ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. පටන් අරගෙන, 12/08/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. අපි දන්නවා, රූපයේ රාගය, එතන curve එක 6.2, 6.4, 7.1. 6.4 වෙනකොට රූප රාග curve එකේ peak එක. 7.1 ධම්මමච්ඡරිය. 7.1 ම සුභයි කියලා ගැනීම. එතකොට ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපද්දවනවා. එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින්, සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වීම සිදු වෙනවා. දැන් රූපයේ නන්දි curve එකේ peak එක 7.7 නන්දිරාගය. ඉන් අනතුරුව 8.2 රූප සොයා යෑම.
එතකොට ඒ කොටස අපි කලින් සාකච්ඡා කළා. එතෙන්දිම කිව්වා, ධම්මමච්ඡරිය සඳහා ප්‍රධාන සංස්කාරය කුලමච්ඡරිය. කුමන කුලයක් ද? මෙවැනි වේදනා දෙන කුලයක්. එනම්, රූප රාගයට තුඩු දෙන්නා වූ, එය සම්පූර්ණ කරන කුලයක් හොයනවා.
මේ වන විට, area 6 නිසා area 1 නොවීම මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය මගින් පහ වීම සමඟ සිදු වෙන බව මච්ඡරිය 3 භාවනාවෙදි අපි සාකච්ඡා කරලා තියෙනවා.
එතෙන්දි, “නපරො පරං නිකුබ්‌බෙථ ඥාති මඤ්ඤේත කත්ථචි නං කංචි. බ්‍යාරොසනා පටිඝසඤ්ඤා නාඤ්‌ඤමඤ්‌ඤස්‌ස දුක්ඛමිච්ඡෙය්‍ය” කියන ඒ මෙත්තා සූත්‍ර කොටසට අවධානය යොමු වුණා කියලත් අපි සාකච්ඡා කළා.
ඒකේ පෙන්නුවා, මේ “බ්‍යාරොසනා” කිව්වහම, “ක්‍රෝධය නිසා හානි කරන්නේ නැත,” මෙය මෙසේ සිදු වන්නේ මෙත්තා සූත්‍රයේ මරණය sample එක දැකීම නිසා, නිත්‍යභාවය නැති වීම නිසා ය කියලා අපි සාකච්ඡා කළා.
එතකොට ඒ මච්ඡරිය 3 භාවනාවේදි ඒ π අකුරේ ධර්මය සාකච්ඡා කරලා මේක පෙන්වා දුන්නා. දෙයාකාරයකට පෙන්නුවා.
එතකොට කුලය අල්ලා ගැනීමට තුඩු දෙන නිත්‍යභාවය - ඒ කියන්නේ, අත්තා විඤ්ඤාණගත වී, මෝහ දක්වා ඒම කියන එක, පහ වී ගොස් ඇති නිසා, ක්‍රෝධ නොවේ කියන එක. ඒක π අකුරේ ධර්මය ඕගොල්ලෝ දන්නවා, අර පරාමාසකායගන්ථය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට 1, ඊළඟට ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ඉදංසච්චයට 2, මනොසඤ්‌චෙතනාවේ ඉඳන් විඤ්ඤාණ ආහාරයට අත්තා කියලා ගන්නවා 3. ඉතින් අත්තා කියලා ගත්තා නම්, විඤ්ඤාණය ඊට පස්සේ නිත්‍යයි කියලා පල්ලෙහාට බහිනවා. නිත්‍යයි කියන එකේ පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රවය. ඒකෙන් අපි යනවා අවිද්‍යා ආශ්‍රවයට. ගිහිල්ලා අපි මෝහ සල්ලයට යනවා.
එහෙම ගියා නම් ඉතින්, අන්න ඒ අවස්ථාව වෙනකොට ඕගොල්ලො දන්නවා, අර මනුස්සයා හැදෙනවා. කුලමච්ඡරියයි, ආවාසමච්ඡරියයි. ඒකට ඉතින් උද්ධච්චයෙන් jack එක ගහනවා කියලා, අපි බලලා තියෙනවා. දැන් ඒක පහ වෙලා යනවා නම්, ක්‍රෝධ වෙන්නේ නැත්නම්, එහෙම නම් ප්‍රධාන සංස්කාරය බැහැලා යනවා. ඒ බලපෑම ඉවත් වෙනවා. උද්ධච්චය තුළ පවතිනවා යන සංකල්පය ඉවත් වීම ලෙස මේක සලකන්න ඕන කියලා සාකච්ඡා කරලා තියෙනවා.
