Date: 15/10/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මේක මේ රුවන්වැලි සෑය අසල කළ භාවනාවක්. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වීම කියන එක සිහි කළා. අවිද්‍යාව මගින් උල්පත විවෘත කර දෙන්නේ, වේදනා මගින් එම ධර්මයන් පැවැත්වීම සුදුසු යැයි පෙන්නා දෙන නිසා ය. සඤ්ඤාවේ යම්කිසි අගයක් වේ ද, එය නාමරූප point එකේදි, වේදනා අගය සමඟ මිශ්‍ර වෙනවා. මෙම වේදනා අගය, ජරාවට පත් වූ අගයක් වෙනවා. එමගින් සඤ්ඤාවේ ඇති අගය දුර්වල වුවත්, සඤ්ඤාව මගින් චේතනා වීම වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවේ. චේතනා වීම කියන එක සිදු වෙනවා.

මෙසේ කම්ම පටිසරණා අවස්ථාවේ දී කම්ම ඇති වීම කියන එක වටහා ගන්න පුළුවන්. සෝකයට පැමිණි පසු තුන් ධර්මයක් තුළ ම, වැඩකට ගත නොහැකි තරමට දුර්වල වූ සඤ්ඤා අගය පවතිනවා. කුමන තුන් ධර්මයක් ද? කම්ම පටිසරණා, කම්ම යෝනි, කම්ම දායාදා කියන ඒවා.

එතකොට අපි දන්නවා, කම්ම පටිසරණා කියන එක අර නාමරූප කියන තැනට. කම්ම යෝනි, ඉදංසච්චය කියන තැනට. කම්ම දායාදා සෝකය කියන තැනට. කුමක් නිසා දුර්වල වූ සඤ්ඤා අගයෝ යැයි පවසන්නේ ද? කම්ම පටිසරණා. ඉස්සෙල්ලා සාකච්ඡා කළ ආකාරයට ම වේදනා, ජරා කියන එක එකතු වීම. ඊළඟට, දෙවනුවට, කම්ම යෝනි කිව්වහම, ඉදංසච්චයේ තුළ ඇති මුසාවෝ එකතු වීම මගින්. තුන් වෙනියට කම්ම දායාදා කිව්වහම, පරිදේවයට අනතුරුව වන සෝක අගය එකතු වීම මගින්.

එතකොට, කම්ම දායාදා point එකේ ඉඳන් විඤ්ඤාණය දෙස බලන්නේ, තමා අවට සිටින්නේ, වේදනා ජරා, ඒ කියන්නේ කම්ම පටිසරණා. ඊළඟට මුසා, කම්ම යෝනි සහ සෝකය කම්ම දායාදා බව දන්නේ, විඤ්ඤාණය නොසෙල්වී කිසිවක් කරගත නොහැකි පුද්ගලයකු සේ අසරණ වන්නේ කෙසේ ද, එසේ නොසෙල්වී සිටී. එසේ නම් කුමක් නිසා සඤ්ඤාව මගින් පෙර චේතනා වූයේ ද? සුභය ම යි පැවසිය යුතු ය.

යම් රූපයක් දුටු විගසින්, යම් ආලම්බන ස්වභාවයක් වූවා ද, මෙම අගය වේදනාව මගින් මට නම් එසේ නැති යැයි එම රූපයේ ම ස්පර්ශයෙන් පැවසුවත්, සුභය මගින් ඇති වන්නා වූ වශී කරන ස්වභාවය වේදනා අගය ඉක්මවා පැමිණෙනවා. එම නිසායි.

සඤ්ඤාව නිවැරදි කරගන්නවා නම්, සියලු සංස්කාර සමථයෙන්, අනතුරුව සඤ්ඤාව නවතා දමන්න කියන එක කරන්න පුළුවන්.

සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා කියන එක.

ඉතින් මේකෙදි අපිට පේනවා, ඒ නන්දි අගය වේදනා ඉක්ම වී පැමිණීම 6.4, සහ සුභය මගින් ඇති කරන වශී කරන ස්වභාවය වේදනා අගය ඉක්මවා පැමිණීම යන කාරණා දෙක, එක ස්වභාවයයි කියලා වැටහෙනවා. ඒක ඕගොල්ලො දන්නවා, ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රය කරනකොට අපි 1a, 1b, 1c කියලා එහෙම බලලා තියෙන්නේ, 2a, 2b, 2c. අන්න ඒ අර්ථයෙන් මෙතන සඤ්ඤාව ඉඳන් චේතනාව, නාමරූප, මේ පැත්තෙන් ජාති. කෙනෙකුට එනවා සඤ්ඤා, නාමරූප, පරිදේවය, ඊළඟට මෝහය. අර උඩ, ඒ කියන්නේ අපි, පරිදේව, සෝක, දොමනස්ස කියන එකට ඒ ධර්මයයි, ඊළඟට සඤ්ඤා, චේතනා ඒවා සමාන්තරයි කියලා තමන්ට පේනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-03.jpg