ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම අද භාවනාවෙදි බැලුවේ, විඤ්ඤාණයේ සමුදය, අස්තංගමය. මේක අපි 05/08/2015 “සංස්කාර පච්චයා විඤ්ඤාණං” භාවනාව සමඟ විමසන්න ඕන. ඒකේ විඤ්ඤාණයේ “අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති.” කුමක් අභිනන්දනා කරන්නේ ද? විඤ්ඤාණය මගින් දැනගන්නේ, වේදනාව. ඒ වේදනාව උපද්දවන්නේ සංස්කාරය මගින්. එහෙම නම් අපි අභිනන්දනා කරන්නේ, සංස්කාරය ම යි.
එතකොට අපි 05/08/2015 භාවනාවෙදි අපි අවිද්‍යාව මගින් පවතිනවා කියලා, උල්පත පාදා දීම කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා, එතකොට ඒ තණ්හාව නමැති උල්පත, අවිද්‍යා පච්චයෙන් තණ්හා නමැති උල්පත විවෘත කර දීම කියන එක. ඒකෙ අපි දන්නවා, එහෙම නම්, අපිට පේනවා අර පරිදේව වෙච්ච සංස්කාර පැත්තෙ ඉඳන් ඊට පස්සේ පරාමාස, නාමරූප, සඤ්ඤාව දක්වා එන්නා වූ එක. එතකොට, එතනින් එනවා ඒ අවිද්‍යාව. සඤ්ඤාව තමයි, එතන අවිද්‍යාව වශයෙන් ලකුණු කරන්නේ. නාමරූප තැනට තණ්හාව ලකුණු වෙනවා,
එතකොට ඊළඟට වේදනාවේ ඉඳන් නාමරූප ළඟට තණ්හාව කියන එක එනවා. ඔය කාරණා දෙකක් ඇවිල්ලා තමයි අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සඞ්‌ඛාර කිව්වා ම එතන තණ්හාව.
එතකොට, අපි සංස්කාර අභිනන්දනා කළාට, සංස්කාර දෙකක් සමාන නොවන බව අපි දන්නවා. මේක විඤ්ඤාණයෙන් දැනගන්නේ සෝකය ඇති තැන. ඕක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා, 04/08/2015 සුඛභාගීය ධර්ම සාකච්ඡාවේදි. එතකොට එතන මේ සෝකයට පැමිණෙන paths 2, පථයන් දෙකක්, සාකච්ඡා කරලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා එකක් තමයි, ව්‍යාධියෙන් අප්‍රියේහි සම්පයොගයට ඇවිල්ලා, අප්‍රියේහි සම්පයොගයෙන් සෝකයට එනවා. ඊළඟට ව්‍යාධියෙන් සෝකයට එනවා. පාරවල් දෙකක් තියෙනවා. එතකොට, ඒකෙ නාමරූප ඇති තැන සාදන ලද තණ්හා නමැති සංස්කාරය, අභිනන්දනා කරන්නේ, එම සංස්කාර දෙකක් සමාන නොවන බව සෝකය ඇති තැනදි අපි දැනගන්නේ නමුත්, මිච්ඡා දිට්ඨිය ඇති නිසා නැවතත් එම සංස්කාරයන් ඉපදවීම, ඕගොල්ලන්ට මතකයි අර odd path, even path කියලා අපි බලලා තියෙනවා, ඒක මගින් කරනවා. මේ විදිහට උපාදානය කියන එක ඇති වෙනවා.
කුමන උපාදානයක් ද? අත්තවාද උපාදානය. එතකොට රූපය කරා කාම ආශ්‍රව ඉඳන් රාග සල්ල ඒක හරහා ගමන් කරනවා, ඒක පළමුව සිද්ධ වෙනවා. ඊළඟට භය අගති සෝක රූප. ඒ කියන්නේ දිට්ඨි අනුසය පාර. ඒක දෙවෙනුව සිද්ධ වෙනවා. මේ විදිහට ජාති වීම කියන එක සිහි කරන්න ඕන.
එහෙම නම් අපි විඤ්ඤාණය අභිනන්දනා කරලා අන්තිමට ඒ ජාති දක්වා ආවා කියන එක අපිට පේනවා. ඉතින් එතකොට, දැන් එහෙම නම් අපිට පේනවා, මෙතන මේ පල්ලෙහා සෝකය ඇති තැන ඉඳන් අපි කාම ආශ්‍රවයට ආවා කියන එක, ඒකෙ රාග සල්ල රූපය.
එතකොට ඒකෙ කාම ආශ්‍රවයට පැමිණීම දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව යන කාරණා දෙකෙන් ම සිදු වෙනවා. මේ මොහොතේ දී මේ දිට්ඨි ආශ්‍රව කියන එක significant, ඒක වැදගත් කියන එක කල්පනා කරන්න ඕන. මතක ද අර සඤ්ඤාව සනාථ කරනවා කියලා එහෙම කිව්ව නේ දිට්ඨි ආශ්‍රවය.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්