප්පණා ව්‍යාපනා චෙතසො අභිනිරොපනා වචී සඞ්‌ඛාරා. අයං භික්ඛවෙ සම්මා සංකප්පො අරිය අනාසවා ලොකොත්තර මග්ගඞ්ගා” කියලා.
එතකොට දැන් අපි ටිකකට ඉස්සෙල්ලා පෙන්නුවා වචී සඞ්‌ඛාර නැවතීම කියන එක. ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා නම්, පෙර එම වචී සඞ්‌ඛාර නිසා යම් අභිජ්ඣාවට තුඩු දීමක් වූයේ ද, එම ධර්මයෝ සිත මැඩගෙන නොසිටී. සබ්බාසව සූත්‍රයේ විදියට සිතන්න ඕනෑ.
අපි දන්නවා, සංස්කාර අත්තා ඉවත් වුණා නම්, සඤ්ඤා අත්තා ඉවත් වෙනවා. එහෙම නම්, අභිජ්ඣාව ඉවත් වීම මගින් ආර්ය වූ සම්මා සංකප්පය ඇති වෙනවා. එතකොට එහෙම නම් මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්වීම ඉවත් වෙනවා. එහෙම නම් භාවිත සීලය මගින් භාවිත චිත්තය ඇති වීමට උදව් උපකාර වෙනවා. ඒක හොඳින් වැටහෙනවා. භාවිත චිත්තය මගින් විරිය සමාධි, එතකොට අපිට පේනවා ඊර්ෂ්‍යා, මක්ඛ වැනි ධර්මයන් අපි ඉවත් කරනවා. කුමක් නිසා ද? මිච්ඡාදිට්ඨික සඤ්ඤාව ඉවත් වෙනවා නම්, පදුට්ඨමනසඞ්කප්පය නොවේ.
එතකොට එහෙම නම්, අපිට පේනවා මේ ක්‍රෝධයෙන් ඇති වෙනවා මක්ඛය, මක්ඛයෙන් ඊර්ෂ්‍යාව. පදුට්ඨමනසඞ්කප්පය නිසායි ඕක ආවේ. අන්න ඒක කරා ගියා නම් මේ ධර්මයන් ඉවත් කරන්න පුළුවන් කියන එක.
එතකොට අන්න ඒ අවස්ථාවේ දී, තමන්ට පේනවා, මෙතන බුදුහාමුදුරුවන්ගේ වචන නෑ. බුද්ධ වචනය නෑ. හැබැයි, බුදුහාමුදුරුවෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඉන්නේ නිර්වාණයේ.
බුදුහාමුදුරුවෝ state of Nibbana achieve කරලායි මෙතන ඒ විදිහට ඉන්නේ, මෙතන වචී සංඛාරය නෑ. කියන එක, ඒ තරම් ලස්සනයි.
ඒක තමයි මං කරපු භාවනාව.