ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. ඒකේ සාත, අසාත නිසා වන ඡන්දයක් තියෙනවා. ඒක සිද්ධ වන්නේ වට හතරෙදි. කාමච්ඡන්දය කියන එක වට දෙකේදි සිද්ධ වෙනවා. ඉතින් ඒක බුදුපියාගෙන් විමසුවා. “වට දෙක අවස්ථාව රූපය නිසා ඡන්දය, වට හතර අවස්ථාව වේදනාව නිසා ඡන්දය” කියලා පැවසුවා.
මේකෙන් අනතුරුව, 28/07/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ ඔය අහංකාරය කියන එකට මනස යොමු වුණා. අහංකාරය තුළ සියලු ප්‍රශ්නයෝ ගැබ් ගෙන ඇත්තේ ය. “රූපං අත්තතො සමනුපස්සති.” උද්ධච්චය දක්වා සිහි කළා. යම් උද්ධච්චයක් වේ ද, එය තුළ නිත්‍යභාවය සියුම්ව අඩංගු වෙයි. පෙර යම් දහමක් තමා කර පැවැත්වූවා ද, එම දහම් නොපවතින බව නොදත්තේ, එහි යම් සෙවීමක් වේ ද, මෙය මගින් උද්ධච්ච ස්වභාවය ඇති වෙනවා.
අන්න ඒ ධර්මයට මනස යොමු කළා. වහලා, slave, අර සිංදුව ඇසී, සුඛ බව ද, එය තමා කර පැවැත්වීම ද කරනවා. එය සොයනවා. එනමුදු මරණ බිය ඇත්තේ, පුටු සෑදීමට යනවා. එමගින් පෙර ගත්තා වූ සුඛය නොපවතී. එහි නිත්‍යභාවයක් නොමැති නමුදු එහි යම් සෙවීමක් වේ ද, එමගින් උද්ධච්ච ස්වභාවය ඇති වෙනවා.
අපි ධර්මය හෝ තමා කර පැවැත්වුවහොත්, එම දහම් ද යම් හෙයකින්, යම් බාධාවක් නිසා හෝ පැවැත්විය නොහැකි වන්නේ නම්, එම දහම දීම සඳහා සෙවීමක් ඇති වන්නේ ද, එමගින් ද උද්ධච්චය ඇති වෙනවා. ධර්මයෝ ද නිත්‍යභාවයක් නොමැතියි. තථාගතයන් වහන්සේලා, පිරිනිවන් පෑම සමඟ, ධර්මයෝ අභාවයට යන්නාහු ය. එනමුදු දීම සඳහා සෙවීම ඇත. අත්තා යන දිට්ඨිය ම සොයන බව වැටහෙනවා. එනමුදු සෑම දෙනාට ම ලැබෙන්නේ දුක ම බව වැටහෙනවා.
සැරියුත් හාමුදුරුවෝ පැවසුවා, “ඉපදෙනවා නම් දුකයි, නොඉපදෙනවා නම් සුඛයි.” අන්න ඒක වැටහෙනවා.
උපන්නා වූ පුද්ගලයාට යම් ලාභයක් යැයි ගත් යමක් වේ ද, එය නොපවතී. මෙය අන්තරා පරිනිබ්බායී නොවූයේ සිට, පිරිනිවන් පෑම දක්වා ගන්නා වූ සෑම භවයක් කෙරෙහි ම යෙදිය යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් ඕක කළා ම පුදුමාකාර විදිහට ඒ සමාධිය කියන එක පවතිනවා. අතීත භවයන් හිටන් පේනවා.