Date: 24/07/2018 Name: Nibbana - Panca bala panca Indriya

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට ගත්තේ, “කොධො මොසවජ්ජඤ්ච කථංකථා ච, එතෙපි ධම්මා ද්වයමෙව සන්තෙ” කියන ගාථාව.

එතැනින් පටන් ගත්තා. එතකොට අපි දන්නවා, සාත අසාත නිසා තමයි ඔය ක්‍රෝධයයි, මුසාවයි, විචිකිච්ඡාවයි ඇති වෙන්නේ. සාත අසාත කිව්වහම, ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි, අනිෂ්ට වස්තුවයි දුක වේදනාවයි. මේ යුගලය නිසා ඡන්දය. එතන කාමච්ඡන්දය කියන එක ඇති වෙනවා නම්, අභිජ්ඣාව කියන එක ඇති වෙනවා. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම අභිජ්ඣාව. මේක විඤ්ඤාණගත වෙලා reverse වෙලා පැමිණියා. එතකොට ක්‍රෝධය කියන එක ඇති වෙනවා.

එතකොට, අභිජ්ඣාව නිසා මුසාවාදය. මුසාවාදයෙන් සම්පප්‍රලාපය. සම්මා වාචා diagram එක. අභිජ්ඣාවෙන් ගත්තා වූ දේ පවතිනවා යැයි, සම්පප්‍රලාපය මගින් පවසනවා. මුසාවාදයෙන් පරුෂා වාචය මේ මගින් පිසුණා වාචය. පිසුණා වාචය මගින් මෝහය. වෙන් කළා ම පවතිනවා යැයි සිතනවා. අපි 4 වෙනි විරිය, best එක. මතකයි නේ ආකාසානඤ්චායතනයට වඩා විඤ්ඤාණඤ්චායතනය හොඳයි. වෙන් කළා ම පවතිනවා යැයි සිතනවා. මේකට වඩා මේක හොඳයි කියලා.

දැන් මෙසේ ඇති වෙන්නා වූ මෝහ ස්වභාවය මගින්, අභිජ්ඣාවෙන් පැවසූ දේ, එනම් පවතිනවා යැයි, සම්පප්‍රලාපය මගින් සනාථ කළා වූ දේ, ස්ථිරත්වයට පත් වන්නේ සංසාරයේ සැරිසැරීම කියන එක සිදු වෙනවා. 3 වෙනි විරිය මගින් සමාපත්ති ධර්මයන් පහ කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා.

දැන් අපි පූජාව පවත්වනකොට, පංචඉන්ද්‍රියන් පංචබලයන් බවට පත් කරනවා කියලා නේ කිව්වේ. පංචඉන්ද්‍රියන් පංචබලයන් බවට පත් කරනවා කියන්නේ, අපි ඉන්ද්‍රියෙන් දැක ගන්නවා. ඒ කියන්නේ, ශ්‍රද්ධා කියන ඉන්ද්‍රියෙන් මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච, ඒක දැනගන්නවා. දැන් විරිය එහෙම භාවිතා කරනවා, මම මේක pass කරගන්නවා කියලා නේ ද? ප්‍රඥාවට ආවාට පස්සේ, අපි එතෙන්දි, ඒක අනුමත කරලා, මේක තමයි කරන්න ඕනෑ කියන එක. දැන් එහෙම කරලා, බලයෙන් මොකක් ද කරන්නේ? බලයෙන් අරක නොකර ඉන්නවා. පාණාතිපාත, අදත්තාදාන නොකර ඉන්නවා.

එතකොට පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරනවා කිව්වහම, එකපාරට ම අපිට හඳුනා ගන්නවා. පංචබලය තියෙනවා නම් මෙන්න මුසාවාදය, මෙන්න අදත්තාදානය. මෙන්න මිච්ඡා දිට්ඨිය. එහෙම නම් අපි, හඳුනා ගැනීම, දැන් ආකාසානඤ්චායතනය. අරයා කියනවා විඤ්ඤාණඤ්චායතනය හොඳයි. අන්න හඳුනා ගත්තා. දැන් මෙතන බලය ආවාට පස්සේ, “නෑ මම ගන්නේ නෑ. මේක ගන්නේ නෑ.” අන්න එතකොට සමාපත්ති ධර්මයන් පහ කිරීම කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg