Date: 22/07/2018 Name: නිබ්බාන

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

14/07/2018 නිබ්බාන භාවනාවට සිත යොමු කළා. ඒකේ අපි ඉගෙන ගත්තා භාවිතකාය මගින් තමයි භාවිතසීල ඇති වෙන්නේ කියලා.

පාණාතිපාතය කරන අයකුට මරණය දුකයි කියලා වැටහෙන්නේ නෑ. අදත්තාදානය කරන අයකුට ජාතිය දුකයි කියලා වැටහෙන්නේ නෑ. කාමයෙහි වරදවා හැසිරීම කරන අයකුට ජරා, ව්‍යාධි දුකයි කියලා වැටහෙන්නේ නෑ. ඒ කාරණා තුන මගින් විමංසාව ඇති වන්නේ, “සුඛ නොව දුක” බව වටහා ගන්නේ, පෙර සුඛ වශයෙන් ගත්තා වූ මුසාව පහ වී යන්නේ, සම්මා වාචාව කියන එකට අපි අවතීර්ණ වෙනවා. ඊට පස්සේ අපිට පේනවා, මරණය දුක බව වැටහෙන්නේ, නිත්‍යභාවයක් නොමැති යැයි පිළිගන්නේ, සම්පප්‍රලාප ඉවත් වන්නේ, සම්මා වාචාව ස්ථීර වෙනවා.

අද භාවනාවෙදි බැලුවේ මේ නිත්‍යභාවයක් නොමැති බව වැටහෙන්නේ, සම්පප්‍රලාප ඉවත් වීම කියන එක මම මෙනෙහි කළා. ඒ නිත්‍යභාවයක් නොමැතිකම නිසා තමයි සම්පප්‍රලාප ඉවත් වන්නේ. දැන් සම්පප්‍රලාපය නිසා නිත්‍යභාවය ඇති වෙන බව අපි සාකච්ඡා කරලා තියෙනවා පෙර. නමුත් ඒකේ වැටහීම මදි බව මට පෙනුණා. බුදුපියා උදව් උපකාර කළා. “අලෝභ පාර බලන්න” කියා පැවසුවා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය තුළයි මේක තියෙන්නේ.

අපි දන්නවා එතන විරිය තුනක් භාවිතා කරනවා. නූපන් අකුසල් නොඉපදනවා. අන්න එතන අපි කාම විතක්ක එපා. අපි දන්නවා සාතයි කියලා ගත්තොත්, belt එක කැරකෙනවා.

දෙවෙනියට පෙන්නනවා උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරිය උපද්දවනවා. ඒක තමයි 4 වෙනි විරිය. ඉතින් 4 වෙනි විරිය සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ දස අකුසලය එපා. ඉන් අනතුරුව තමයි 4 වෙනි විරිය, best එක. වෙන් කිරීම නිසා හොඳ යැයි සිතනවා. ආකාසානඤ්චායතනයට වඩා විඤ්ඤාණඤ්චායතනය හොඳයි. පිසුණා වාචය නිසා වෙන් කිරීම. එතකොට මේ නිසා මෝහය. එතකොට දැන් මෝහය නිසා සම්පප්‍රලාප. වෙන් කළා ම පවතිනවා කියලා සිතනවා.

ඉතින් දැන් ඔය, 3 වෙනි විරිය මගින් සමාපත්ති ධර්මයන් පහ කරනවා. එතකොට, “වෙන් කළාට පැවතීමක් නැත” කියන එක. ඉතින් ඕක සම්බන්ධ වෙනවා, අපි දන්නවා අර සම්මා වාචා diagram එකේ මුසාවාදයෙන් පරුෂා වාචය, පරුෂා වාචයෙන් පිසුණා වාචය, පිසුණා වාචයෙන් මෝහය, මෝහයෙන් සම්පප්‍රලාපය. ඒ වගේ ම මුසාවාදය කෙළින් ම සම්පප්‍රලාපය. ඒ මුසාවාදය අභිජ්ඣාවත් එක්ක සම්බන්ධයි නේ. ඒක සම්මා වාචා diagram එකේ තියෙන්නේ.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg