ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” එතකොට ඒකේ අපි දන්නවා අර රූපයේ ඡන්දය, රාගය. ඔය විදිහට අපි බලනවා සත්වයා කියන එක.
අද විශේෂයෙන් ම එතන ආවේ, “තිට්ඨං නරො.” ඒ කියන්නේ අපි ඉන්නවා. රාග වශයෙන් රත් වුණා, ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වුණා, ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වුණා, ඉන්නවා. ඕක නේ තියෙන්නේ.
එතකොට අපි මොන ක්‍රමයකින් හරි විවේකයෙන් දුරු වෙනවා, මොකක් හරි එකක් අල්ලාගෙන. ඉතින් අපි දන්නවා, අපි ධ්‍යානයන්ට ගියා ම, පළවෙනි ධ්‍යානයට ගියා ම පංචනීවරණයන්ගෙන් අයින් වීම කියන එක තියෙනවා. ඒ අදහස, හැඟීම තියෙන්න ඕනෑ. ඉතින් මේ කාම ලෝකයේ සුඛයි කියලා මේක ගැලවෙන්න බෑ. දුකෙන් තමයි ගැලවෙන්න තියෙන්නේ. ඒ අදහස බලලා, ඊයේ භාවනාවට ආවා.
ඒකේ කිව්ව නේ, දුක්ඛ table එකේ පළවෙනි column එක සම්පූර්ණයෙන් නැති වෙනවා නම්, මිච්ඡා දිට්ඨි කෙළවර වීම බ්‍යන්තිකරොති සිදු වන බව අපි සාකච්ඡා කළා. ඒක සිදු වන්නේ යම් පරිදේව වූ සංස්කාරයක් වේ ද, එම සංස්කාරයන් මගින් ඇති වන්නේ දුක්ඛය ම බව දන්නේ, දක්නේ, එම සංස්කාරයන්ගෙන් ඉවත් වීම පටිවිරති, සිදු වන්නේ නම් ය, කියන එක අපි ඉගෙන ගත්තා.
අද භාවනාවෙදි දුක්ඛ table එකේ පළවෙනි column එක පහළින් පටන්ගෙන, විමසීම කියන එක කළා. ඉතින් ඕගොල්ලෝ දන්නවා පල්ලෙහා ම තියෙන්නේ, අර නන්දිරාගය. ඒ රූපයට සුඛය යන මතය පවරලා තියෙනවා කියලා. ඊට පස්සේ තුන් වෙනි පේළියට අහංකාරය. දෙවෙනි පේළියේ නන්දිය, 5.5 දි අත්තා, ඉතින් පළවෙනි පේළියට, 5.5 අත්තා, සුඛය නිසා ඇති වෙන නිත්‍යභාවය.
එතකොට දැන් ඊයේ භාවනාවේ කෙළවරින් පේනවා, යම් සංස්කාරයක් පරිදේව වුණා ද, එනම් මිය ගියා වූ එම සංස්කාරයන්ට අගයක් නොදිය යුතු වන්නේ ය. එනම්, එමගින් නිත්‍යභාවයක් පෙර ඇති වූවා ද, එහි පැවැත්මක් නැති බව පරිදේව වීම මගින් වටහා ගන්නේ, දක්නේ, අහංකාර වීමක් නොවිය යුතු ය. එනම් බබා නිසා පෙර ඇති වූ සංකල්පයන්ට නැට වුණා වූ මේ උපාදානස්කන්ධයෝ නිසා යම් අහංකාරයක් වූයේ ද, එය නොවටී.
“බල්ලා නැට්ට වනනවා ය” යි අහංකාර නොවිය යුතු ය. මනුස්සයෙක් බල්ලෙක් දැක්කහම, බල්ලා එකක් තමයි බුරන්න පුළුවන්, කන්න පනින්න පුළුවන්. තව වෙලාවකට බල්ලා නැට්ට වනන්න පුළුවන්. නැට්ට වනනවා නම් මනුස්සයා සතුටුයි. “මාව පිළිගත්තා, දන්නවා” කියලා. අර නටන මනුස්සයා ඒකට සිංදුව හොයනවා කිව්වේ. අන්න ඒ වගේ තමයි.
එතකොට මේ විදිහට අහංකාරය ඉවත් වෙනවා නම්, බැස යනවා නම්, එමගින් ඇති වෙන්නා වූ අත්තා යන්න ඉවත් වෙනවා.
අත්තා යන්න ඉවත් වන්නේ, සම්මා ආජීව වීමෙන් අනතුරුවයි. අත්තා යැයි ගැනීම නිසා රූපයන් ලාභ වශයෙන් පෙර ගත්තා ද, මේක ඉවත් වෙනවා. මෙසේ වීමෙන් අනතුරුව රූප සොයා යාමක් නොවන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා.
දැන් පේනවා නේ ද සත්තො ගුහායං ගාථාවේ අර්ථය. අපි ඉස්සෙල්ලා හිටියා. රාග වශයෙන් රත් වෙලා, හිටියා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා, හිටියා. දැන් මෙතන පේනවා, එහෙම හිටියා කියලා ආපහු එතෙන්ට යෑමක් නෑ. අර දූරේ විවෙකා හි කියන එක හරි ලස්සනට එනවා.
දැන් එහෙම නම් මේකට කරන්න තියෙන දේ තමයි මේක. එතකොට “කාමා හි ලොකෙ න හි සුප්පහායා” සුඛයෙන් නෙමේ, දැන් මෙතන රහතන් වහන්සේ පෙන්නුවේ, මේ සංස්කාර කතාවෙන් නේ. “සංස්කාර පරිදේව වුණා” එතැනින් පටන් ගත්තේ. හරි ලස්සනයි. එතකොට ඒක ලස්සනට connect වෙලා දැන් පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්