Date: 07/08/2018 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් අරගෙන, 02/08/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒ නිබ්බාන භාවනාවේ, ඔය අපි දන්නවා සක්කාය දිට්ඨි column එකේ ඒ නන්දිරාගයෙන් පස්සේ මේ අහංකාරය කියන එක තමයි ප්‍රශ්නය කියලා. ඒ සංස්කාරවලට අගයන් දීලා, “රූපං අත්තතො සමනුපස්සති ” දක්වා යෑම කියන එක සිහි කළා.

සංස්කාර අවිද්‍යාව නිසායි. අවිද්‍යාව පංචනීවරණ නිසා. එතකොට එතන පෙන්නනවා, “මහණෙනි, සුභ නිමිත්තක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ කාමච්ඡන්දයාගේ ඉපදීම පිණිස ද උපන්නා වූ කාමච්ඡන්දයාගේ බහුලභාවය පිණිස ද මහත්භාවය පිණිස ද ආහාර වෙනවා” කියලා. එතකොට අසුභයේ සුභයි කියන විපල්ලාසය කෙරෙහි අයොනිසො මනසිකාරය නිසා ඇති වූ ප්‍රතිඵලය කාමච්ඡන්දය. ඉතින් මේකෙන් අවිද්‍යාව ඇති වෙනවා.

ඊළඟට ව්‍යාපාදය. “මහණෙනි, පටිඝ නිමිත්තක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ ව්‍යාපාදයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ ව්‍යාපාදයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ ආහාර වෙනවා.” එතකොට සුභයට නිත්‍යයි කියලා එකතු කරලා සුඛයි කියලා අපි වරදවා වටහා ගත්තා. සීයා මෙන් සුඛය ඉල්ලනවා. මෙසේ දුක් වූ දේ සුඛ යැයි ගත් විපල්ලාසය මගින් ව්‍යාපාදය ඇති වෙනවා. ව්‍යාපාදයට බිඳුණා වූ සුඛ වේදනාව සහ සුභ යැයි වරදවා ගත් ධර්ම දෙක ම තුඩු දෙනවා. ලෝකයේ තියෙන්නේ දුක. එසේ නම්, අපි සුඛ යැයි වරදවා ගන්නා තාක් කල් ව්‍යාපාදය ම ඇත, එවැන්නෙකුට, ව්‍යාපාදය ම ඇත්තේ ය.

ඊළඟට ථීනමිද්ධය. “මහණෙනි, සිතේ අලස බව, කයේ අලස බව, බත් මදය සහ සිතේ හැකුළුණු බවක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට නූපන්නා වූ ථීනමිද්ධයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ ථීනමිද්ධයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස ආහාර වේ.”

ඒකත් අපි ඉගෙන ගත්තා 2 වෙනිදා භාවනාවෙදි. යම් දහමක් තමා කර පවත්වන්නේ ද, එය මගින් ථීනමිද්ධය ඇති වෙනවා. මේ ආහාර වැඩියෙන් ගත් අයකු යම් සේ මත් වේ ද, එසේ ම යම් දහමක්, සුභ කියලා අරගෙන, overly doing වට අටක්ම අපි කරකවනවා. නොනවත්වා ගියේ ද, මෙය ප්‍රත්‍ය වී ථීනමිද්ධ ස්වභාවයට පත් වේ. මෙසේ අනත්තේ අත්තා යන විපල්ලාසය පෙරටු කොටගෙන, වට කරකවා, ථීනමිද්ධ සහගත වීම සිද්ධ වෙනවා.

මෙහි දී සුඛය අත්තා කර ගනී. අත්තා කර ගන්නා තාක් කල් ථීනමිද්ධය. හරියට ව්‍යාපාදය අත්තා කරගත්තා වගේ. ලෝකයේ ඇත්තේ දුකයි. එය සුඛ යැයි ගෙන අත්තා කර ගන්නා තාක් කල් ථීනමිද්ධය. අපි එහි ම ඇලී සිටිනවා. දැන් එහෙම නම් “රොගං වදති අත්තතො” කියන එක වැටහෙනවා. අත්තා යැයි ගැනීම ම රෝගයක්.

ඊළඟට උද්ධච්චය. “මහණෙනි, සිතේ නොසන් සිඳීමක් ඇත්තේ ය. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ උද්ධච්චයාගේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ උද්ධච්ච කුක්කුච්චයාගේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ ආහාර වෙනවා“ කියලා. යම් උද්ධච්චයක් වේ ද, එය තුළ නිත්‍යභාවය සියුම්ව අඩංගු වෙනවා. පෙර යම් දහමක් තමා කර පැවැත්වූවා ද, එම දහම නොපවතින බව නොදත්තේ, එහි යම් සෙවීමක් වේ ද, මෙය මගින් උද්ධච්ච ස්වභාවය ඇති වෙනවා. මෙතෙන්දි නිත්‍යයි කියලා ගන්නවා. කුමක් ද? අත්තා යැයි ගත්ත දේ නිත්‍යයි කියලා ගන්නවා. මෙහි පැවතීමක් නැත. නිත්‍යයි ගන්න තාක් කල් උද්ධච්චය.

