Date: 02/10/2018 Name: කම්ම

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකෙදි, කම්ම දායාද, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරණා, කියන ධර්මයෝ අපි සාකච්ඡා කළා. ඒක අපිට diagram එකක ලකුණු කරගන්න පුළුවන්.

s_kamma.jpg

ඕගොල්ලො දන්නවා ඒ තියෙන තැන්. ඒ කම්ම පටිසරණා කියන එක අර නාමරූප එන තැනට වැටෙනවා. කම්ම යෝනි කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තියෙන තැනට. ඊට පස්සේ, අපි අර භය අගතියට එන පාර දිගේ ඇවිත් එතැනින් සෝකයට එනවා. එතන කම්ම දායාදය කියන එක. ඊට පස්සේ කම්ම බන්ධු කියන එක ගිද්ධිලෝභය කියන තැන ලකුණු වෙනවා.

එතකොට, අද මම කළේ උදාහරණයකුත් එක්ක ඕක බලන එක. දැන් කම්ම පටිසරණා කියන්නේ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ. Resort එකක් වගේ. ඉතින් මේකට උදාහරණයක් මෙනෙහි කළා. ඒ මඟුල් උත්සව පවත්වන resort එකක අසල, බැල්ලියෙක් ඉන්න අවස්ථාවක් මෙනෙහි කළා. එයා නඟුට වනමින් ඉන්නවා. කවුරු හරි කෙනෙක් මස් කට්ටක් දානවා. ඒකෙන් සතුටු වෙනවා. තව කෙනෙක් මනෝමය කායකින් ඉඳලා, එම හරිය හෝ මේ ස්ථානය හොඳ යැයි කියලා තීරණය කරනවා. ඒ තීරණය කියන්නේ මේ decision කියන එක. ඒ කියන්නේ පාලි භාෂාවෙන් කියනවා “අධිමොක්ඛ” කියලා. ඒකත් ලකුණු කරන්න ඕනෑ නාමරූප ලකුණු කරන තැන ම තමයි. ඒක චෛතසිකයක්.

දැන් ඊට පස්සේ, අපිට එනවා, කම්ම යෝනි. කර්මය උත්පත්ති ස්ථාන කොට ඇත්තාහ. Womb of their deeds කියන එක. දැන් අර තීරණය ඉදංසච්චගත වෙනවා. එය වරදවා වටහා ගැනීමට තුඩු දෙනවා. මෙසේ කම්ම යෝනිය කියන එක ඇති වෙනවා. මෙතෙන්දි උත්පත්තියක් නොවුණා ද, එම බැල්ලියගේ බඩට යන්නේ යන තීරණය මුල් බැස ගන්නවා.

ඊට පස්සේ, කම්ම දායාදය. කර්මය දෑවැද්ද කොට ඇත්තාහ. Heirs to their deeds. සෝකය ඇති තැනට පාරවල් දෙකකින් පැමිණෙනවා. අපි දන්නවා එකක් ව්‍යාධියෙන් සෝකයට, අනිත් එක ව්‍යාධියෙන් අප්‍රියේහි සම්පයොගයෙන් සෝකයට එනවා කියලා. මෙම ස්ථානය ඇසුරු කරගෙන මෙම බැල්ලියගේ කුසේහි ඉපදී ජීවත් වෙමියි පළමුව සිතුවා ද, මිච්ඡා දිට්ඨිය ඇති වූවාත්, හැමදා ම wedding නෑ. තිබුණත් කෝකියත් වෙනස්. පැමිණෙන මිනිස්සුත් වෙනස්. සමහරු ගල්වලින් ගහලා පන්නලා දමනවා. මෙසේ මිච්ඡා දිට්ඨි අගය, ඒ කියන්නේ line 6 එකේ එන එක, සහ line 5 ජරා වන රූපය නිසා වන සඤ්ඤා අගය කියන එක ගැළපෙන්නේ නෑ. සෝකය කියන එක ඇති වෙනවා. එනමුදු තීරණය වෙනස් නොවෙයි. කුමක් නිසා ද? තම තීරණය වෙනස් කිරීමට තරම්, මෙම බාධාවෝ ප්‍රමාණවත් නැත.

Resort එකේ, මස් කට්ට කෙරෙහි ඇලීම් සහිත බව, බාධාවෝ ඉක්මවා පැමිණෙනවා. නන්දි අගය වේදනාව ඉක්මවලා පැමිණීම resort එකේදි සිද්ධ වුණා, 6.4 නේ.

ඊළඟට කම්ම බන්ධු. කර්මය නෑයන් කොට ඇත්තාහ. බැල්ලියකුගේ බඩට රිංග වීම, අර odd, even paths හරහා ගිහිල්ලා සිද්ධ වෙනවා. කුමක් නෑයන් කරගන්නේ ද? නෑයන් වී ඇත්තේ ජරා වන රූපයට ඇලීමයි. මෙතෙන්දි බලු පැටව් සහ ජරාවට පත් වෙන මව ද ගසා එලවන සත්වයා ද මස් කට්ටක් දෙන සත්වයන් ද නෑයන් වෙනවා.

මෙම ධර්මය බ්‍රහ්ම ලෝකයට කෙසේ ද කියලා සිහි කළා. එතන resort එක වෙනස් නේ ද? කුමක් ඒ සත්වයෝ පිළිසරණා, resort කරගන්නවා ද කියන එක. ළඟක දී ආභස්සර බ්‍රහ්ම ලෝකයට ගියා වූ අනාගාමී වූ සත්වයකුගෙන් මෙය අසා දැන ගනිමියි කියලා සිතුණා.

කුමක් දැක එහි ගියේ ද? මනුස්ස ලෝකයේ ඇති භයානකකමත්, ආභස්සර බ්‍රහ්ම ලෝකයේ ඇති ප්‍රසන්නතාවයත් දැක එහි ගියා යැයි කියලා පැවසුවා.

සුද්ධාවාසය ඒ මොහොතේ දැකලා නෑ. බුදු පියාණන්ගෙන් විමසුවා, කුමක් නිසා සුද්ධාවාසය නුදුටුවා ද? කියන එක. “මනුස්ස ලෝකයේ ඇති භයානකකමත් ආභස්සර ලෝකයේ ඇති ප්‍රසන්නතාවයත් වරදවා වටහා ගැනීම ය” යි කියලා පැවසුවා. ආභස්සර බ්‍රහ්ම ලෝකය මගේ යැයි නොගන්නේ නම් සුද්ධාවාසය මතු වී පේනවා. එය විද්‍යාමාන වන්නේ, එහි උත්පත්තිය සිදු වෙනවා.

අකනිට්ඨාවේ ඉපදීම සිහි කළා. අත්තවාද උපාදාන නිසා එහි ඉපදෙනවා. විඤ්ඤාණ ආහාර පාර, අත්තවාද උපාදාන ඒකෙන් ඉදංසච්චය. එතකොට මේ විදිහට කම්ම යෝනිය වීම පේනවා, කම්ම යෝනිය යන්න විඤ්ඤාණ ආහාර පාරේ ලකුණු කිරීම නිවැරදි කමත් හොඳින් වැටහෙනවා.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.