ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. 14/08/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඕගොල්ලෝ දන්නවා ඒකෙ රූපයේ රාගය, 6.2. එතකොට 6.4 curve එකේ peak එක, 7.1 ධම්මමච්ඡරිය. 7.1 සුභ යැයි කියලා ගැනීම. එතකොට ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපද්දවනවා. එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින්, සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වීම සිද්ධ වෙනවා. දැන් රූපයේ නන්දි curve එකේ peak එක 7.7 නන්දිරාගය. ඒකෙන් අනතුරුව, 8.2 රූප සොයාගෙන යනවා කියලා අපි බලලා තියෙනවා. එතකොට, ධම්මමච්ඡරිය සඳහා ප්‍රධාන සංස්කාරය කුලමච්ඡරිය. කුමන කුලයක් ද? මෙවැනි වේදනා දෙන කුලයක්. එනම්, රූප රාගයට තුඩු දෙන්නා වූ, එය සම්පූර්ණ කරන කුලයක් හොයනවා.
මේ වන විට, area 6 නිසා area 1 නොවීම, මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය මගින් පහ වීම සමඟ සිදු වෙන බව මච්ඡරිය 3 භාවනාවෙදි අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට, මේ π අකුරේ ධර්මය. ඒකෙ ඕගොල්ලෝ දන්නවා, ඔය අත්තා කියලා ගත්තහම, එතන අපි දන්නවා, මනොසඤ්‌චෙතනාව දක්වා ආවා නම්, ධම්මමච්ඡරිය අපි ඔතෙන්ට නේ ඇවිල්ලා තියෙන්නේ. එතැනින් අත්තා කියලා ගත්තා, විඤ්ඤාණය. එතැනින් ආවා නිත්‍ය සඤ්ඤාවට. එතැනින් එනවා, දිට්ඨි ආශ්‍රවයට. දිට්ඨි ආශ්‍රවයෙන් අපි එනවා කාම ආශ්‍රවය කියන එකට.
එතකොට එක පැත්තකින් අපිට පේනවා මේ විදිහට. දැන් ඔය පථය ගත්තහම, ඒ අත්තා, නිත්‍ය, දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල. මේකෙන් අනතුරුව සඤ්ඤාව සනාථ කරනවා. නැවතත් දිට්ඨි ආශ්‍රව වීම පළමුව සිදු වෙනවා. ඒ කියන්නේ සුඛ යන සඤ්ඤාව කාම ආශ්‍රවය දක්වා යෑම පළමුව සිද්ධ වෙනවා. මොකද, අපි එනවා නේ ආපහු සඤ්ඤාව සනාථ කරලා දිට්ඨි ආශ්‍රවයට ආවා ම, එතැනින් කාම ආශ්‍රවයට එනවා. ඒ දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රව වීම පළමුව සිදු වෙනවා කියන එක අපි සාකච්ඡා කරලා තියෙන්නේ, 07/11/2015 භූත කියන භාවනාවේදි තමයි සාකච්ඡා කරලා තියෙන්නේ.
එතකොට භය අගතිය කරා යෑම කියන එක දෙවෙනුව තමයි සිද්ධ වන්නේ. එතැනින් වෙන්නේ මොකක් ද? භය අගති, දිට්ඨි අනුසය, වේදනා, එතනින් රූප. එතකොට වේදනාව සුඛ යැයි කියලා පවසන්නේ රූප සොයා යෑම කියන එක සිද්ධ වෙනවා. රූපය සුඛ යැයි පවසනවා. ඒ රූපය ලාභ වශයෙන් ගැනීමට තුඩු දෙනවා.
ඉතින් මෙතන ඕගොල්ලන්ට දැන් පථ දෙකක් පේනවා. මේ පථ දෙක ඇවිල්ලා, අපි දිට්ඨි ආශ්‍රවයට ආවා නේ සඤ්ඤාව සනාථ කරලා, එහෙම නම් අපි රතු පාටින් වාගේ ඇඳගත්තොත් දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රව, කාම ආශ්‍රවයෙන් රාග සල්ලය, රාග සල්ලයෙන් රූපයට යන එක. ඒක රතු පාට. ඊළඟට ආපහු අපිට ලකුණු කරගන්න පුළුවන්, අපි හිතමු කහ පාටින් ලකුණු කරනවා කියලා, දිට්ඨි ආශ්‍රවයෙන් භය අගතිය, එතනින් වේදනාව, වේදනාවෙන් රූපය. රූපය සුඛයි කියලා කියනවා. කහ පාටින් ඒක ලකුණු කරගත්තා. දැන් අපිට මේ වෙලාවෙදි ඔය අදත්තාදානයේ ගැඹුර කියන එක වැටහෙනවා. රූප වේදනා ජාති යන තුන් ධර්මයන් භූත වීම කියන එක අපිට පේනවා.
