Date: 25/07/2018 Name: Nibbana - Amoha

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඕගොල්ලන්ට මතකයි ඊයේ භාවනාවේ අපි පෙන්නුවා, අර අභිජ්ඣාව නිසා මුසාවාදය. මුසාවාදයෙන් සම්පප්‍රලාපය. අභිජ්ඣාවෙන් ගත්තා වූ දේ පවතිනවා යැයි, සම්පප්‍රලාපය මගින් පවසනවා කියලා.

ඊට පස්සේ ඒ මුසාවාදයෙන් පරුෂා වාචය. ඒකෙන් පිසුණා වාචය. පිසුණා වාචය මගින් මෝහය. වෙන් කළා ම පවතිනවා යැයි, සිතනවා. ඉතින් ඔතනදි අපි 4 වෙනි විරිය, භාවිතා කළා, අර best එක කියන එක භාවිතා කළා. දැන් ඉතින් ඔය භාවනාව ඔය තත්වයට ආවා ම මනස පුදුමාකාර විදිහට තියෙනවා. ඒ කියන්නේ මෝහයේ ස්වභාවය කියන එක අපි බැලුවා නේ. අභිජ්ඣාවෙන් පැවසූ දේ, එනම් පවතිනවා යැයි, සම්පප්‍රලාපය මගින් සනාථ කළා වූ දේ, ස්ථිරත්වයට පත් වන්නේ සංසාරයේ සැරිසැරීම සිද්ධ වෙනවා. ඉතින් අර 3 වෙනි විරිය භාවිතා කරන්න ඕනෑ, සමාපත්ති ධර්මයන් පහ කරන්න. ඉතින් මනස බොහොම හොඳයි මේ වෙලාවේ.

එතෙන්දි අපි මුසාවාදයෙන් පරුෂා වාචයට එනවා නේ. දැන් ඕක බලලා, පරුෂා වාච අවස්ථාවේ දී සිහි කරන්න ඕනෙ අපි ඊයේ කිව්වේ අර පන්සිල් ගන්නකොට “පංචඉන්ද්‍රියන් පංචබල බවට පත් කරමි” කියන එක කිව්වා. පංචඉන්ද්‍රියන්, සඤ්ඤාවෙන් යමක් හඳුනා ගන්නාක් මෙන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් ඒ පාණාතිපාතය, පාණාතිපාතය මෙන් හඳුනා ගන්නවා. අදත්තාදානය, අදත්තාදානය මෙන් හඳුනා ගන්නවා. මුසාවාදය, මුසාවාදය මෙන් හඳුනා ගන්නවා. මෙය නොකළ යුතුයි.

ඒ ප්‍රඥාව මගින් දස කුසලය පැවැත්විය යුතු බව පෙන්නා දෙනවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දැන් ගන්නවා. මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය වශයෙන් දැනගන්නවා. සම්මා දිට්ඨියෙන් දැනගන්නවා. එතකොට ප්‍රඥාව මගින් තමයි සම්මා දිට්ඨිය, ඒක ඇති වුණේ. මේ විදිහට හඳුනා ගන්නේ, නොකර ඉඳීම කියන එක පංචබලයන් මගින් සිද්ධ කරනවා.

ඉතින් මේ වෙලාවේ සිත නොසෙල්වී පවතිනවා. එතකොට, මේකේ මෙහෙම දැනගෙන ගිහිල්ලා, අන්තිමට දැනගන්නවා, නිබ්බානං රතනංති කරිත්වා, ආශ්චර්ය භාවෙන අතුලං කියලා. මේ විදිහට දැකලා.

දැන් මේ පෙන්නුවේ, සංස්කාර නොකිරීම නේ. අරක ඒක විදිහට එතනින් දැනගන්නවා.

ඒක තමයි මං කරපු භාවනාව.