Date: 02/09/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවෙදි අපි ඉගෙන ගත්තා නේ අර අපි උපෙක්ඛා අප්‍රමාණය කියන එකට එනවා කියලා, දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය කියන තැනට ඇවිල්ලා නේ. ඊට පස්සේ ඒකෙ බැලුවේ, ඒක නිසා ඒක අයින් කරලා, උපෙක්ඛාවට ගිහිල්ලා, ඊට පස්සේ අපි ශ්‍රද්ධා ඉන්ද්‍රියත් එක්ක උපෙක්ඛා අප්‍රමාණය පෝෂණය කරනවා කියන එක.

දැන් ඕකෙම අනිත් පැත්ත තියෙනවා නේ, 09/08/2016 භාවනාව. ඒකෙ බලන්නේ අධිශීල ශික්ෂා, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය කියන එක. ඒ භාවනාව වෙනම බලා ගන්න.

ඒකෙ, 09/08/2016 භාවනාව, අවසානයට පෙන්නනවා, අපි අව්‍යාපාද විතක්ක කොටසට ආවා නම්, ඒකෙ පෙන්නනවා සති ඉන්ද්‍රිය මගින් ලෝභ, දෝෂ, මෝහ යන තුන් ධර්මය මගින් ම, ආශ්‍රවයන් ඇති වෙන බව පෙන්නා දෙනවා කියලා. ඒකේ එහෙම කියලා ඒකෙන් පෙන්නනවා, ලෝභය ඇති වුණා නම් මෝහය, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වුණා නම්, ලෝභය ඇති වෙනවා කියලා. ඉතින් ඕකේ ඔය ලෝභය ඇති වුණා නම් ඉතින් මෝහය ඇති වෙනවා එක area 1 to area 6, අනිත් පැත්තෙන් මෝහය නිසා ලෝභය, අපිට එනවා අවිද්‍යා ආශ්‍රව, කාම ආශ්‍රව, රාග සල්ල එතනින් රූපය අල්ලා ගන්න යනවා කියලා.

දැන් ඔන්න ඔතනින් මං කල්පනා කළා මෝහය ඇති වුණා නම් මම දැන් කොහාට ද යන්නේ? ලෝභයට ගිහිල්ලා අන්න භූත වෙන්නයි යන්නේ. එහෙනම් මෙන්න මේකට බය වෙන්න ඕන. මෝහය අවස්ථාවේ දී කල්පනා කරන්න ඕන, මම මේකට බය වෙන්න ඕන කියන එක. දන්නවා නේ ප්‍රශ්නය ඇති වෙන්න යන්නේ කියලා.

දැන් ඊළඟට කල්පනා කළා, එහෙම නම් ලෝභය අවස්ථාවේ දී, මොකට ද මම බය වෙන්න ඕන? ලෝභය ඇති වුණා නම් මට මෝහය, එහෙම නම් මම මරණයට බය වෙන්න ඕන. අතෙන්දි ජාතියට වගේ ම, මෙතෙන්දි මරණයට බය වෙන්න ඕන.

ඊළඟට ආපහු කල්පනා කළා දැන් ඉතින් අපි දන්නවා නේ ලෝභය ඇති වුණා නම් ද්වේෂය. එතකොට ද්වේෂය ඇති වුණා නම් මම මොකට ද බය වෙන්න ඕන? එතෙන්දි මට රහතන් වහන්සේ උදව් උපකාර කළා. මට මුලින් ම හිතුනේ ජරාව, ව්‍යාධිය කියන එක. රහතන් වහන්සේ කිව්වා සෝකයයි කියලා. සෝකයට බය වෙන්න ඕන කියලා.

ඒක තමයි මං කරපු භාවනාව.