ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම 04/09/2018 භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට ඒ සත්තො ගුහායං ගාථාවෙන් පටන්ගෙන, රූපයේ රාගය curve එක බලලා, ඊට පස්සේ, අර මෝහය ඇත්තේ අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වෙනවා නම්, භූත වීම පෙනෙන්නේ, ජාතියට බිය විය යුතුයි. ලෝභය ඇත්තේ, area 1 වලින් area 6 ඇති වන්නේ, මරණය එහි ගැබ් ගෙන ඇත්තේ, මරණයට බිය විය යුතුයි කියන එක බැලුවා.
එහෙම බලලා, අපි අර, “එකායනො අයං භික්ඛවෙ මග්ගො, සත්‌තානං විසුද්ධියා, සෝක පරිද්දවානං සමතික්‌කමාය, දුක්ඛ දොමනස්සානං අත්ථඞ්ගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානො,” ඒක දක්වා ම ආවා.
ඊට පස්සේ, ඒ භාවනාව දැන් නැවතත් කරනකොට, ඒ සෝක පරිදේව කියන එක සමතික්කම වෙලා තියෙනවා කියලා හොඳින් වැටහෙනවා. ඒ point එකේ මම එහෙම හිටියා. කොයි විදිහ ද? දැන් ඕගොල්ලන්ට පේනවා, 6.4 (round 6 step 4), සක්කාය දිට්ඨි table එකේ, එතකොට ඒකේ නන්දිය පරාමාසගත වෙන අවස්ථාව.
එතකොට ඒකෙ අපි දන්නවා, නන්දි වුණොත් මොකද වෙන්නේ, area 1 වල ඉඳන් area 6. එහෙම නම් ඉතින් මරණය කියන එක වෙනවා. ඊළඟට අපිට පේනවා, දිට්ඨිය බිඳිලා, පරිදේව වෙලා තියෙන නිසා. එතකොට මේක මේ සෝක point එකේ තමයි අපි ඕක දැන් ගන්නේ. එහෙම නම් මෝහය වූයේ නම්, ජාතියට බිය විය යුතුයි.
ඒ පෙන්නන්නේ මේ දුක්ඛ table එකේ, 6.4 නාමරූප point එකට ඇවිල්ලා, වම් පැත්තයි, දකුණු පැත්තයි. වම් පැත්තේ නන්දිය, දකුණු පැත්ත මෝහ කතාවයි කියන එක බලනවා, ඒක දිට්ඨිය බිඳිලා එන එක. එතකොට මේ දෙයාකාර වූ ධර්මයන් මගින් පෙන්නා දෙන්නේ, නන්දිය මගින් හරි, බිඳුණා වූ දිට්ඨිය මගින් හරි, පැවතීමක් නැති බව ම යි.
අර මනුස්සයෙක්, අපි කිව්වෙ, මහත්තයා මැරිලා, ඉඳිආප්ප මිරිකලා හරි ළමයාට ඉගැන්නුවා කියන කතාවක්. දැන් එතකොට මේකේ පේනවා, කොහොම වුණත් මේකේ පැවතීමක් නැතයි කියන එක. එතකොට එහෙම නම් මේ අවස්ථාවේ දී අස්තංගමය පමණක් ඇති බව වැටහෙනවා. වැටහිලා සිත සම්මා සමාධිගතව හිටියා, ඉතින් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්.
එතකොට ඔය භාවනාවෙදි රහතන් වහන්සේ මට කිව්වා, අර “සාතියෙසු අනස්සාවී, අතිමානෙ ච නොයුතො” කියන ඒ ගාථාව, පුරාභෙද සුත්‍ර 2 ඒක බලන්න කියලා. එතකොට දැන් ඒක, ඒක බැලුවම, හිතන්නකෝ බලන්න, මේ භාවනාවේ, අපි π අකුර දක්වා එනවා. ඉතුරු ටික යන්නේ නැතිව, ඒ π අකුර ළඟට ආවා ම, අන්න, සාතියෙසු අනස්සාවී ගාථාව ආපහු මතක් කරගන්න. ධම්මමච්ඡරිය, π අකුර අත්තා ඉඳන් නිත්‍යට ආවා, සාතියෙසු අනස්සාවී.
ඒක කරපු ගමන් තමන්ට තේරෙනවා හරියට ම මේ දැන් අපිට සියුම් අවස්ථාවක් තිබුණා නේ නාමරූප තැනදි, සමතික්කමය කියන එක. අන්න ඒකෙම ස්වභාවයක් තියෙනවා තමන්ගේ සතිය පැත්ත බොහොම හොඳයි. අර වගේ ම තමයි තමන්ගේ සිත නතර වෙන අවස්ථාවනුත් තියෙනවා. හැබැයි මට තේරුණා serious නැහැ කියලා. අරකෙම නිකම් half එකක් වාගේ.
දැන් ඊට පස්සේ ඔය පුරාභෙද 2 පෙන්නනවා, අර හත් වෙනි පිටුවට එනකොට, ඒකෙ අර පථ දෙකක්, A භය අගති ඉඳන් වේදනාව එන එකයි, B වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට එන පාරයි. එක පථය A, පථය B ධම්මමච්ඡරිය කියලා දාලා තියෙනවා, දිට්ඨි අනුසය පථය A.
එතකොට ඔය දෙක කපනවා නම් ඊළඟ පිටුවේ, 8 වෙනි පිටුවේ පෙන්නනවා, මේක රුවලක් නැති නැවක් මෙන් කියලා. සුළඟ බදන්නේ නෑ කියලා, අන්න ඒ අවස්ථාව තමයි, එතන තමන්ට ඒක තේරෙන්නේ. එතකොට, ඒ කියන්නේ, මේ නන්දිය නිසා, ඒක හරි ලස්සනයි අපිට පේනවා, අපිට පේනවා, ඒ පථය A කියන කතාවට, මේ රූපයට නේ යන්න කියන්නේ. නන්දියෙන් (පථය B) එවන්නෙ ධම්මමච්ඡරිය හරහා නේ. ඉතින් මේ දෙක දැන් නෑ.
එතකොට, ඊට පස්සේ තමන් කල්පනා කළොතින් එහෙම මරණය, මෝහය පැත්තේ කතාව, හරියට මෝහය වුණා නම් අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට ඇවිල්ලා රූපයට යනවා කියන එක. එහෙනම් ජාතියට බය වෙන්න ඕනෑ කියන කතාව තියෙනවා නේ. අන්න ඒක ගත්ත ගමන් හරියට ම serious වෙනවා. අර නාමරූප point එකේ තමන් හිටපු තැන තියෙනවා නේ, අන්න ඒ වාගෙම, serious වෙනවා. ඒ කියන්නේ, මේ පැත්තෙ, සතියෙන් නේ හිටියේ, දැන් අන්න ප්‍රඥාව. දැන් සතියයි, ප්‍රඥාවයි දෙක ම තියෙනවා. ඒක සහගතව එක ම විදිහකට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්