ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඔයගොල්ලන්ට මතකයි, අපි ඊයේ බැලුවා, ඒ විඤ්ඤාණයේ සමුදය, අස්තංගමය කියන එක බැලුවා. එතකොට, එතෙන්දි අපි සංස්කාර අභිනන්දනා කරන බවත්, අවිද්‍යා පච්චයෙන් තණ්හාව නමැති උල්පත විවෘත කරලා දෙනවා කියන එක සාකච්ඡා කළා.
ඒ භාවනාවේ ධර්ම කාරණා දෙකකට අවධානය යොමු වුණා. ඕගොල්ලන්ට මතකයි, ඒ අවිද්‍යා පච්චයෙන් සංස්කාර, කියලා කිව්වා ම, එතන අර පරිදේව වෙච්ච සංස්කාර ඉඳන් අපි සඤ්ඤාව දක්වා එනවා. එතන අවිද්‍යාව, සඤ්ඤාව කියූ තැන. එතකොට ඔතන cross එක තියෙනවා නේ සඤ්ඤා පරාමාස, වේදනා චේතනා.
එතකොට ඔය තණ්හාව කියන එක අපි අර curve එකකින් ලකුණු කරගන්නවා නේ. එතකොට ඒක එන්නේ නාමරූප ඉඳන් පරාමාසය දක්වා තියෙන තැනට තමයි එන්නේ. එතකොට ඔතන අපිට පේනවා රේඛාවල් දෙකක් එනවා කියන එක. Curves දෙකක් වාගේ. ඒ කියන්නේ සඤ්ඤාව තියන තැන ඉඳන් තණ්හාවට එක රේඛාවක් එනවා. වේදනාවේ ඉඳන් තණ්හාවට තව එකක් එනවා.
එතකොට යම්කිසි සඤ්ඤාවක් වේ ද, එය මගින් පවතිනවා යැයි ගැලීමක් වී තණ්හාව නමැති උල්පත විවෘත කිරීම සිදු වන්නේ, වේදනාව මගින් එම ධර්මයන් පැවැත්වීම සුදුසු යැයි පෙර අත්දැකීම් මගින් සනාථ කරන නිසයි. මෙසේ තණ්හාවට දෙයාකාර ධර්මයන් බලපානවා, ඒ කියන්නේ, සඤ්ඤාවයි වේදනාවයි කියන එක. මේ මගින් ඇති වන්නා වූ කර්මය සඤ්ඤා චේතනා සහ නාමරූප චේතනා යන දෙයාකාර වූ ධර්මයන් මගින් ගොඩ නංවනු ලබන්නේ එය ඉදංසච්චගත වීම පළමුව සිදු වෙනවා. එය වරදවා වටහා ගැනීම ඉදංසච්චයේ ඉඳන් පරාමාසය වීමෙන් අනතුරුව, සිද්ධ වෙනවා.
දැන් කර්මයෝ ගලනවා. කෙසේ ගලයි ද? line 6 එක හරහා මිච්ඡා දිට්ඨි අගයෝ ගලන්නේ, එය සෝකයට පැමිණීම අර ව්‍යාධි සෝක පථය හරහා පළමුව සිදු වෙනවා. ව්‍යාධියෙන් සෝකයට එන එක. Line 5, හරහා ගලන්නා වූ සඤ්ඤා අගය, අපි දන්නවා, ව්‍යාධියෙන් අප්‍රියේහි සම්පයොග, අප්‍රියේහි සම්පයොගයෙන් සෝකය දෙවෙනුව පැමිණෙනවා. දැන් මේ දෙයාකාර ධර්මයන්ගේ සංගතිය ඒ කියන්නේ meeting of the two කියන එකයි, අනේක ප්‍රකාර වූ කර්මයන් සත්වයා අභිබවා පැවැත්වීම සිදු වෙනවා. කර්ම දායාදය මෙසේ සිදු විය. එතකොට කර්මය දෑවැද්ද කොට ඇත්තාහ කියන එකයි. Heirs to their deeds. ඒක ලකුණු වෙන්නේ ඔය සෝකය කියන තැන. එතන තමයි කම්ම දායාදය.
කම්ම පටිසරණා කියන එක, කර්මය පිළිසරණ කොට ඇත්තාහ, අර resort එකක් වාගේ කියන එක. ඒක නාමරූප තියෙන තැන සලකුණු කරගන්න ඕන.
දැන් ඉතින් නාමරූප තියෙන තැන කම්ම පටිසරණා, අර සෝකය තියෙන තැන කම්ම දායාදා කියන එක තියෙනවා. ඉතින් මේ භාවනාව බොහොම හොඳයි.
මේක තමයි මං කරපු භාවනාව.