ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. ඒ රූපයේ ඡන්දය, රාගය ඒක සිහි කළා. 6.2 නිත්‍යයි. එතකොට, ඒ කියන්නේ area 6. එහෙම නම්, අපි අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රව කියන එකට යනවා. එතැනින් අපි ජාතිය. එහෙම නම්, අපි ජාතියට බය වෙන්න ඕනෑ. එනමුදු, 6.4, වන විට රූප රාග curve එකේ peak එක. සුඛ යැයි කියලා වරදවා වටහා ගන්නවා. Area 1 වල සුඛ වේදනා. එසේ නම් area 1 වල ඉඳන් area 6. එහෙම නම්, අපි මරණයට බිය විය යුතුයි. සත්‍ය වශයෙන් ම curve එකේ මිය යන පැත්තේ 7.1 කියන එක තියෙනවා.
ඒ වගේ ම 01/09/2018, 02/09/2018 නිබ්බාන භාවනාවේ කොටස්, භාවිතා කළා. ඕගොල්ලෝ දන්නවා, අධිශීල ශික්ෂාව, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, සමථ නිමිත්ත කියලා ඒක diamond එක වාගේ එනවා. මැද්දේ තියෙන්නේ උපෙක්ඛා නිමිත්ත. එතකොට උපෙක්ඛා අප්‍රමාණය ශ්‍රද්ධා සහ සති ඉන්ද්‍රියන් සමඟ වැඩීම, වෙන් වෙන් වශයෙන් අපි ඒ භාවනා දෙකේදි බලලා තියෙනවා.
අද භාවනාවෙදි අධිශීල ශික්ෂාවෙදි, ශ්‍රද්ධා සහ සති කරුණු දෙක ම කියන එක සිහි කළා. එතකොට, පළවෙනියට එනවා අපිට, ඒ ශ්‍රද්ධාව ඇත්තේ නම් කරුණාව ඇත, එසේ නම් පාණාතිපාතා නොකරයි. දස කුසලය පවත්වයි. මෙසේ අධිශීල ශික්ෂාව පවත්වනවා.
ඊළඟට, එතන ම අපිට පේනවා, අධිශීල ශික්ෂාවේ පාණාතිපාතා ඉවත් කිරීම අදෝෂ කුසල මූලය නිසා සිදු වෙනවා. සති ඉන්ද්‍රිය මගින් පාණාතිපාතය නිසා ද්වේෂය, ද්වේෂය නිසා පාණාතිපාතය යන ධර්මය සිහිපත් කරන්නේ, අධිශීල ශික්ෂාවේ මනා කොට පිහිටනවා. මෙය උපෙක්ඛා නිමිත්තට උදව් උපකාර කරනවා.
එතකොට දෙවෙනි කාරණයට එනවා, සමථ නිමිත්ත. ශ්‍රද්ධාව ඇත්තේ නම් සම්මා දිට්ඨිය ඇත. එසේ නම් අරි අට මඟ අත්නොහරී. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන එක ඇති වෙනවා. අලෝභ, අදෝෂ, අමෝහ පාරවල්වල යනවා. එමගින් සමථ නිමිත්ත කියන එක පවත්වනවා.
ඊළඟට, අපිට පේනවා, diamond එකේ අනිත් පැත්ත, පග්ගහ නිමිත්ත. පග්ගහ නිමිත්ත තුළ චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම ඇති අතර, ඉහළ ම සතිපට්ඨානය ද එහි අන්තර්ගත වෙනවා. ඉහළ ම වූ පටිච්චසමුප්පාදය ද එහි අන්තර්ගත වෙනවා. සති ඉන්ද්‍රිය මගින්, මෙම දෙයාකාර වූ ඉහළ ම වූ ධර්මයෝ, පුනපුනා පවත්වන්නේ, පග්ගහ නිමිත්තේ බැස ගැනීම මනා කොට සිදු වෙයි.
එතකොට මේ කාරණා මෙනෙහි කරනකොට, මනස ඉතා ම ප්‍රභාස්වර වෙනවා. ඒ කියන්නේ අධිශීල ශික්ෂාව, එයින් අපිට පග්ගහ නිමිත්ත. එතැනින් මැද්දට එනවා, උපෙක්ඛා නිමිත්ත. ආපහු වම් පැත්තේ, අධිශීල ශික්ෂාවෙන් සමථ නිමිත්ත, එතැනින් අපි ආපහු එනවා උපෙක්ඛා නිමිත්තට.