ඊළඟට කුක්කුච්චය. මෙයට පෙර පරාමාස වූ, නොපිරුණා වූ, නුවණ සහිත වූ යම් දහමක් එකතු වේ ද, එය මගින්, අපි දන්නවා ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතිය දක්වා ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා.

එතෙන්දි පෙන්නුවා, විශේෂ අවධානය යොමු විය යුතු ධර්මය වන්නේ, පුනපුනා එම වැරැද්දට ම භාජනය වීමයි කියලා. කුමන වැරැද්දක් ද? සුභ, නිත්‍ය, සුඛ, අත්තා, නිත්‍ය. ඒ කියන්නේ උද්ධච්චය දක්වා මෙහෙයවන ධර්මයන්. උද්ධච්චයේ දී ගත්ත දේ කුක්කුච්චයෙදි repeat කරනවා. මෙය repeat කළ නොහැක.

ඒ කියන්නේ සුභ, නිත්‍ය, ඒකෙන් සුඛ, අත්තා, නිත්‍ය, කියලා repeat කරන්න බෑ. මෙහි දී, අහං සහ මමං එකතු වෙලා ඉන්නවා. සුභ යැයි ගැනීම ම සුදුසු යැයි පෙන්නා දෙයි. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ slide 5 එකේ අපි බැලුවේ. ඒ විදිහට සිදු වන්නේ කුක්කුච්චය ම පවතිනවා අපිට. අරයා කියන තාක් කල් කුක්කුච්චය ම තමයි.

ඊට පස්සේ විචිකිච්ඡාව. “මහණෙනි, සැකයට, විචිකිච්ඡාවට ස්ථාන වූ ධර්මයෝ ඇත්තාහ. එහි නුනුවණින් මෙනෙහි කිරීම බහුල කොට පැවැත්මක් වේ ද, මේ නූපන්නා වූ විචිකිච්ඡාවේ ඉපදීම පිණිස හෝ උපන්නා වූ විචිකිච්ඡාවේ බහුලභාවය, මහත්භාවය පිණිස හෝ ආහාර වෙනවා.

එතකොට අපි ඉගෙන ගත්තා සැකයට ප්‍රත්‍ය වෙන්නේ ථීනමිද්ධයයි කුක්කුච්චයයි. මෙතෙන්දි ථීනමිද්ධය දක්වා එන්නා වූ ඒ ධර්මයන් නුනුවණින් මෙනෙහි කරනවා. ඒ කියන්නේ, සුභ, නිත්‍ය, ඒකෙන් සුඛ, අත්තා කියන ධර්මයන්.

ඊළඟට කුක්කුච්චය දක්වා ගියා වූ, නිත්‍ය යන ධර්මයන් නුනුවණින් මෙනෙහි කරනවා. මේ දෙක මගින් තමයි මේ සැකය ඇති වෙන්නේ. එතකොට, සුඛය අත්තා කරගන්න තාක් කල් ථීනමිද්ධය අපිට තියෙනවා. ලෝකයේ දුක්ඛය ම ඇත්තේ, ඒ නිසා අපිට සැකය ම යි ඇත්තේ.

ඊළඟට සුභ යැයි ගැනීම සුදුසු යැයි පෙන්වා දෙන තාක් කල් කුක්කුච්චය ම ඇත. එසේ නම් උද්ධච්චය repeat කරන තාක් කල් අපිට සැකය ම තියෙනවා. Repeat කරන්න බෑ. ගඟක, river එකක, එක ම තැනකට දෙපාරක් බහින්න බෑ. ඒ කියන්නේ පෙර යම්කිසි මනුස්ස භවයක සිටියා ද, එම භවයෙන් මැරී නැවතත්, ඉපදුණ පසු, පෙර මෙන් ම එය පැවත් විය නොහැක. කුමක් නිසා ද? පෙර මැරුණු බැවින් සැකය ම පවතින බැවිනි. එනමුදු රාග සල්ලයෙන් රූප ස්පර්ශ කරන්නේ, දිට්ඨි විපල්ලාසය ම සම්පූර්ණ කරන්නේ, එය ම ස්ථීර වී අනුසය ඇති වේ.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg