Date: 12/08/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය, නන්දිය, සිහි කළා. රූපයේ නන්දි curve එක හටගැනීම අපි දන්නවා 7.1, peak එක 7.7, මරණය - 8.2 වෙනවා කියලා දන්නවා. එතකොට, අපි 9 වෙනිදා භාවනාවෙදි සාකච්ඡා කළා 7.1 ධම්මමච්ඡරිය. 7.7 උපායාසය. 8.2 රූප සොයා යනවා කියලා. ඉතින් දුක්ඛ table එකත් එක්ක සම්බන්ධ වුණා.

එතකොට දුක්ඛ table එකේ අපිට පේනවා, ඔය 6.4 කියන එක. 6.4 වෙනකොට රූප රාග curve එකේ peak එක. 7.1 ධම්මමච්ඡරිය. ඒ වගේ ම 7.1 කියන්නේ සුභ යැයි කියලා ගැනීම. එතකොට 7.1 ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපද්දවනවා.

එතකොට, අපිට පේනවා මේ සුභයි කියලා ගත්තහම රූපය, එතන ඉඳන් range එක ආකිඤ්චඤ්ඤායතනය දක්වා ම සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ ධ්‍යානයන්ට අහංකාර වීම මගින්, සීලබ්බත පරාමාසය තුළ අහංකාරය සඤ්ඤාවක් ලෙස තැන්පත් වෙනවා කියලා ඉතින් ඊට පස්සේ ඒ රූපයේ නන්දි curve එකේ peak එක 7.7 නන්දිරාගය, ඉන් අනතුරුව, 8.2 රූප සොයා යෑම කියලා සාකච්ඡා කළා.

දැන් ධම්මමච්ඡරිය සඳහා, ප්‍රධාන සංස්කාරය කුලමච්ඡරිය. කුමන කුලයක් ද? මෙවැනි වේදනා දෙන කුලයක්. ඒ කියන්නේ, රූප රාගයට තුඩු දෙන්නා වූ, එය සම්පූර්ණ කරන කුලයන් හොයනවා. එවැන්නක් ලැබෙන්නේ, ඒක ආවාස කරගන්නවා. මෙතනදි අපි මව් කුසට යන අවස්ථාව සිහි කරන්න ඕනෑ. “මෙවැනි සැප දෙන මවුපියවරු” යනුවෙන් එම ප්‍රදේශය ද ආවාස කරගන්නවා.

ඉතින් ඔය වෙලාවෙ, මේක තියෙන්නේ 01/09/2015 මච්ඡරිය 2 භාවනාවේ, දැන් ඔය වෙලාවේ අපිට පේනවා අන්න අර මනුස්සයා හැදිලා තියෙනවා. ආවාසමච්ඡරියයි, කුලමච්ඡරියයි කකුල් දෙක හැටියට තියෙන ධම්මමච්ඡරිය ඉඳන් චේතනාවට යන, ඒ මනුස්සයා හැදිලා තියෙනවා. එයාට jack එක ගහන්නෙ, උද්ධච්චයෙන්. ඉතින් උද්ධච්චයේ තියෙනවා නේ අර නිත්‍යභාවය කියන එක එහෙම, පවතිනවායි පැවතිය හැකියි කියලා. එතකොට ආවාසමච්ඡරිය වෙනකොට, ඒකේ බලපෑම තියෙනවා.

එතකොට දැන් ඒ වාගේ ආවාස ලැබෙන්නේ, ඒක ලාභයක්. ඒක පවතිනවා කියන කතාව නේ තියෙන්නේ. එතකොට ලාභමච්ඡරිය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ හරියට දැන් 6.2 කතාව වගේ. ලාභය පවතිනවා කියල නේ නිත්‍ය කතාව ආවේ. දැන් ඉතින් මේකේ වර්ණනාව. Reputation එක තියෙනවා. ඉතින් මේ විදිහට වණ්ණමච්ඡරිය කියන එක ඇති වෙනවා.

ඉතින් අපි 27/01/2018 නිබ්බාන භාවනාවෙදි, අපි තේරුම් ගත්තා මේ සුඛ යැයි කියලා වර්ණනා කරන්නේ දුක්ඛය ම යි. ඉතින් මේක වටහා ගන්නවා නම්, රූප සොයා යෑම 8.2 ඒක කරන්නේ නෑ.

ඉතින් මේ භාවනාව කළා ම ඔය මච්ඡරිය ඔය විදිහට සිද්ධ වෙනවා කියන එක, ඒක සිහියේ තියෙන තාක් කල්, සිත එහෙම්ම පවතිනවා. මොකකටවත් යන්නේ නෑ. යම්කිසි දෙයක් දැක්කා කියන්න කෝ, අතීත භවයක එකක්වත්. ඒවා දැක්කා කියලා, ඒක එහෙම ම යි. ඒ කියන්නේ හරියට ම හරි අර, රූප සොයාගෙන යන්නේ නෑ කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

RupaNandi.jpg


S_Ayatana/S_Ayatana-09.jpg