Date: 04/09/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

02/09/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. මෝහය ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ නම්, භූත වීම පෙනෙන්නේ, ජාතියට බිය විය යුතුයි. ලෝභය ඇත්තේ, area 1, area 6 ඇති වන්නේ, මරණය එහි ගැබ් ගෙන ඇත්තේ, මරණයට බිය විය යුතුයි. ද්වේෂය ඇත්තේ, සෝකයට බිය විය යුතුයි. කුමක් නිසා ද? යම් සෝක ධර්මයක් වේ ද, එය තුළ බිය ගෙන දෙන්නා වූ දේ අඩංගු නිසා ය. පරිදේව වී සෝකයට පැමිණියේ, නැවතත් රූප සොයා ගොස් පරිදේවයට ම යා යුතු ද?

භාවනාවට පෙර, 13/08/2016 නිබ්බාන භාවනාව බලන්න කියලා පැවසුවා. ඒ භාවනාවෙදි මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය, සමාධි ඉන්ද්‍රිය සමඟ වඩන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ද? යන්නයි.

සමාධි ඉන්ද්‍රිය මගින් අවිද්‍යා ආශ්‍රව නොවීම, එහි විමසලා තියෙනවා. මෙහි අවිද්‍යා ආශ්‍රව නොවන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය මගින්, දිට්ඨි ආශ්‍රව නොවීම නිසා. ඉතින් ඒකේ diagram එකක් තියෙනවා, අත්තා diagram එක.

ඕගොල්ලෝ දන්නවා, එතැනින් අපි ඔය නිත්‍යයි, කියලා ගත්තා නම් දිට්ඨි ආශ්‍රවය, දිට්ඨි ආශ්‍රවයට ආවා නම් ඊට පස්සේ දිට්ඨි සල්ලය, දිට්ඨි සල්ලයෙන් සඤ්ඤාව අල්ලා ගත්තා, ඊට පස්සේ එතනින් චේතනාවට ආවා එතන අත්තා. ඒ අත්තා කියලා ගත්තහම, එතනින් පසු සඤ්ඤාව හැටියට, අවිද්‍යා ආශ්‍රව. එතකොට ඒක අවිද්‍යා ආශ්‍රව වෙන්නේ නෑ, මොකද? අතන අපි අර දිට්ඨි ආශ්‍රව අයින් කරනවා නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන්.

එතකොට මේක සඳහා උඩ සංස්කාර, ඒ කියන්නෙ pre උද්ධච්ච ඉවත් කිරීම උදව් උපකාර වෙන බවත්, ඒ කියන්නේ ඉදංසච්චයේ ඇවිස්සීම නොවීම, නිත්‍යයි නොගනී කියන එක අපි කල්පනා කරලා තියෙනවා. ඒ මුලින් ම අපිට පේනවා, විඤ්ඤාණයෙන් පල්ලෙහාට නිත්‍යයි කියලා එන එකයි ඒ වගේ ම මනොසඤ්‌චෙතනාවෙන් ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට නොඑනවා කියන ඒ පාරවල් දෙක නොවීම.

එතකොට ඒක වෙන්නේ නැති නම් ඉතින් අපි දන්නවා අර සබ්බාසව සූත්‍රයේ line 5, line 6 කියන එක සිද්ධ වෙන්නේ නෑ කියන එක. එතකොට උඩ සංස්කාර නොවීමට නම්, නාමරූප නොවිය යුතුයි. එතකොට ඉතින් අපි දන්නවා ඔය lightning sign එකේ එහෙම නාමරූප ආවා නම්, එතැනින් පල්ලෙහාට කෙළින් ම සෝකය, අර රූපයට ම යි යන්නේ කියන එක.

එතකොට දැන් අපි කාරණා දෙකක් ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. පළවෙනි එක මෝහය ඇත්තේ, ජාතියට බිය විය යුතුයි කියලා. ඊළඟට ඉගෙන ගත්තා ලෝභය ඇත්තේ, මරණයට බිය විය යුතුයි කියලා. අන්න ඒ දෙයාකාර ධර්මයන් මනා කොට පවතින්නේ නම් ද්වේෂය නිසා පවතින්නා වූ නාමරූප ධර්මයෝ සෝකය කරා දිවීමක් නොකරයි. කුමක් නිසා ද? නැවත රූප සොයා යෑම නුසුදුසු බව ඉහත ධර්ම දෙක, කාරණා දෙක, මගින් පෙන්නා දෙන නිසා ය. මේ අවස්ථාවේ දී සිත කීකරුයි. සුවචයි. සෝක පරිදේව ඉක්මවා ඇති බව වැටහෙනවා.

තථාගතයන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මුලින් ම පෙන්නා දෙන, “එකායනො අයං භික්ඛවෙ මග්ගො, සත්‌තානං විසුද්ධියා, සෝක පරිද්දවානං සමතික්‌කමාය, දුක්ඛ දොමනස්සානං අත්ථඞ්ගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා.”

අන්න ඒකේ කියන එක වැටහෙනවා. ඒ කියන්නේ දැන් සෝක පරිදේව කියන එක සමතික්කමය තමයි අපි පෙන්නුවේ. එතකොට දුක්ඛ දොමනස්සයේ අත්ථඞ්ගමය ද්වේෂය නිසා පවතින නාමරූප ධර්මයන් අභිනන්දනා නොකිරීම ය. ඒ කියන්නේ සෝකය කරා ගමන් නොකිරීම මගින් සිදු වී ඇතියි කියන එක පේනවා.

ඉතින් මේ භාවනාව අපි ඊයේ කළේ. ඒ වෙලාවෙදි මණ්ඩලාධිපති බුදුපියා වැඩ සිටියා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Skilled_sates_of_mind_p4/s_Skilled_sates_of_mind_p4-04.jpg