ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම මේ අපි කලින් කරපු භාවනාව, 25/08/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා, සත්තො ගුහායං ගාථාවෙන් පටන් අරගෙන. එතකොට ඒකෙ ඕගොල්ලන්ට මතකයි අපි රූප රාග curve එක බැලුවා 6.2, ඒකෙ peak එක 6.4, 7.1 ධම්මමච්ඡරිය.
ඊට පස්සේ ඒ ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතන වැනි ධ්‍යානයන් පවා උපද්දවනවා. එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින් සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වීම සිදු වෙනවා. දැන් රූපයේ නන්දි curve එක, peak එක 7.7 නන්දිරාගය, ඉන් අනතුරුව 8.2 රූප සොයා යෑම.
එතකොට එතනින් අපිට පේනවා මේ ධම්මමච්ඡරියට අපි ආවා නම් ධම්මමච්ඡරියෙන් චේතනාව, ඒකෙන් අනතුරුව π අකුරේ ධර්මය. දැන් අපි ඒක ඉගෙන ගත්තා අර සඤ්ඤාව එහෙම සනාථ කරනවා කියලා. එතකොට අපි දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ගිහිල්ලා රාග සල්ලයෙන් රූපය සොයාගෙන යෑම. දෙවනුව භය අගතියට ඇවිල්ලා සෝකය හරහා ආපහු රූපයට යනවා. ඉතින් ඔතනදි අපිට පේනවා මේ දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය.
එතකොට අපි ඒක සාකච්ඡා කළා. ඉතින් මේ වෙනකොට අපිට උපෙක්ඛා අප්‍රමාණය කියන එක තියෙනවා. කොහොම ද, දැන් අවිද්‍යාව කියලා කියන්නේ නිත්‍යයි ගැනීම. ලෝභ සහිතව ජීවත් වීම, මිය ගියා වූ රූප නැවත සොයා යෑම. මෙය ගැනීමට නුසුදුසු යැයි වැටහීම මගින් අපිට මේ, උපෙක්ඛා අප්‍රමාණය තියෙනවා.
එතකොට රහතන් වහන්සේ මට කිව්වා භාවනාවට පෙර ම ඔය 14/08/2016 නිබ්බාන භාවනාව බලන්න කියලා. ඒකෙදි අපි ඉගෙනගෙන තියෙනවා මේ උපෙක්ඛා ඉන්ද්රිය මේ ශ්‍රද්ධාව සමඟ වැඩුවහම කොහොම ද නිර්වාණය සාක්ෂාත් කරන්නේ කියන එක. ඒකෙ පෙන්නනවා මේ උපෙක්ඛා ඉන්ද්‍රියේ ගුණ තුනක් ශ්‍රද්ධා ඉන්ද්රිය සමඟ වැඩුනහම නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා. කුමන ගුණ තුනක් ද, අධිශීල ශික්ෂාව, සමථ නිමිත්ත, අව්‍යාපාද විතක්කය.
එතකොට ශ්‍රද්ධාව තියෙනවා නම් කරුණාව ඇත. එහෙම නම් පාණාතිපාත නොකරයි. දස කුසලයෝ පවත්වයි. මේ විදිහට අධිශීල ශික්ෂාව කියන එක පවත්වනවා. ඊළඟට ශ්‍රද්ධාව ඇති නම් සම්මා දිට්ඨිය තියෙනවා. එහෙම නම් අරි අට මඟ අත්හරින්නේ නෑ. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. අලෝභ, අදෝස, අමෝහ පාරවල්වල යනවා. එමගින් සමථ නිමිත්ත කියන එක පවත්වනවා. තුන් වෙනුව, ශ්‍රද්ධාව ඇත්තේ නම් අභිජ්ඣා නොවේ. අභිජ්ඣා නොවේ නම් දෝමනස්ස නොවේ. එමනිසා ව්‍යාපාද නොවේ. එසේ නම් ව්‍යාපාද විතක්කය මඟ හරිනවා.
මෙයට ශ්‍රද්ධාව තුළ ඇත්තා වූ ව්‍යාපාදය පහ කරන ගුණයෝ එකතු වන්නේ නම්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් අනභිජ්ඣාව. එහෙම වෙනවා නම් නිර්වාණය ඉතා පහසුවෙන් සාක්ෂාත් කරනවා. කෙසේ ද, යම් ධර්මයක් පහ කළ යුතු ද, එම ධර්මයෝ පහ කිරීමට ශ්‍රද්ධාව මගින් පමා නොවන බැවින්.
එතකොට මේ, එතන පෙන්නන්නේ මේ ශ්‍රද්ධා ධනය මගින් ම මේ, අර ඉහළ, ඉස්සෙල්ලා සාකච්ඡා කරපු දේට ඒ ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයෙකුට නිර්වාණය සාක්ෂාත් කරගැනීම බුදුපියා කලින් ම පෙන්වා දීලා තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්