පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම කළේ 16/07/2018 නිබ්බාන භාවනාව නැවතත් සිහි කළා. ඒකේ මතක ඇති, අර සක්කාය දිට්ඨි පළවෙනි column එක නැති කිරීම තමයි දුක්ඛ table එකේ තියෙන්නේ. එතන අපි ඉගෙන ගත්තා, යම් සංස්කාරයක් පරිදේව වූයේ ද, එනම් මිය ගියා වූ එම සංස්කාරයන්ට අගයක් නොදිය යුතු වන්නේ ය. එනම්, එමගින් නිත්‍යභාවයක් පෙර ඇති වූවා ද, එහි පැවැත්මක් නැති බව පරිදේව වීම මගින් වටහා ගන්නේ, දක්නේ, අහංකාර වීමක් නොවිය යුතු ය. අහංකාරය ඉවත් වන්නේ, බැස යන්නේ, එමගින් ඇති වෙන්නා වූ අත්තා යන්න ඉවත් වෙනවා.
අත්තා යන්න ඉවත් වන්නේ, සම්මා ආජීව වීමෙන් අනතුරුවයි. අත්තා යැයි ගැනීම නිසා රූපයන් ලාභ වශයෙන් පෙර ගත්තා ද, මෙය ඉවත් වෙනවා. මෙසේ වීමෙන් අනතුරුව රූප සොයා යාමක් නොවන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි කියලා ඉගෙන ගත්තා. එතකොට ඒකේ අහංකාරයට මනස යොමු වුණා.
අහංකාරය තුළ සියලු ප්‍රශ්නයෝ ගැබ් ගෙන ඇත්තාහ. “රූපං අත්තතො සමනුපස්සති.” උදාහරණයක් වශයෙන් ගත්තොත්, ඉඩමක් ලාභ වශයෙන් ගන්නේ මොකක් නිසා ද? සංස්කාරය නිසා. ගෙයක් හදන්න පුළුවන්. ඉඩම විකුණලා ජීවත් වෙන්න පුළුවන්. කැලෑවක් වුණත්, ඒක government එකට අයිති වුණත්, ඒක ලාභයි. Oxygen හරි ලැබෙනවා. නැවත උත්පත්තියක් හොයන ප්‍රදේශයක ලබා ගන්න පුළුවන්. සංස්කාර නිසායි මෙය සිද්ධ වන්නේ. කුමක් නිසා සංස්කාරවලට අගය දේ ද? අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා. අවිද්‍යාව නිසායි.
අවිද්‍යාවට ආසන්න කාරණය වූයේ විපල්ලාස 12. සුභ, සුඛ, අත්තා, නිත්‍ය. තථාගතයන් වහන්සේ පංචනීවරණ නිසා අවිද්‍යාව වෙනවා කියලා පවසනවා. දැන් මේක පැහැදිලියි. කාය සූත්‍රය බලමු. “මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ කාමච්ඡන්දයාගේ බහුලභාවය පිණිස, මහත්භාවය පිණිස හෝ ආහාර වේ,” කියලා කියනවා. එතකොට අසුභයේ සුභ කියන විපල්ලාසය කෙරෙහි අයොනිසො මනසිකාරය නිසා ඇති වූ ප්‍රතිඵලය කාමච්ඡන්දය. මේකෙන් අවිද්‍යාව ඇති වෙනවා. මෙය මගින් රූපයේ සිට සඤ්ඤාව දක්වා යන්න කාමච්ඡන්දය මගින් jack එකක් ගහනවා. Support කරනවා.
ඊළඟට පෙන්නනවා, “මහණෙනි, නූපන්නා වූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ ව්‍යාපාදයාගේ බහුලභාවය පිණිස හෝ, මහත්භාවය පිණිස හෝ පවත්නා වූ ආහාරය කවරේ ද? මහණෙනි, පටිඝ නිමිත්තක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ ව්‍යාපාදයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ ආහාර වේ,” කියලා. සුභයට නිත්‍ය එකතු කරලා සුඛ යැයි වරදවා වටහා ගත්තා. සීයා මෙන් පෙර සුඛය ඉල්ලනවා. මෙසේ දුක් වූ දේ සුඛ යැයි ගත් විපල්ලාසය මගින් ව්‍යාපාදය විය. එමගින් ඇති වූවා වූ නාමරූප ධර්මයන් සඤ්ඤා, චේතනා වීමට උදව් උපකාර කරනවා. එතකොට ව්‍යාපාදයෙන් තමයි සඤ්ඤා, ඉඳන් චේතනාවට යන්න jack එක ගහන්නේ. එතන ව්‍යාපාදය තියෙනවා. බිඳුණා වූ සුඛ වේදනාව සහ සුඛ යැයි වරදවා ගත් දෙක ම එයට තුඩු දෙනවා.