ඔතන තව හොඳ ලස්සන දෙයක් පේනවා. එකක් තමයි ඔය උද්ධච්චය අපි දන්නවා, ඇලුම් කටයුතු ආලම්බනයයි, ආස්වාදය ඉන්ද්‍රියයි, ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. එතකොට ඒ ඇලුම් කටයුතු ආලම්බන කොටස වැටෙනවා, කුලමච්ඡරියට. ආස්වාදය ඉන්ද්‍රිය නිසා ඇති වෙන එක වැටෙනවා ආවාසමච්ඡරියට. ඒ දෙක දෙකකට බෙදෙනවා කියන එකකුත් පේනවා.
එතකොට, පටිඝ සඤ්ඤා කියන කොටස සිහි කළා. “ව්‍යාපාදය නිසා කිසිවකුටවත් හානි නොකළ යුතුයි.” ඉහත අයුරින් නිත්‍යභාවය ඉවත් වන්නේ නම්, ඒ කියන්නේ ජාතිය ඉඳන් මරණය, sample of death, ඒ විදිහට වටහා ගන්නවා නම්, ජරා වෙන බව අපි දන්නවා, දකිනවා.
ඉතින් මරණය නිකම් ඇති වෙන්නේ නෑ නේ. ඒකට ජරා වෙලා තියෙන්න ඕනෑ. එතකොට, එහෙම නම් ජාතියෙන් ජරාව, මේක නිසායි ව්‍යාධිය, මරණය. එතකොට, එහෙම නම් දැන් ජරා වෙන බව දන්නේ නම්, ව්‍යාපාදය ඇති බව දැනගන්නවා, දකිනවා.
මෙසේ දන්නේ, දක්නේ, ව්‍යාපාදය නිසා කිසිවකුටත් හානි නොකළ යුතු බව වටහා ගන්නවා. දැන් මෙත්තා සූත්‍රයේ බ්‍යාරොසනා මගින් පටිඝ සඤ්ඤා වීම කියන එක වැටහෙනවා. අර මරණය දැක්ක නිසා තමයි, ඒකෙන් තේරුම් ගත්තා ජරාව. එතකොට, ජරා වුණා නම් තමයි, ව්‍යාපාදය කියන එක තියෙන්නේ.
අපි දන්නවා නේ සම්මා වාචා diagram එකේ. අපිට අභිජ්ඣා තියෙනවා නම්, ජරාවට පත් වුණා කියලා දැක්කහම, ව්‍යාපාදය. එතකොට දැන් ඉතින් පේනවා මෙසේ වන්නේ, ආවාසමච්ඡරිය ඉවත් වීමත්, කියන්නේ උද්ධච්ච නොවීම, සහ ජරා වන දේට අභිජ්ඣා නොවීම, ඒක පේනවා සම්මා වාචා diagram එකෙන්. අභිජ්ඣා ඇති නම් ජරාවට පත් වූ බව දන්නේ නම්, ව්‍යාපාදය ඇති වෙන්නේ. දැන් ඉතින් ජරාව කතාව තේරුම් ගත්තා නම්, එහෙම නම් ඉතින් අභිජ්ඣා වෙලා වැඩක් නෑ.
එතකොට එහෙම නම් ඉතින්, ඒක මගින් ලාභමච්ඡරිය කියන එක බැහැලා යනවා. ජරා වන දෙයකට මොකට ද අභිජ්ඣා වෙන්නේ, නේ ද? ව්‍යාපාදය නේ ඇති වන්නේ. ඉතින් ඒ එක්ක ම අපි පෙන්නුවා 27/01/2018 නිබ්බාන භාවනාවෙදි, සුඛ යැයි වර්ණනා කරන්නේ දුක්ඛය ම යි. ඉතින් එහෙම නම් වණ්ණමච්ඡරියත් යනවා නේ. මේක වටහා ගන්නේ, රූප සොයා යෑම, 8.2, නොකරනවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්