Date: 24/10/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම සත්තො ගුහායං ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, රාගය සිහි කළා. එතකොට 6.2 නිත්‍ය. අපි දන්නවා අර රූප රාග curve එකේ, 6.2, 6.4, 7.1. එතකොට, 6.2 නිත්‍ය නම් area 6. එහෙම නම්, අපි අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව කියන එකට යනවා. එහෙම නම්, ජාතිය. එසේ නම්, ජාතියට බිය විය යුතුයි. එනමුදු, 6.4, වන විට රූප රාග curve එකේ peak එක. එසේ නම්, area 1 වල, සුඛ වේදනාව, area 1 ඉඳන් area 6. එහෙම නම්, අපි මරණයට බිය විය යුතුයි. සත්‍ය වශයෙන් ම curve එකේ මිය යන පැත්තේ 7.1 කියන එක තියෙනවා.

එතකොට 6.4 නාමරූප point එකේදි වේදනාවේ ජරා අගය, සඤ්ඤා අගය සමඟ මිශ්‍ර වෙනවා. සඤ්ඤාව “හොඳ” යැයි පැවසුවත්, වේදනාව “මට මේක හොඳ නැති” යැයි පවසන නමුත්, චේතනා වීම කියන එක සිදු වෙනවා.

එතකොට දැන් අපි දන්නවා ඔය කම්ම පටිසරණා point එක තමයි ඔය පෙන්නුවේ නාමරූප, ඒකෙන් ඉතින්, අපි දන්නවා, අර π අකුරේ ධර්මය. මනෝමය කායෙන් ඉන්න පුද්ගලයාත්, π අකුරෙන් හෝ ගමන් කරලා, ඉදංසච්චගත වෙනවා.

එතකොට අපි 10/10/2018 නිබ්බාන භාවනාව, අධිශීල ශික්ෂාව, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, සමථ නිමිත්ත කියන diamond එක අපි බැලුවා නේ. කම්ම point හතරක් තියෙනවා නේ. කම්ම පටිසරණා කියන එක අර නාමරූප point එක ළඟ. කම්ම යෝනි කියන එක ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තියෙන තැන. කම්ම දායාදය කියන එක සෝකය තියෙන තැන. කම්ම බන්ධු කියන එක ගිද්ධිලෝභය කියන තැන.

එතකොට, අර කාරණා හතර, අධිශීල ශික්ෂා, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, සමථ නිමිත්ත, ඔය කීව diamond එක උඩින් මේකත් තියන්න පුළුවන්. එතනින් තිබ්බොත්, එතකොට අපිට පේනවා, නාමරූප තියෙන තැන අධිශීල ශික්ෂාව. එතන කම්ම පටිසරණා. පග්ගහ නිමිත්ත තියෙන තැන එතන ඉදංසච්චයේ කම්ම යෝනි. ඊළඟට අව්‍යාපාද විතක්කය තියෙන තැන කම්ම දායාදය. එතන සෝකය. සමථ නිමිත්ත තියෙන තැන ගිද්ධිලෝභය, කම්ම බන්ධු.

එතකොට, මේක මේ විදිහට කරපු විගසින් ම, මනස විශාල වෙලා උඩට ඇදෙනවා කියලා පේනවා.

ඉතින්, අධිශීල ශික්ෂාව කාරණා මෙනෙහි කළා. අධිශීල ශික්ෂාවෙන් ශ්‍රද්ධා සහ සති කරුණු දෙක ම සිහි කළා, පළවෙනි එක, ශ්‍රද්ධාව ඇත්තේ නම් කරුණාව ඇත. එසේ නම් පාණාතිපාතය නොකරයි. දස කුසලය පවත්වයි. මෙසේ අධිශීල ශික්ෂාව කියන එක පවත්වයි. ඊළඟට අධිශීල ශික්ෂාවේ පාණාතිපාතය ඉවත් කිරීම අදෝෂ කුසල මූලය නිසා සිදු වෙනවා. සති ඉන්ද්‍රිය මගින් පාණාතිපාතය නිසා ද්වේෂය, ද්වේෂය නිසා පාණාතිපාතය යන ධර්මය සිහිපත් කරන්නේ, අධිශීල ශික්ෂාවේ මනා කොට පිහිටනවා. මෙය උපෙක්ඛා නිමිත්තට උදව් උපකාර කරනවා. පාණාතිපාතය වන්නේ නම්, මරණය සිදු වෙනවා. දැන් පරිදේවය හරහා, ඒ කියන්නේ කාමරාග අනුසය පාර, ඒකෙන් නාමරූප point එකට පැමිණීම කියන එක විමසුවා. දෝමනස්ස වූවා නම්, ඒ කියන්නේ, “වේදනාව මට හරි නැත” කියලා පැවසීම. එහෙම වුණා නම්, ද්වේෂය කරා ගමන් කරනවා. මෙන්න මේක සති ඉන්ද්‍රිය මගින් වළකනවා. එතකොට, කම්ම පටිසරණා point එක ඒ විදිහට බලන්න ඕනෑ.

ඊළඟට, පග්ගහ නිමිත්ත ඉදංසච්චය ගලවනවා. පග්ගහ නිමිත්ත තුළ චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම ඇති අතර, ඉහළ ම සතිපට්ඨානය ද එහි අන්තර්ගත වෙනවා. ඉහළ ම වූ පටිච්චසමුප්පාදය ද එහි අන්තර්ගත වෙනවා. සති ඉන්ද්‍රිය මගින්, මෙම දෙයාකාර වූ ඉහළ ම වූ ධර්මයන්, පුනපුනා පවත්වන්නේ, පග්ගහ නිමිත්තේ බැස ගැනීම මනා කොට සිදු වෙයි. මෙතෙන්දි සිත නතර වෙනවා. සිතන්න බැරි තත්වයකට පත් වෙනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

මේ ස්ථානයට “කෝනාගම” බුදුහාමුදුරුවෝ වැඩලා තියෙනවා. මෙතන අපි දන් දීලත් තියෙනවා. රහතන් වහන්සේයි මමයි දෙන්නම දන් දීලා තියෙනවා, ඔය එහා පැත්තේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_kamma.jpg