දැන් ඊළඟට පහළ අව්‍යාපාද විතක්කය සිහි කළා. ශ්‍රද්ධාව ඇත්තේ නම් අභිජ්ඣා නොවේ. අභිජ්ඣා නොවේ නම්, දොමනස්ස නොවේ. එමනිසා ව්‍යාපාද නොවේ. එසේ නම් ව්‍යාපාද විතක්කය මඟ හරිනවා. මෙයට ශ්‍රද්ධාව තුළ ඇත්තා වූ ව්‍යාපාදය පහ කරන ගුණයෝ එකතු වන්නේ නම්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් අනභිජ්ඣා.
අන්න ඒ අවස්ථාවෙදි, අපිට පේනවා, කෙනෙකුට diagram එකක් වාගේ ලකුණු කරගන්න පුළුවන්. ශ්‍රද්ධාව වම් පැත්තේ, ශ්‍රද්ධාවෙන් අපි අභිජ්ඣා නොවීම ඒකෙන් එනවා දෝමනස්ස නොවීම. දකුණු පැත්තේ සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨියෙන් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් අනභිජ්ඣාව. එතන ඔය අව්‍යාපාදයෙන් අනභිජ්ඣාව, ප්‍රඥාව නිසා. එතකොට අනභිජ්ඣාව වුණොතින් දෝමනස්ස නොවීම කියන එක තියෙනවා.
දැන් ඔය අව්‍යාපාදයෙන් අනභිජ්ඣාව කියන එක, ජරා, වේදනා, අසම්පජාන රේඛාව කරකැවීම නොවීමයි එතන තියෙන්නේ. අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව නොවීම. එතකොට ශ්‍රද්ධාව පැත්තෙන් අභිජ්ඣා නොවීම කියන එක ශ්‍රද්ධාව නිසා ලෝභ නොවීම. එහෙම නම් area 1 එකේ belt එක කරකැවීම කරන්නේ නෑ කියන එක. මේ විදිහට අපිට පේනවා තණ්හා පපඤ්චයො ද දිට්ඨි පපඤ්චයො ද බැස යනවා කියලා.
ඉතින් දැන් සති ඉන්ද්‍රිය මගින් අව්‍යාපාද විතක්කය කියන එක උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීමෙන් ද්වේෂය බැස යනවා, සති ඉන්ද්‍රිය මගින්, ලෝභ, දෝෂ, මෝහ යන තුන් ධර්මය මගින් ම ආශ්‍රවයන් ඇති වෙන බව පෙන්වා දෙනවා. තව ද ඇති වූ ආශ්‍රවයන් මගින් එක ධර්මයක උපකාරයෙන්, අනෙක පවතින බව ද පෙන්වා දෙනවා. එනම් මෝහය මගින් ලෝභය ද, ලෝභය මගින් ද්වේෂය ද, සහ මෝහය ද යන, අනෙක් අතට මෝහය නිසා ද්වේෂය ද, ද්වේෂය නිසා ලෝභය සහ මෝහය ද ඇති වෙන බව පෙන්වා දෙනවා.
දැන් අපි පෙන්නුවා, දකුණු පැත්තේ, ඒ ධර්මයන්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් අනභිජ්ඣාව. ඒ යන ධර්මයන් සති ඉන්ද්‍රිය මගින් තමයි පෝෂණය කරනු ලබන්නේ. ඉතින් මේ වන විට මනස හරි විශාලයි. මෙහි දී නාමකායේ පටිඝසම්‌ඵස්‌සයත්, රූපකායේ අධිවචන සම්‌ඵස්‌සයත් යන දෙක ම නැති බව වැටහුණා.
ඉතින් අපිට පේනවා එහෙම නම්, නාමරූප සිට පරාමාසයට යන එක නාමකායේ පටිඝසම්‌ඵස්‌සය, ඊළඟට අපිට පේනවා අර ජාතිය ඉඳන් වේදනාවට එනකොට රූපකායේ අධිවචන සම්‌ඵස්‌සය. ඒ නාමරූප point එකේ නොසැලී ඉන්න පුළුවන්.
මෙතෙන්දි අපිට පේනවා, සෝක පරිද්දවානං සමතික්‌කමාය, දුක්ඛ දොමනස්සානං අත්ථඞ්ගමාය යන දෙක ම තියෙනවා කියලා.
ඒක තමයි මං කරපු භාවනාව.