ඒ උතුම් බුදුපියවරු, ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ රාගය කියන එක විමසුවා. 6.4, නන්දි අගය. අර වේදනාව ඉක්මවලා එන අවස්ථාව. ඕගොල්ලන්ට මතකයි, 6.2 ඊට පස්සේ 6.4 peak එක. ඊට පස්සේ 7.1. මේ අවස්ථාව කම්ම පටිසරණා අවස්ථාව ඒ කියන්නේ resort කියන අවස්ථාව නේ ද කියන එක සිහි කළා. 6.4 අවස්ථාව. ඉන් අනතුරුව ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා.
ඕගොල්ලන්ට මතකයි, ඊයේ භාවනාවෙදි අපි බැලුවා අර තණ්හාව, අවිද්යා පච්චයා සඞ්ඛාරා, කියලා එන තැන, අර නාමරූප එන තැන, යම් සඤ්ඤාවක් වේ ද එය මගින් පවතිනවා යැයි ගැලීමක් වෙලා තණ්හාව නමැති උල්පත විවෘත කිරීම සිදු වන්නේ, වේදනාව මගින් එම ධර්මයන් පැවතීම සුදුසු යැයි, පෙර අත්දැකීම මගින් සනාථ කිරීම නිසා ය කියලා. මෙසේ තණ්හාවට දෙයාකාර ධර්මයන් බලපානවා. සඤ්ඤාවයි, වේදනාවයි කියන දෙයාකාර ධර්මයන්. මේ මගින් ඇති වන්නා වූ කර්මය සඤ්ඤා, චේතනා සහ නාමරූප, චේතනා යන දෙයාකාර වූ ධර්මයන් මගින් ගොඩ නංවනු ලබන්නේ එය ඉදංසච්චගත වීම පළමුව සිදු වෙනවා. එය වරදවා වටහා ගැනීම ඉදංසච්චයේ ඉඳන් පරාමාසය වීමෙන් අනතුරුව, සිද්ධ වෙනවා කියලා අපි ඊයේ සාකච්ඡා කළා.
එතකොට මෙතන මේ ඉදංසච්චය කියන එක කම්ම යෝනි. ඒ කියන්නේ කර්ම උත්පත්ති ස්ථාන කොට වශයෙන් වැටහුණා. කුමක් නිසා ද, යම් ධර්මයක් ඉදංසච්චගත වන්නේ නම්, එය වරදවා වටහා ගැනීමට, තුඩු දෙන නිසා ය. එමනිසා ය. එමනිසා කම්ම යෝනි වන්නේ ය. කම්ම යෝනි කියන්නේ කම්ම උත්පත්තිය, ස්ථාන කොට ඇත්තාහ. Womb of the deeds කියන එකයි කියන්නේ. එතකොට ඒ කම්ම දායාද වීම සෝක point එකේ කියලා අපි දන්නවා, ඊයේ භාවනාවේදි. කම්ම බන්ධු, කර්මය නෑයන් කොට ඇත්තාහ කියන එක කුමන ධර්මයක් ද කියන එක විමසුවා. ඒක ගිද්ධිලෝභයයි කියලා වැටහුණා.
යමක් උරුම කරගන්නේ ද, එම උරුමය භුක්ති විඳීමට නම් එහි ඇලීම කියන එක විය යුතු වන්නේ ය. මොකකටවත් ඇලෙන්නේ නැති නම්, ඒක භුක්ති විඳින්න බෑ. ගෙයක් වුණත් එහෙම නේ. මේ නිසා ගිද්ධිලෝභ වන විට එහි බැඳීම උග්ර වන්නේ, හත් වෙනි රවුමේ දී, ධම්මමච්ඡරිය ඇති වීම සමඟ තමයි ඒකේ උග්ර වීම කියන එක සිද්ධ වෙන්නේ.
ඉතින් ඕගොල්ලන්ට ඔතන diagram එක වගේ පේනවා, සෝකය කියන තැන කම්ම දායාදය. Lightning sign එකේ අපි එන්නේ ජරාවට. ජරාවෙන් ගිද්ධිලෝභය.
එතකොට ගිද්ධිලෝභය කියන තැන කම්ම බන්ධු. ඊට පස්සේ අපි රූපයට. ඉතින් නෑයන් වෙලා තියෙන්නේ මොකක් ද? නෑයන් වෙලා තියෙන්නේ මේ ජරා වන රූපයන්ට ඇලීම. ඒක තමයි අපි නෑදෑයෝ කරගෙන තියෙන්නේ. මේ භාවනාව පටන් ගත්තේ 6.4 න් කියලා. දැන් ඔතන කම්ම පටිසරණා කියන point එකේ, කෙනෙකුට හොඳට ඉන්න පුළුවන්. මම resort එක වගේ එකක්වත් පාවිච්චි කරන්නේ නැත. දැන් resort එකේ කෑම තියෙනවා, ආදී වශයෙන් වේදනාව තියෙනවා, ඔක්කොම තියෙනවා. වටේට ම තියෙන්නේ නාමරූප point එක නේ, සඤ්ඤා, වේදනා ඔක්කොමනේ තියෙන්නේ. ඒවා එකක්වත් මම ගන්නේ නෑ කියලා තමන්ට ඉන්න පුළුවන් මෙතන නතර වෙලා.
එතකොට අර රහතන් වහන්සේ පෙන්නුවා නේ ද, අපිට “අර චේතනා ගලවා දමා ඇත්තේ ය.” කියලා කිව්වේ, අන්න ඒක හොඳට වැටහෙනවා. චේතනා ගලවා දමලා, අර ඉදංසච්චයේ ඉඳන් ගැටයක් එහෙම තියෙන්නේ. ඒවා හෙම ගලවලා, ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එහෙම ම ඉන්න පුළුවන් ඒ විඤ්ඤාණයට.
ඒක තමයි මං කරපු භාවනාව.