“මහණෙනි, නූපන්නා වූ ථීනමිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ ථීනමිද්ධයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ පවතින්නා වූ ආහාරය කවරේ ද? මහණෙනි, සිතේ අලස බව, කයේ අලස බව, බත් මදය සහ සිතේ හැකුළුණු බවක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ ථීනමිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ ථීනමිද්ධයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ ආහාර වේ,” කියලා කියනවා.
එතකොට ඒ කියන්නේ දැන් අපි ඉහත සඳහන් කළ යම්කිසි ධර්මයක්, අපි කිව්වා නේ සුභ, සුඛ වශයෙන් ගත්තා කියලා, නේ ද? ඒක තමා කර පවත්වන්නේ ද, එය මගින් ථීනමිද්ධය ඇති වෙනවා. මේක ආහාර වැඩියෙන් ගත් අයකු යම් සේ, මත් වේ ද, එසේ ම යම් දහමක්, සුභයි කියන දහම overly doing වට අටක් දක්වා ම නොනවත්වා ගියේ ද, මෙය ම ප්‍රත්‍ය වී ථීනමිද්ධ ස්වභාවයට පත් වේ. මෙසේ අනත්තේ අත්තා යන විපල්ලාසය පෙරටු කොට, වට කරකවා, ථීනමිද්ධ සහගත වීම මගින්, චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා ගමන් කිරීමට ථීනමිද්ධය කියන එක jack එක ගහනවා.
“මහණෙනි, නූපන්නා වූ උද්ධච්ච, කුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ උද්ධච්ච, කුක්කුච්චයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ පවතින්නා වූ ආහාරය කවරේ ද.? මහණෙනි සිතේ නොසන් සිඳීමක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ උද්ධච්ච, කුක්කුච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ උද්ධච්ච, කුක්කුච්චයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ ආහාර වේ” කියලා කියනවා.
යම් උද්ධච්චයක් වේ ද, එය තුළ නිත්‍යභාවය සියුම්ව අඩංගුයි, පෙර යම් දහමක් තමා කර පැවැත්වූවා ද, එම දහම නොපවතින බව නොදත්තේ, not seen, එහි යම් සෙවීමක් වේ ද, මෙය මගින් උද්ධච්ච ස්වභාවය ඇති වෙනවා. මෙසේ විඤ්ඤාණය ඉඳන් ඉදංසච්චය දක්වා යෑමට උද්ධච්චය support කරනවා, jack එක ගහනවා. මෙයට යම් පරාමාසගත වූ නොපිරුණා වූ නුවණ සහිත වූ දහමක් එකතු වේ ද, එය මගින් ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතිය දක්වා යන්න කුක්කුච්චය විසින් උදව් උපකාර කරනවා. Jack එක ගහනවා. එතකොට මෝහ අගතිය දක්වා ඒම සිද්ධ වෙනවා.
මෙහි දී විශේෂ අවධානය යොමු විය යුතු ධර්මය වන්නේ, පුනපුනා එම වැරැද්දට ම භාජනය වීමයි. කුමන වැරැද්දක් ද? සුභ, නිත්‍ය, ඒකෙන් සුඛ, ඊට පස්සේ අත්තා, නිත්‍ය, ඒ කියන්නේ උද්ධච්චය දක්වා මෙහෙයවන ධර්මයන්. ඒකට පුනපුනා භාජනය වෙනවා.
ඊළඟට පෙන්නනවා, “මහණෙනි, නූපන්නා වූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ විචිකිච්ඡාවේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ පවත්නා වූ ආහාරය කවරේ ද? මහණෙනි සැකයට, විචිකිච්ඡාවට ස්ථාන වූ ධර්මයෝ ඇත්තාහ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන් විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ විචිකිච්ඡාවේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ ආහාර වෙනවා” කියලා. සැකයට ප්‍රත්‍ය වෙන්නේ ථීනමිද්ධයයි, කුක්කුච්චයයි. මෙහි දී ථීනමිද්ධය දක්වා, ඒ කියන්නේ සුභ, නිත්‍ය, සුඛ, අත්තා, යන ධර්මයන් නුනුවණින් මෙනෙහි කිරීමත්, කුක්කුච්චය දක්වා ගෙන ගියා වූ, නිත්‍ය යන ධර්මයන් නුනුවණින් මෙනෙහි කිරීම මගින් සැක ඇති වෙනවා. මේ වන විට නිත්‍ය යන සංකල්පයෝ සම්පූර්ණ වී ඇති අතර දිට්ඨි විපල්ලාසයන්ගෙන් නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය හැර අන් සියලු විපල්ලාසයෝ සම්පූර්ණ වෙලා තියෙනවා.
එතකොට මෙතන අපි අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට දක්වා යන්න විචිකිච්ඡාවෙන් jack එක ගහනවා. ඒ දක්වා යෑම සිදු වන්නේ, රාග සල්ලයෙන් රූප ස්පර්ශ කරන්නේ, දිට්ඨි විපල්ලාසය සම්පූර්ණ වීම සිද්ධ වෙනවා.
අන්න ඒක තමයි මං කරපු භාවනාව.