යමෙක් මව් කුසට යන්නේ ද, එම ප්‍රදේශය දෙස බලන්නේ, මොවුන්ගේ යම් ධනයක් වේ ද, මේ දේ මට ලැබෙන්නේ, එම අය මාව හුරතල් කරමින් ම එම දේ මට උරුම කර දේ යන්නේ, සිතීම බහුල වන්නේ, ඉහත රූප රාග සල්ලය මගින් ළඟා කර දෙන්නේ, ඒ කියන්නේ රතු පථය, ඔය දැන් කිවූ red path එක. එමගින් ලැබෙන වේදනාවෝ සුඛ යන මතය සමඟ එකතු වීම සමඟ සිද්ධ වෙනවා. ඒක කහ පථයෙන් ඒක ආවේ. මේකෙදි වංචාව අධිකයි කියලා වැටහෙනවා. මෙහි දී නිත්‍යභාවය නිසා මෙම පථයන්ගේ ආරම්භය සිදු වූ බව දන්නේ දක්නේ, අපිට පේනවා නේ π අකුරෙන් ඇවිල්ලා අපි ආවේ නිත්‍ය කතාවට.
දැන් එහෙම නම්, දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය කියන එක හොඳින් පේනවා. මේ අයත්, දෙමාපියන්, අදත්තාදානය කර ධනය උපයා ඇත. මට මේ අයගෙන් ගත හැක. තව ද මාව බබා කරගෙන කවා, පොවා මට ලබා දෙයි. මෙම අදත්තාදානය සෑම ලෝකයට ම සාධාරණයි. සුද්ධාවාසවලට සාධාරණ නැත. එය උරුමයි.
ධන හතක් තියෙනවා. ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඕතප්ප ධනය, සුත ධනය, චාග ධනය, ප්‍රඥා ධනය. තථාගතයන් වහන්සේ ඇසුරෙන් මෙම ධනයෝ තමා විසින් උපයා ගන්නේ. එතන අදත්තාදානය නැත. සුද්ධාවාසවල හැර අන් තැනක ඉපදෙන්නේ එහි mixture එකක් ඇත. එහි අදත්තාදානය ඇත. සුද්ධාවාස වන්නේ නිර්වාණය සඳහායි.
ඉතින් මෙහෙම භාවනාව කරන්නේ, සමාධි හරි වෙනස්. පුදුමාකාරයි. “මෙම සමාධිය කුමක් ද” යි බුදුපියාගෙන් විමසුවා. “නිර්වාණයට යොමු වූ ආර්ය සමාධියක්” යැයි බුදුපියා පැවසුවා. වෙන තැනකට යන්නේ අදත්තාදානයටයි. මෙතන එය නැත. මෙහි යන්නේ නිර්වාණයටයි.
ඉතින් ඔය ධන හත ගැන පෙන්නනවා, අංගුත්තර නිකායේ, සතක්ක නිපාතයේ පිටුව 285. ඒකෙ පෙන්නනවා විත්ථතධන සූත්‍රය කියලා.
මේකේ පෙන්නනවා, “මහණෙනි, මෙ ධන සතෙකි. කවර සතෙක යත්, ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය, සුත ධනය, චාග ධනය, ප්‍රඥා ධනය යි. මහණෙනි, ශ්‍රද්ධා ධන කවරේ ද යත්? මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවකයෙක් සැදැහැති වෙයි. “මේ කරුණින් භාග්‍යවතුන් වහන්සේ, අර්හත් වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, බුද්ධො භගවා ති” කියලා මේ ශ්‍රද්ධා ධනය.
ඊළඟට දෙවෙනියට පෙන්නනවා, “මහණෙනි, මේ සීල ධනය කවරේ ද යත්, මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවකයෙක් පාණාතිපාතා, අදත්තාදාන, මේ විදිහට වැළකෙනවා. මදපමා දෙකට කරුණු වූ මදය, පමාදය දෙකට කරුණු වූ රහ මෙරින් වැළකියේ වෙයි. මහණෙනි, මේ සීල ධනයයි කියනු ලැබේ.”
“මහණෙනි, හිරි ධන කවරේ ද යත්, මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක තෙමේ හිරි ඇත්තේ වෙයි. කාය දුශ්චරිතයෙන්, වචී දුශ්චරිතයෙන්, මනො දුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුසල ධර්ම සමාපත්තියෙන් ලජ්ජිත වෙයි” අකුසල ධර්ම සමාපත්තිය. “මහණෙනි, මේ හිරි ධනයයි කියනු ලැබේ.”
“මහණෙනි, ඕතප්ප ධනය කවරේ ද යත්, මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක ඕතප්ප ඇතියේ වෙයි. කාය දුශ්චරිත, වචී දුශ්චරිත, මනො දුශ්චරිත ඕතප්ප ඇති වෙයි. ලාමක අකුසල දහම් කිරීමෙහි ඕතප්ප ඇති වෙයි. මහණෙනි, මේ ඕතප්ප ධනයයි කියනු ලැබේ.”
