ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම 24/10/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට අද බැලුවේ අව්‍යාපාද විතක්කය. ඕගොල්ලන්ට මතක ඇති අපි 24 වෙනිදා භාවනාවේ බැලුවේ, ඔය නාමරූප තියෙන තැන, අධිශීල ශික්ෂාව. එතන කම්ම පටිසරණා කියන එක. ඊළඟට පග්ගහ නිමිත්ත තියෙන තැන, ඉදංසච්චය කම්ම යෝනි. ඊළඟට අව්‍යාපාද විතක්කය තියෙන තැන කම්ම දායාදය. එතන සෝකය කියන එක තියෙනවා. සමථ නිමිත්ත තියෙන තැන ගිද්ධිලෝභය එතන කම්ම බන්ධු කියන එක. එතකොට අව්‍යාපාද විතක්කයෙන් කම්ම දායාදය නැති වීම කියන එක.
දැන් අපිට පේනවා ශ්‍රද්ධාව තියෙනවා නම් අපි අභිජ්ඣා වෙන්නේ නෑ. අභිජ්ඣා වෙන්නේ නැති නම්, දෝමනස්ස නොවේ. ඒ නිසා ව්‍යාපාද නොවේ. එසේ නම් ව්‍යාපාද විතක්කය කියන එක මඟ හරිනවා. මෙයට ශ්‍රද්ධාව තුළ ඇත්තා වූ ව්‍යාපාදය පහ කරන ගුණය එකතු වෙනවා නම්, ඒ කියන්නේ සම්මා දිට්ඨි, අව්‍යාපාද, අනභිජ්ඣා. ඉතින් ඒක අපිට පුළුවන් ලකුණු කරගන්න, අපි හිතමු වම් පැත්ත අපි ගන්නවා, ශ්‍රද්ධාව එතනින් පල්ලෙහාට අභිජ්ඣා නොවීම දෝමනස්ස නොවීම කියන එක එනවා, ඊළඟට දකුණු පැත්තෙන් අපිට හිතන්න පුළුවන්, ලකුණු කරගන්න පුළුවන්, සම්මා දිට්ඨි එතනින් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් අනභිජ්ඣා කියන එකට.
එතකොට ඒ අව්‍යාපාදයෙන් අනභිජ්ඣා කියන එක ඇති වෙන්නේ, ප්‍රඥාව නිසා. අන්න එතන ඒ කෑල්ලේ තියෙන්නේ මොකක් ද, ඔය ජරා, වේදනා, අසම්පජාන කියන රේඛාව කැරකැවීම කරන්නේ නෑ. අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රවයට එන්නේ නෑ කියන එක. අර අව්‍යාපාදයෙන් අනභිජ්ඣා කියන කතාව. එතකොට වම් පැත්තේ අපිට පේනවා, ශ්‍රද්ධාවෙන් අභිජ්ඣා නොවීම කියන එක, ශ්‍රද්ධාව නිසා ලෝභ නොවීම. ඒ කියන්නේ area 1 වල, belt එක කැරකැවීම කරන්නේ නෑ.
මේ විදිහට මේ තණ්හා පපඤ්චයෝ දිට්ඨි පපඤ්චයෝයි බැහැලා යනවා. අන්න ඒ විදිහට මේ දෝමනස්සයට නොවීම කියන එක පේනවා. එතකොට, සති ඉන්ද්‍රිය මගින්, අව්‍යාපාද විතක්කය ඇති වීම තියෙනවා. ඒකේ පෙන්නනවා උපෙක්ඛා නිමිත්ත මනා කොට එළඹ වෙයි. ද්වේෂය බැස යයි. සති ඉන්ද්‍රිය මගින්, ලෝභ, දෝෂ, මෝහ යන තුන් ධර්මයන් මගින් ම, ආශ්‍රවයන් ඇති වෙන බව පෙන්වා දෙනවා. තව ද, ඇති වූ ආශ්‍රවයන් මගින් එක ධර්මයක උපකාරයෙන් අනෙක පවතින බව ද පෙන්වා දෙනවා. එනම් මෝහය මගින් ලෝභය ද, ලෝභය මගින් ද්වේෂය සහ මෝහය ද, අනෙක් අතට මෝහය නිසා ද්වේෂය ද, ද්වේෂය නිසා ලෝභය සහ මෝහය ද ඇති වෙන බව පෙන්වා දෙනවා.
එතකොට ඉහත දකුණු පැත්තේ ධර්මය, ඒ කියන්නේ සම්මා දිට්ඨි, අව්‍යාපාදය අනභිජ්ඣා, ඒ ධර්මයන් සති ඉන්ද්‍රිය මගින් පෝෂණය කරනු ලබනවා.
ඉතින් මේ මොහොත වෙනකොට මනස හරි විශාලයි. අර නාමකායේ පටිඝසම්‌ඵස්‌සයත්, රූප කායේ අධිවචන සම්‌ඵස්‌සයත් දෙක ම නැති බව වැටහෙනවා.
ඒ 09/08/2016 භාවනාවෙදි අපි සාකච්ඡා කරලා තියෙනවා, මේ ද්වේෂය ඇත්තේ, දුක වේදනාවට ප්‍රතිචාර දක්වනවා. චේතනා කරනවා කියලා. මෙසේ අත්ත සඤ්ඤා නිපදවනවා. එමගින් භව ආශ්‍රව ඇති වේ කියලා. අන්න ඒ කෑල්ල වැදගත්. ඒ කියන්නේ කම්ම පටිසරණයට නැවත නොයා යුතුයි කියන එක කල්පනා කරන්න ඕනෑ.
එතකොට ඊළඟට සමථ නිමිත්ත. කම්ම බන්ධු නැති කිරීම. ශ්‍රද්ධාව ඇත්තේ නම් සම්මා දිට්ඨිය ඇත. එසේ නම අරි අට මඟ අත්නොහරී. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. අලෝභ, අදෝෂ, අමෝහ පාරවල යනවා. ඒකෙන් සමථ නිමිත්ත පවත්වනවා.
ඒ කම්ම දායාදයේ දී තමන් ජරා වෙලා ඇති බව දන්නේ නම්, කුමකට ජරාව, ඥාතීන් හැටියට ගත යුතු ද කියලා විමසන්න ඕනෑ. එතකොට ඒක තමයි මේ භාවනාව.
ඉතින් මේක කළහම අපිට පේනවා මේ ගැටයක්. ඒ ගැටය පටන් ගන්නේ ඔය මෝහය කියන තැනින් පටන් ගත්තොත්, එතැනින් පරිදේවය, එතනින් එනවා නාමරූපෙට, නාමරූපයෙන් චේතනාව, චේතනාවෙන් ඉදංසච්චය, ඉදංසච්චයෙන් මෝහයට එනවා. එතකොට trapezium වගේ එතන එකක් හැදෙනවා. ආපහු අපිට පේනවා ඉදංසච්චයෙන් පරිදේවය භය අගති සෝකය දක්වා ඒ විදිහට arrow එක ඒ කීව පථය දිගේ යන්න පුළුවන්. මේ ගැට ගැසීම මේ විදිහට සිද්ධ වෙනවා. මේක මේ අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියන එක වීමට තුඩු දෙනවා කියන එක පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්