Date: 09/08/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය, නන්දිය සිහි කළා. එතකොට, ඔයගොල්ලෝ දන්නවා රූපයේ රාගය curve එක 6.2, 6.4, peak එකට ආවා ඊට පස්සේ 7.1. ඊට පස්සේ වේදනාවේ රාග curve 6.6, 7.7, 8.2. ඊට පස්සේ රූපයේ නන්දිය, අපි 7.1න් පටන් අරගෙන 7.7 peak එක, ඊට පස්සේ 8.2, මරණය 8.2 දී සිද්ධ වෙනවා.

එතකොට අපි දන්නවා රූපයේ නන්දි curve එක බැලුවහම 7.1 ධම්මමච්ඡරිය. 7.7 උපායාසය. 8.2 වෙනකොට රූප සොයා යනවා. ඉතින් මේක දුක්ඛ table එකත් එක්ක සම්බන්ධ වුණා.

එතකොට දැන් අපි බැලුවොතින් එහෙම, රූපයේ රාගය, 6.2, 6.4, 7.1. 6.4 peak එක. 6.4 වෙනකොට රූපරාග curve එකේ peak එක. 7.1 වෙනකොට ඒක මැරිලා යනවා. එහෙම නම්, ඉතින් ඒ “අහංකාර සඤ්ඤාව මගේ යැයි කියලා ගන්න වටිනවා ද?” කියන එක වැටහෙනවා. ඒ කියන්නේ, 6.4 මතක නේ, නන්දි අගය වේදනාවත් ඉක්මවලා ඇවිල්ලා තිබිච්ච අවස්ථාව, නේ ද?

එතකොට, එහෙම නම්, ඉතින් දුක්ඛ table එකේ තුන් වෙනි row එක ඒ, දකුණු පැත්ත. ඒ පෙන්නන්නේ. “නන්දි” යැයි සැක වන්නේ අපි එතන පෙන්නුවා “6.4 ව්‍යාධිය සිදු වී ඇත” කියලා කිව්වේ. එතකොට, එතැනින් පටන් ගන්න පුළුවන් නේ ද?

එතකොට, 7.1. වෙනකොට ඒක මැරිලා යනවා. එහෙම නම්, “අහංකාර සඤ්ඤාව මගේ යැයි කියලා ගන්න වටිනවා ද?” කියන එක අර පල්ලෙහා දුක්ඛ table එකේ හතර වෙනි row එකේ, පල්ලෙහා ම කෑල්ලට එනවා.

ඒ වුණත් ධම්මමච්ඡරිය මගින්, ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපද්දවනවා. එතකොට, එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින් සීලබ්බත පරාමාසය තුළ, අහංකාර අගය, සඤ්ඤාවක් ලෙස තැන්පත් වෙනවා. එහෙම නම්, දුක්ඛ table එකේ, හතර වෙනි row එකේ මැද්දේ කෑල්ලට එනවා අපි. එතකොට, දැන් රූපයේ නන්දි curve එකේ peak එක - 7.7 - නන්දිරාගය. අන්න එතකොට, අපි එනවා, දුක්ඛ table එකේ, පළවෙනි column එක - සක්කාය දිට්ඨි column එකේ පල්ලෙහා ම කෑල්ල. හතර වෙනි row එකේ, නන්දිරාගය. එතකොට, දැන් ඉතින් අපි එතෙන්ට ආවාට පස්සේ, ඒකෙන් අනතුරුව, 8.2 රූප හොයාගෙන යනවා. අර උඩට යනවා කියන එක පේනවා.

ඉතින්, දැන් මෙතෙන්ට ආවාට පස්සේ කෙනෙකුට, බලන්න පුළුවන් මේ අහංකාරයේ කතාව. එතන අපි පෙන්නුවා නේ මේ මෙතන සංස්කාර නිසා මේ කතාව තියෙන්නේ. හදන්න පුළුවන් එක එක සංස්කාර නේ. ආකිඤ්චඤ්ඤායතනය වුණත් සංස්කාර තමයි. ඉතින් එතකොට ඒකේ අපි පෙන්නුවා නේ, ඇයි මේ සංස්කාර කරන්නේ? අවිද්‍යාව නිසායි. එතකොට, ඉතින් අවිද්‍යාව අපි බැලුවා පංචනීවරණ නිසා කියලා. ඒ පංචනීවරණ භාවනාව කෙනෙකුට කරන්න පුළුවන්.

ඉතින්, මට අද මේ භාවනාව කරනකොට, ඔතෙන්දි සම්බන්ධ වුණේ, අර “යො වෙ අවිද්‍යා උපධින් කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො” අර “උපධිනිදානා පභවන්ති දුක්ඛා,” ඒ ගාථාව තියෙනවා නේ ඒක හරි ලස්සනට එතෙන්ට සම්බන්ධ වෙනවා නේ ද?

ඉතින් මේ පුනපුනා අපි ආපහු රූපයට 8.2 ගියා කියලා කියන්නේ ඉතින් දුක්ඛය ම තමයි. මෝඩයා, බාලයා විසින් කරන්නා වූ දෙයක් නේ, එතෙන්ට යනවා කියන එක.

“තස්මා පජානං උපධින් න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී ති.” කියන ඒ භාවනාව කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පංචනීවරණ භාවනාව ඒක කරන්නත් පුළුවන්. ඉතින් පංචනීවරණ භාවනාවෙත් ඉතින් මෙතන ඒක සම්බන්ධ වෙනවා.

උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිං අනෙකරූපා. ඒකත් එක්ක සම්බන්ධ වෙලා එනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

RupaNandi.jpg


DukkaChakraya/DukkaChakraya-07.jpg