“මහණෙනි, සුත ධනය කවරේ ද යත්, මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක සුතධර වෙයි.” එතකොට බහුශ්‍රැත වෙනවා, ආදි කල්‍යාණ, මධ්‍ය කල්‍යාණ, පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ ඒ විදිහට පෙන්නනවා එම ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද වෙයි. දරන ලද වෙයි. වචනයෙන් පරිචිත වෙනවා කියලා. සිතින් විමසන ලද වෙත් කියලා. එතකොට මේක සුත ධනයයි කියලා කියනවා.
ඊළඟට පෙන්නනවා, “මහණෙනි, චාග ධනය කවරේ ද යත්, මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක දුරු වූ මසුරුමල ඇතියේ සිතින් මිදුණු ත්‍යාග ඇත්තේ, දෙනු වට දෙවි අත් ඇතියේ, පිදීමෙහි ඇලුණේ, දානයෙහි ඇලුණේ, ගිහි ගෙයි වෙසෙයි. මහණෙනි, මේ චාග ධනයයි කියනු ලැබේ.”
ඉතින් රහතන් වහන්සේ මෙතනදි පෙන්නුවා, අදත්තාදානයෙන් ගත් දේ ම තමයි අතහරින්නේ.
“මහණෙනි, ප්‍රඥා ධනය කවරේ ද යත්, මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක මැනවින් දුක් ගෙවීමට යන ප්‍රඥාවෙන් සමන්නාගත වෙනවා” කියලා. ඉතින් අපි දන්නවා එතන සමුදය අත්ථඞ්ගමය ඒ විදිහට දැකලා. මහණෙනි, ප්‍රඥා ධනයයි කියනු ලැබේ. මහණෙනි, මේ ධන සතයි කියලා පෙන්නනවා.
ඉතින් ඒ සූත්‍රයේ පෙන්නනවා ස්ත්‍රියක වේවා, පුරුෂයකු වේවා, මේ ධන හත ඇත්නම් ඒ පුද්ගලයා දිළින්දෙක් නෙමෙයි කියලා. ඔහුගේ ජීවිතය හිස් වෙන්නේ නැහැයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එහෙයින් නුවණැතියෝ බුදු සස්න සමරමින් මේ ධන හත කියන එකේ පුනපුනා යෙදෙනවා කියලා.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
ඉතින් මේකේ කෙනෙකුට බැලිය යුතු දේවල් ගොඩක් තියෙනවා. ඔය අදත්තාදාන කතාව හොඳට තේරුම් අරගෙන, ඒක අපි දන්නවා නේ ඔය, π අකුරේ කතාවට අපි එනකොට, අපි අර චේතනාවේ ඉඳන් අපි එනවා නේ පල්ලෙහාට, ඕගොල්ලෝ දන්නවා ඉදංසච්චයට එන්නේ. ඒකේ උඩ කෑල්ලේ අපිට පේනවා “නාමකායේ පටිඝසම්‌ඵස්‌සය,” චේතනාවේ ඉඳන් එන කෑල්ල. මෙහා පැත්තේ තියෙන්නේ අභිජ්ඣා, මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැත්ම කියන එක නේ. පරාමාසයේ ඉඳන් එන්නේ ථීනමිද්ධය වගේ තැනට. ඊළඟට පහළ කෑල්ලට එන්නේ මොකක් ද? “කාමෙසු තිබ්බ සරාගො” කියන්නේ දැන් අවිද්‍යාව, ලෝභ සහිත ජීවත් වීම, අදත්තාදානය. අර මව් කුසට එන අවස්ථාවත් එක්ක හොඳට සම්බන්ධ කරලා බලන්න.
එතකොට ඕකේ සීල ධනය කියන එක මෙනෙහි කරනකොට, ප්‍රීතිය හිටන් ඇති වෙනවා. සුරාපානය ථීනමිද්ධ ස්වභාවය වන්නේ ඒකෙන් රෝගී සඤ්ඤාව මගේ කියලා ගන්නවා. අදත්තාදානයට මෙය තුඩු දෙනවා. අදත්තාදානය අත්හරින පුද්ගලයාට මේක අවශ්‍ය වෙන්නේ නෑ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේක නෑ. එතකොට ඔය මත්පැන් පානය මගින් සතර සුඛභාගීය ධර්මයන් ඉවත් කරනවා කියන එක රහතන් වහන්සේ පෙන්නනවා.
එතකොට ඒ වගේ ම ඉතින් ශ්‍රද්ධා කොටස සිහි කරනකොට චරණ ධර්ම, ඒ ත්‍රිවිධ ඥාන, විමුක්ති ඥාන ධර්ම සිහි වෙනකොට ප්‍රීතිය ගලනවා. ඉතින් මේකේ එක් එක් කොටස්වල ඉන්න පුළුවන්. තමන්ට කැමති කොයි කොටස ද, ඒ කොටසේ භාවනා තේරුම් අරගෙන වාසය කරන්න පුළුවන්. මනස slow වෙනවා. ඊට පස්සේ පුදුමාකාර විදිහට slow වෙනවා. සිතිවිලි එන්නෙත් බොහොම slow විදිහට.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්