Date: 14/07/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් අරගෙන. ඊයේ අපි බැලුවා නේ භාවිත සීලය මගින් භාවිත චිත්තය කියන එක. අද භාවිත කායෙන් භාවිත සීලය කියන කොටස තමයි බැලුවේ.

එතකොට ඒකේ අපි දන්නවා පාණාතිපාත කරන අයකුට මරණය දුකයි කියලා වැටහෙන්නේ නෑ. අදත්තාදානය කරන අයකුට ජාතිය දුකයි කියලා වැටහෙන්නේ නෑ. කාමයෙහි වරදවා හැසිරෙන කෙනෙකුට ජරා, ව්‍යාධි දුකයි කියලා වැටහෙන්නේ නෑ. එතකොට, මේ කාරණා මගින් විමංසාව ඇති වෙනවා. ඒ සුඛ නොව දුක, බව වටහා ගන්නේ, පෙර සුඛ ලෙස ගත්තා වූ මුසාව පහ වී යන්නේ, සම්මා වාචාවට අවතීර්ණ වෙනවා.

එතකොට මරණය දුක බව වැටහෙන්නේ, නිත්‍යභාවයක් නොමැති යැයි පිළිගන්නේ, සම්පප්‍රලාප ඉවත් වන්නේ, සම්මා වාචාව ස්ථීර වෙනවා. මේ විදිහට, භාවිත කාය මගින් භාවිත සීල වීම වටහා ගන්න ඕනෑ.

එතකොට මේකෙන්, ඒ කියන්නේ, ඒ මානය අඩු බව, එහි ප්‍රහාණය උදව් උපකාර වෙනවා කියලා අපි දන්නවා. මේකේ පෙන්නන්නේ, අපි දන්නවා අර දස අකුසලය දුක්ඛ 12ට match කරලා බලනවා නේ.

ඒකේ පළවෙනි එකේ තියෙන්නේ, අර ජාති, ජරා, ව්‍යාධි, මරණ. එතකොට, ඒක භාවිත කාය කොටසින් ඒක තේරුම් ගත්තා නම්, දුකයි කියලා, එහෙම නම් සුඛයි කියන මුසාව එතන යනවා. එතකොට ගියායින් පස්සේ සම්මා වාචාව කියන එක, භාවිත කායෙන් භාවිත සීලය කියන එකට එනවා. ඉතින් එතෙන්ට ආවට පස්සේ අපි ඊයේ සාකච්ඡා කළා නේ භාවිත සීලය මගින් භාවිත චිත්තය, එහෙම නම් ඒ භාවනාව නැවතත් කරගෙන යන්න ඕනෑ. ඒක වෙන්නේ, අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් අරගෙන පහළට ඇවිල්ලා, ආපහු උඩට යනවා. ඒක circle වෙලා යන එකක් තියෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.