ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද ඊයේ භාවනාව මම නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවෙදි අපි අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තම, අපි අර රූපයේ ඡන්දය. වේදනාවේ ඡන්දය. එතකොට ඒකේ අපි දන්නවා සාතයි, අසාතයි කියන එක. ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි නේ ද? එතකොට වේදනාවේත් ඡන්දය වෙනකොට ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි.
එතකොට ඊළඟට, අපි ඔතන ඉෂ්ට වස්තුව කියන එක ගන්න කෝ බබෙක්. ලස්සන බබෙක් ගන්න කෝ. ඊට පස්සේ, අපි එනවා ඒ රූපයේ රාගය කියන එක. රූපයේ රාගයට එනකොට, දැන් අපිට පේනවා, එතන අපි පටන් ගන්නවා, 6.2. ඒ කියන්නේ අර ලාභය පවතිනවා කියලා, නිත්‍යභාවය. ඒ කියන්නේ මොකක් ද? අර බබා ඒ විදිහට ම, soft විදිහට ම ඉන්නවා කියලා. මේක පවතිනවා කියලා එකක් නේ මේ තියෙන්නේ.
ඊට පස්සේ දැන් අපි ඒකේ peak එකට ආවා. අන්න සුඛයි කියන කතාව. එතන පරාමාසගත වීම කියන එක වරදවා වටහා ගත්තා. ඔළුව තියෙන්න ඕනෑ එතෙන්දි, මේ බබා කියන එක්කෙනා පවතින්නේ නෑ නේ. ජරාවට පත් වෙනවා නේ. නමුත් අපි වැරදියට සුඛයි කියලා අතන ඒකත් එක්ක පරාමාසගත වුණා.
ඊට පස්සේ, අපි වෙන රූපයක් හොයාගෙන යනවා. මේ බබා නැතිව වෙන බබෙක් හොයනවා වගේ නේ, 7.1ට එනවා කියන්නේ. දැන් ඊට පස්සේ, වේදනාවේත් ඔය විදිහට ඒ 7.7 peak එක එහෙම හොඳට බැලුවා. බලලා ඊට පස්සේ, 11/07/2018 නිබ්බාන භාවනාව, ඒ නිබ්බාන භාවනාවෙදි අපි සාකච්ඡා කළා, උප්පන්නානං කාම විතක්කං නාධිවාසෙති පජහති, විනොදෙති, බ්‍යන්තිකරොති, අනභාවං ගමෙති කියලා.
එතෙන්දි අර බ්‍යන්තිකරොති, කිව්වහම, අපි කෙළවර කරනවා කියලා. මොකක් ද කෙළවර කරන්නේ? අර මිච්ඡා දිට්ඨියෙන් වන අභිජ්ඣාව, සම්මා දිට්ඨියෙන් වන අනභිජ්ඣා මගින් කෙළවර කරනවා කියන එක තියෙනවා. එතකොට එහෙම නම් අපි කෙළවර කරන්නෙ අභිජ්ඣා, ව්‍යාපාද, විහිංසා විතක්ක.
එතකොට දැන් අපි පෙන්නුවා මේ මිච්ඡා දිට්ඨිය කියන එක හැදෙන හැටි දැන් මෙතන මේ භාවනාවෙදි ඔන්න ඔය සඤ්ඤාවේ සම්පූර්ණයෙන් අධිට්ඨාන ඒ ඔක්කොම ටික බැලුවා. ඉතින් අධිට්ඨාන කිව්වහම දැන් අර බබාගේ කතාවෙදි අපිට පේනවා බබා ගැන තිබෙන්නා වූ, ඒ හැඟීම් “මේක ළමයා බොහොම soft කියලා, කකුල් එහෙම soft කියලා,” ආදී වශයෙන් තියෙන රූප කොටස්, ඕක ආවේ කොහාට ද? සඤ්ඤාවට. එතකොට, බබාගේ ස්පර්ශය නිසා හරි ඇති වෙන වේදනාව, ඒකත් ඇවිල්ලා තියෙන්නේ සඤ්ඤාවට.
එතකොට, ඕක නේ අපි අර අවිද්‍යා අනුසයෙන් උස්සන්නේ. මුලින් ම වැඩේ පටන් ගන්නේ ඕකෙන් නේ. පළවෙනි රවුමෙ ම ඕක තමයි, සඤ්ඤාවයි උස්සන්නේ. දැන් පේනවා ද, අර හරියට අර සිප්පි කටු, පාසී, අරවා, මේවා, පාවී, යන එක වාගේ, මේක මේ සඤ්ඤාවෙන් තමයි මේ කෑල්ල ඉස්සුවේ කියන එක.
එතකොට ඕක තමයි අපි අර අධිට්ඨානයෙ දී අල්ලාගෙන ඉන්නේ. එතකොට අර බබා ජරාවයි කියලා තමන් ගන්නවා නම්, තමන්ට පේනවා ඉතින් ඕක ඔතන, ඒක නතර වෙනවා. ඒක යන්නේ නැහැයි කියන එක.
දැන් මේකෙදි අපි බැලුවේ, දැන් අපි කෙළවර කරන්නේ කුමක් ද? යි කියලා අපි කළින් බැලුවහම අපිට පෙනුණා, මේ මිච්ඡා දිට්ඨියෙන් වන අභිජ්ඣාව, සම්මා දිට්ඨියෙන් වන අනභිජ්ඣා මගින් කෙළවර කරනවා කියලා. එසේ නම් කෙළවර කරන්නේ අභිජ්ඣා, ව්‍යාපාද, විහිංසා විතක්ක කියන එක.
දැන් ඉතින් අද මම කල්පනා කළේ, මිච්ඡා දිට්ඨිය කෙළවර වෙන්නේ කොහොම ද කියන එකයි. ඉතින් ඕක විමසලා බැලුවා, බුදුපියා විමසුවා. රහතන් වහන්සේ පැවසුවා, “යම් පරිදේව වූ සංස්කාරයක් වේ ද, එම සංස්කාරයන් මගින් ඇති වන්නේ දුක්ඛය ම බව දන්නේ, දක්නේ, එම සංස්කාරයන්ගෙන් ඉවත් වීම පටිවිරති, සිදු වන්නේ නම් මිච්ඡා දිට්ඨිය කෙළවර වීම කියන එක සිද්ධ වෙනවා.” මේක සිද්ධ වෙන්නේ දුක්ඛ table එකේ, පළවෙනි column එක නැති වීමෙන්.
අපේ අර අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වන්නේ නම් මගේ කියලා ගන්න වටිනවා ද? මගේ කියලා ගන්න වටින්නේ නැත්නම්, නන්දි වීම වටින්නේ ද? කියන එක එනව නේ. නන්දි වීම නොවටින්නේ නම්, දුක වන්නේ ද, සුඛ වන්නේ ද? අන්න අර බබාට යන කතාව ගන්න, සඤ්ඤාවෙන් carry forward කරගෙන ආපු ඒවා ටික, දැන් ආපහු, ඒක හරි ලස්සනයි ඒ දුක්ඛ table එකෙත් ඒකේ අර පළවෙනි column එකේ අර අහංකාර වෙන්න වටිනවා ද? අන්න ඒ විදිහට තමන් එන්න ඕනෑ අතෙන්ට. එතකොට ඒක ගන්නවා ද කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්